IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සිසු වියදමෙන් බඩ පුරවාගන්න ගිය දිසාපාමොක්ට හුළං

සිසු වියදමෙන් ගෙදර අයගේත් රෑ බඩ කට පුරවන්න ගොස් කොළේ ඉරාගත් දිසාපාමොක් කෙනෙක් පිළිබඳව අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
මේ විදුහලේ කොල්ලෝ ක්‍රීඩාවකින් ලංකාවෙන්ම කප් ගැසුවෝය. මේ ජයෙන් කොල්ලෝ විතරක් නොව ඔවුනගේ මවුපියන්ටත් සතුටුය. මේ සතුට සැමරීමට කොල්ලෝත් ඔවුනගේ මවුපියෝත් කොල්ලන්ට ක්‍රීඩාව දික්විජය කරන්නට ඇපකැපවූ පුහුණුකරුවන් වෙනුවෙන් කෑම වේලක් දෙන්න කතා කරගත්හ.
මේ රෑ කෑම වේල දෙන්න සූදානම් කෙරුණේ නගරයේ සුපිරි හෝටලයකය. ක්‍රීඩාවෙන් ජයගන්නට තමන්ට මෙලෝදෙයක් නොකළ විදුහලේ ක්‍රීඩා ගුරුවරයාට ද ඒ සඳහා ආරාධනා නොලැබුණි නම් කොල්ලන්ට එන ප්‍රශ්නවලින් මිදීමට නොහැකිය.
මේ හෝටලයේ රෑ කෑම එදා සූදානම්ව තිබිණි. ක්‍රීඩා ගුරුවරයා පැමිණියේය. ඒ එක්කම ඔහු විශේෂ කෑම තුනක්ම එම හෝටලයෙන් ඇණ්වුම් කළේය. ගුරුවරයා මේ උත්සවයෙන් දනිපනිගා කෑම කා තමා ඇණවුම් කළ කෑම පැකට් තුන ගැනීමට හෝටලයේ කළමනාකරුගේ නිල කාමරයට ගියේය.


‘‘මහත්තයා මම ඇණවුම්  කළ කෑම පැකට් තුන සූදානම්ද ’’යි ඇසුවේය.
‘‘හරි සර් මෙන්න කෑම පැකට් ටික’’ යයි කියමින් කළමනාකරු කෑම පැකට් සඳහා මුදල් ගෙවන ලෙස ඉල්ලීය. 
තමා ගත්ත කෑම පැකට් තුනේ බිලත් ළමයින්ගේ බිලට එක්කරන්නැයි ගුරුවරයා කීවේය.
‘‘අනේ සොරි සර් ළමයි මේ පාටියේ බිල් ක්ලෝස් කරලා තියෙන්නේ ඒ නිසා මුදල් ගෙවල තමයි කෑම පාර්සල් දෙන්න පුලු‍වන් වෙන්නේ’’ යයි කළමනාකරු කී විට ගුරුවරයාට හීන් දහඩිය දැම්මේය. තමා ඇණවුම් කළ කෑම පැකට් තුන සඳහා ගෙවීමට මුදල් ගුරුවරයාගේ පසුම්බියේ නොවීය.
අවසානයේදී නිවසට දුරකතන ඇමතුමක් දී සිය ලොකු පුතාට කියා නිවසින් මුදල් ගෙන්වා ගත්තේ පිනට කන්න ගොස් වැඩේ පත්තු වී ගුරුවරයා විශාල අමාරුවක වැටෙමිනි.

 

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

සිසු වියදමෙන් බඩ පුරවාගන්න ගිය දිසාපාමොක්ට හුළං

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 481 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 598 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1063 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 894 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2348 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 819 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 314 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 251 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site