IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



මල් ශාලාවේ තැන්පත් කර තිබූ මෘත දේහයට ගරු බුහුමන් දැක්වීමට ගිය අයකුට ජීවිතයේ කවදාවත්ම මුහුණදීමට සිදු නොවූ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.
හේ කන බොන අයෙකි. එදා මල් ශාලාවේ තැන්පත් කර තිබූ හිතවතකුගේ දේහයට ගරු බුහුමන් දැක්වීමට ගියේ රෑ හතට පමණය. එතනදී කට්ටිය සෙට්වුණේ අඩියක් පුඩියක් ගැසීමටය. ඒ සඳහා ඔවුහු අල්ලපු නිවසකට ගියහ. ඔහුද මේ සඳහා දායක වූවේය. කට්ටිය දෙකක් දාගන්නා විට ඔහු හතරක් දාගෙන අවසන්ය. දැන් ඔහුට වැඩිය. අවසානයේදී තීරණය වූයේ මෘත දේහය තැන්පත් කළ මල් ශාලාවට යාමටය.
ඔහු දේහය ළඟය. පුටුවක වාඩිවී සිටියේ සොටු සූරා හඬා වැලපෙමිනි. රෑ නවය දහය වන විට ඔහු දේහය ආසන්නයේ බිම නිදිය. ඒ හොඳ සිහියෙන් නම් නොවේ. හොඳටම නින්දේය. ගොරව ගොරවා නිදිය. මල් ශාලාව වැසීමට දැන් කාලය හරිය. ඔහුව කූද්දලා නිවසට ඇරලවන්න උත්සාහ කළත් එය නිශ්ඵල වූයේ ගඟට කැපූ ඉනි මෙන්ය. මල් ශාලාවේ සේවකයෝ ද ඔහු කුදලන්න උත්සාහ කළහ. ඔහුව නැගිටවන්න කිසිවකුටත් බැරි විය. ඔහු එළියට ඇද දමා යාමට ද නොහැකිය.


ඔහුගේ මිතුරන් කීවේ ඔහුට වැඩිවූ විට ඇහැරවීමට ශක්‍රයාටවත් බැරි බවය. ඔහු ආයෙමත් නැගිටින්නේ උදේට බවද සමහරු කීහ. ඒ නිසා අවසානයේදී තීරණය වූයේ ඔහුව නිදාගෙන ඉන්නා තැනම නිදාගෙන ඉඳීමට ඉඩ දී මල් ශාලාව වසා දමා යාමටය. ඒ අනුව මල් ශාලාව වසා දැමිණ. ඔහු දැන් මල් ශාලාව තුළ දේහය අසලය.
අඩි පුඩියේ තරම නිසාම ඔහුට ඇහැරුණේ මූත්‍ර බරටය. ඇහැරුණු ගමන් දැක්කේ මළ මිනියය. ඔහු සිතුවේ මෙය හීනයක් බවය. දෑස් පිහදා බැලු‍වේය. ඔහුට දෙවියන් බුදුන් සිහි විය. මිනී පෙට්ටියේ සිටි කෙනා එයින් නැගිට තමා දිහා බලා සිටින බවට මනසට පෙනුණේය. මහ හයියෙන් හිනා වන හඬ ද ඇසුණේය. හැදුණු මූත්‍ර බර කලිසමේම පහව ගියේය. මල් ශාලාවේ දොර ද වසා තිබුණේය. හොඳ වෙලාවට යතුර දොරේය. රෑ කණ පැලෙන්න බිව් ඔහුගේ වෙරි හිඳී ගියේය. මල් ශාලාවේ දොර ඇරගත් ඔහු නිවස බලා දුව ගොස් ඇත්තේ ඉතිපිසෝ ගාථාව මහ හයියෙන් කියමින්ලු‍.



අදහස් (0)

සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

ළමයින්ගේ කට වහන්න ගිහින් ටීචර්ගේ කට වැහිලා
2025 පෙබරවාරි මස 28 459 0

මේ පුවත වාර්තා වෙන්නේ කඳුකර ප්‍රදේශයේ ප්‍රාථමික දරුවන් ඉගෙන ගන්නා කුඩා පාසලකින්ය. මේ පාසලේ ඉගෙන ගන්නා සියලු‍ම දරුවන්ට ආහාර වේලක් ලබා දෙන අතර එය ලබා දෙ


ඔළුව උදුම්මාගන්න ගිහින් නෝන්ඩි වෙලා
2025 පෙබරවාරි මස 27 681 0

සාමාන්‍ය උසස් වීමක් ලබා වෙනත් ආයතනයක සේවයට වාර්තා කළ රජයේ සේවකයකු අදාළ තනතුරින් හිස උදුම්මාගෙන විධායක නිලධාරීන් හා සමව කටයුතු කරන්නට ගොස් එම ආයතනයේම


සූර්පිට මිනියත් එක්ක එළිවෙනකම් බුදියගෙන
2025 පෙබරවාරි මස 26 743 0

මල් ශාලාවේ තැන්පත් කර තිබූ මෘත දේහයට ගරු බුහුමන් දැක්වීමට ගිය අයකුට ජීවිතයේ කවදාවත්ම මුහුණදීමට සිදු නොවූ කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.


ඇඳුම මාරු වී රෙදි ගැලවිලා
2025 පෙබරවාරි මස 25 1022 1

කලබලය හා වෙරිමත නිසා තම ඇඳුම මාරුවී සභාවක් ඉදිරියේ ලජ්ජාවට පත් වූ පුද්ගලයකු පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


ගණදෙවි නුවණින් දවල් තරු පෙනිලා
2025 පෙබරවාරි මස 24 959 0

හොරාගේ ගණ දෙවි නුවණින් ගෙහිමි කතට දවල් තරු පෙණුනු කතාවක් දකුණේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.


රාජකාරිය ලොක්කාට අහු වී තරු පෙනිලා
2025 පෙබරවාරි මස 21 1543 3

කාර්යාලයේ රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදි ක්ෂේත්‍ර රාජකාරියකට යන බව පවසා බැහැරව ගොස් තම බිරිඳගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කරනු ලබන ද්‍රව්‍ය වෙළෙඳ සල


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 45 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 344 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 480 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site