පසුගියදා පැවති ඡන්ද විමසීමේ දී තම තැපැල් ඡන්ද පමණක් නොව කාර්යාලයේ හිතවතුන් කිහිප දෙනකුගේ තැපැල් ඡන්දද තම ඥාති සහෝදරයාට ලබා දුන් බව පවසමින් අපේක්ෂකයාගේ නිවසට පැමිණ ප්‍රයිඩ්රයිස් දෙකක්ද ගෙන්වාගෙන අනුභව කර ආපසු ගිය තම ඥති සහෝදරයා හා බිරිය පවා තැපැල් ඡන්ද දී නැති බව අපේක්ෂකයාට සැක හැර හෙළි වීමෙන් පසු ඥාතීත්වය පවා වළ පල්ලට ගිය අපූරු පුවතක් දකුණේ ඡන්ද පොරයේදි වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු විකල්ප පක්ෂයකින් මෙවර පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි. එමෙන්ම ප්‍රදේශයේ ධනවත් පවුලක් වුවද එතරම් උගත්කමක් නොමැති අයෙකි. ඔහු නාම යෝජනා දුන් දිනයේ සිටම අත දිග හැර වියදම් කළ නිසා ගමේ කොලු කුරුට්ටන් දිවා රෑ ඔහුගේ සෙවනැල්ල මෙන් සිටියේ ආහාරපානාදියෙන් සංග්‍රහ ලැබෙන බැවින් හා ඇඟ රත් වෙන්නට අරක්කු නැතිනම් සුදුවා වඩියක් හෝ දිනපතා ලැබෙන බැවිනි.
තැපැල් ඡන්දය ලකුණු කළ දින රාත්‍රී රාජ්‍ය සේවයේ උසස් තනතුරුවල යෙදෙන තම මවගේ සහෝදරියගේ පුතා හා බිරිඳ සිය නිවසට පැමිණ මහත් උජාරුවෙන් පැවසුවේ ඔහුට තම තැපැල් ඡන්දය පමණක් නොව තම හිතවතුන් කිහිපදෙනකුද ඔවුන්ගේ ඉල්ලීම මත ඡන්ද පාවිච්චි කළ බවයි.
වෙනත් පක්ෂයකට කලක සිට වැඩකළ මේ දෙදෙනා සහෝදරකම නිසා සිදුවූ මේ වෙනස ගැන මහත් සේ සතුටට පත්ව රාත්‍රී ආහාරය සඳහා නිවසේ කිසිවක් පිළියෙල කර නොතිබූ බැවින් ප්‍රයිඩ් රයිස් දෙකක්ද ගෙන්වා දුන් මෙම අපේක්ෂකයා සුහද කතාබහක ද යෙදී නිවසින් පිටව ගියේ මොන තරම් වෙනස් දේශපාලන අදහස් තිබුණත් සහෝදරකමට ඒ සියල්ල යට වන බව යටි සිතින් සිතමිනි.
කෙසේ වුවද ඡන්දය පැවැති දින තැපැල් ඡන්ද ගණින විට මෙම අපේක්ෂකයාට දෙවියන් සිහි විය. ඔහුට එකදු තැපැල් ඡන්දයක්වත් සටහන් වී නොතිබිණ.
මහත් සේ කෝපයටත් කලකිරීමටත් පත්වූ ඔහු එම අවස්ථාවේදීම ඡන්ද පොළේ සිටම තම ඥාතියාට ඇමතුමක් දී උඹලා තවත් අපේ ගෙදර නාවට කමක් නෑ. මට ඡන්දය නොදුන්නාට කමකුත් නෑ. බොරු කියල මගෙන් රයිස් දෙකකුත් ගිල දාලා ගියා. තොපිට ලැජ්ජාවක් නැද්ද? තොපි වගේ සහෝදරයන් මට වැඩක් නෑ. යි කියන විට ම ‘නෑ අයියේ අපි දුන්නා. යි පැවසුවේ හදිසියේ පාත්වුණා මේ හෙණ ගෙඩිය ගැන කිසිවක් නොදැනය.’ බොරු කියන්න එපා යකෝ, එක තැපැල් ඡන්දයක්වත් මට නෑයි’ කියා දුරකතනය විසන්ධි කළේ උඹලා සමග මගේ සහෝදරකම් ඉවරයි. යනුවෙන් ද පවසමිනි.
මෙම සිදුවීම මේ වන විට රහසක් ලෙස පැවතුණ ද පවුලේ ඥාතීන්ට රහසක් නොවීලු. පවුලේ සමහරුන් මොවුන්ට ඇමතුම් දී ප්‍රයිඩ් රයිස් එකක් දෙන්නම් මෙවර ඡන්දය දෙනවාදැයි විමසන විට දුරකතනය විසන්ධි කරනවාලු.
රජ්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
“නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ” යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහෝදරකමට ඡන්ද පොලු තියලා