බුද්ධාගම විෂය ඇති දවසට පන් සිල් පද පහත් එහි තේරුමත් පිළිවෙළට කට පාඩම් කර ගුරුවරයා ඉදිරියේදී කීමට නොහැකි බව පවසා පිරිවෙනට නොයන 16 හැවිරිදි පිරිවෙන් ශිෂ්‍යයකු පිළිබඳ පුවතක් ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ පිරිවෙනකින් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ දුෂ්කරතා ඇති ගමක 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් මව්පියන් සමග නිවසේ පදිංචිව සිටියි. මෙම ශිෂ්‍යයා ලබන අවුරුද්දේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියත් පාසල් අධ්‍යාපන කටයුතු දුර්වල යැයි පවසා මව්පියෝ අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් ඉවත් කර ප්‍රදේශයේ පිරිවෙන් විද්‍යායතනයකට මීට මාස 08කට පමණ ඉහතදී ඇතුළත් කර තිබේ.
පිරිවෙනට ඇතුළත් කරන ලද ශිෂ්‍යයා මුල් කාලයේ නොකඩවා පිරිවෙනට පැමිණ ඇති අතර ගුරුවරුන්ගේ හිත දිනාගෙන අධ්‍යාපනයට වඩා බාහිර වැඩ කටයුතුවල නිරතව සිට තිබේ.
පිරිවෙනෙහි බුද්ධාගම විෂය භාරව කටයුතු කරන්නේ හිමි නමකි.
මෙම හිමි නම මාසයක පමණ කාලයක සිට 11 ශ්‍රේණියේ ඉෙගනුම ලබන ගිහි පැවිදි දෙපාර්ශවයටම විවිධ ගාථා කට පාඩම් කර එහි තේරුම සහිතව ඉදිරිපත් කිරීමට දන්වා තිබේ. අලුත ඇතුළත් වූ ශිෂ්‍යයාට හිමි නම කියා ඇත්තේ පන් සිල් පද පහ කට පාඩම් කර එහි තේරුම ඉදිරිපත් කිරීමටය.
11 ශ්‍රේණියට බුද්ධාගම විෂය ඇත්තේ සතියකට දින තුනකි. බුද්ධාගම විෂය ඇති දින තුනට 16 හැවිරිදි ශිෂ්‍යයා පිරිවෙනට පැමිණෙන්නේ නැති බව වටහා ගෙන ඇති හිමි නම බුද්ධාගම විෂය ඇති දවසට නොපැමිණීම සම්බන්ධයෙන් ශිෂ්‍යයාගෙන් ඒ පිළිබඳ දිනක් පරිවේනාධිපති කාර්යාලයේ දී පරිවේනාධිපති හිමි ඉදිරියේදී විමසීය. එහිදී ශිෂ්‍යයා අතක ඇඟිල්ලක් කටේ ගහගෙන හතරට ඇඹරී ඇඹරී බිම බලා ගෙන කිසිවක් ප්‍රකාශ කර නොමැත.
පසුව බුද්ධාගම විෂය බාර හිමි නම ශිෂ්‍යයාට කියා ඇත්තේ පන් සිල් පද පහ සහ එහි තේරුම පිළිවෙළින් කියන ලෙසය. එහිදී ශිෂ්‍යයා පළමු හා දෙවැනි සිල් පද අනු පිළිවෙලට කියා තෙවැනි සිල් පදය සිව් වැනි වරටත් සිව් වැනි සිල් පදය තෙවැනි වරටත් පටලවා කියා තිබේ. පස් වැනි සිල් පදය හරියට කියා ඇති බවත් වාර්තා වෙයි. පන් සිල් පද පහේ තේරුම ද වරද්ද වරද්ද කියා තිබේ.
පසුව බුද්ධාගම විෂය භාර හිමි නම ශිෂ්‍යයාගේ මව්පියන් දෙදෙනා මීට දින කිහිපයකට ඉහතදී පිරිවෙනට කැඳවා දරුවා පිරිවෙනට දිනපතා නොපැමිණීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙස පවසා තිබේ. එහිදී මව කියා ඇත්තේ දිනපතා පිරිවෙන් යන බව පවසා නිවසින් පිටව ආ බවය.
පසුව ශිෂ්‍යයා පරිවේනාධිපති බුද්ධාගම විෂය භාර හිමි නම හා මව්පියන් ඉදිරියේදී කියා ඇත්තේ තමන්ට පිළිවෙළින් පන් සිල් පද පහ සහ එහි තේරුම කිව නොහැකි බවය. බුද්ධාගම විෂය තිබෙන දවසට මිතුරකුගේ නිවසට ගොස් පිරිවෙන ඇරෙන වේලාව බලා යළි නිවසට ගිය බවය.
එහිදී පරිවේනාධිපති හිමියන් මව්පියන්ට කියා ඇත්තේ ලබන අවුරුද්දේ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින දරුවකු බවත් පන් සිල් පද පහවත් බැරිව කොහොමද ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නේ යැයි ශිෂ්‍යයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මව්පියන්ට පැවසීය.
දරුවන් පාසල් යනවා වගේම ඔවුන් පාසල් යනවා ද නැද්ද ඉගනුම ලබනවා ද නැද්ද මසකට වරක් පැමිණ ගුරුවරුන් ගෙන් ඒ ගැන විමසා සිටින ලෙසත් පවසා තිබේ.
ගුරුවරුන්ට පමණක් දරුවන්ගේ විභාග සමත් කළ නොහැකි බවත් මව්පියන් ද ඒ ගැන සොයා බලන ලෙස දැඩි ලෙස අවවාද දී තිබේ. පසුව ශිෂ්‍යයාගේ මව්පියන් හිමිවරුන් ඉදිරියේ කිසිවක් නොකියා පිරිවෙනෙන් බැස ගොස් ඇති බවත් වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවා පන්සිල්වලට බියවී පිරිවෙනෙන් කැලේ පැනලා