IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හෝටලෙන් කාලා අමුතුම තාලයේ බිලකුත් ගෙවලා

පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර

මහනුවරට නුදුරු පිටිසර ගම්මානයක පිරිසක් අනුරාධපුර නගරයේ ඉහළ පෙළේ හෝටලයකින් දහවල් ආහාරය හැඳි ගෑරුප්පුවලින් ලබා ගැනීමට ගොස් කෑම මේසයේ තිබූ පිඟන්, පීරිසි, වීදුරු පෙරළා කෑම මේසය යුද පිටියක් කළ පුවතක් වාර්තාවේ.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් තිහකට වැඩි දුරකින් පිහිටි ගම්මානයක පිරිසක් වන්දනාවේ ගොස් නගරයේ පූජනීය ස්ථාන වන්දනාමාන කර ගත්තේ දැඩි භක්තියෙනි. අවසානයේ ඔවුන් නගරයේ හෝටලයකට ගියේ දහවල් ආහාර ලබාගැනීමටය. 

හෝටලයට පැමිණි පිරිස ඉතා ආදරයෙන් පිළිගෙන ඔවුන් සියලු දෙනාට එක්ව ආහාර ගැනීමට හැකි වන ලෙස එක මේසයක් පිළියෙළ කරදීමට හෝටල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.

කෑම මේසයේ වාඩිවී සියලු දෙනා අත සේදීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ අතින් ආහාර ලබා ගැනීමේ අරමුණිනි. හෝටල් සේවකයා අතින් නොකා කැමැති නම් හැඳි ගෑරුප්පුවලින් කෑම කා හැකි බවට දැන්වීය.

ඒ අනුව හැඳි ගෑරුප්පු අතට ගත් පිරිස එකිනෙකා දෙස බලමින් ආහාර බෙදා ගැනීමට පටන් ගෙන ඇත්තේ හැඳි ගෑරුප්පුවලින් ආහාර ලබා ගැනීමේ නුහුරු බව පෙන්වමිනි.

ආහාර ගැනීමත් සමඟ මෙතෙක් නිහඬව තිබූ ශාලාව හැඳි ගෑරුප්පු හඬ නංවමින් හැඳි ගෑරුප්පු බිම වැටෙමින් වතුර වීදුරු සහ වෑංජන පීරිසි පිඟන් මේසය මත හා බිමට වැටී කැඩී බිඳී යාම නිසා මුළු ශාලාවම යුද පිටියක් බවට පත්විය.

සියලු දෙනා ආහාර ලබාගැනීමෙන් පසුව ආහාර ඇණවුම් කළ අයට ලබාගත් ආහාර සඳහා එක බිලකුත් බිඳ දමන ලද වීදුරු සහ පිඟන්වලට වෙනම බිලකුත් ලබා දී ඇත.

බිල් දෙකම ගෙවා දැමූ පිරිස හෝටලයෙන් පිටව ගියේ පොසොන් එකටත් අපි අනුරාධපුරේ එනවා යැයි පවසමිනි.

 



අදහස් (1)

හෝටලෙන් කාලා අමුතුම තාලයේ බිලකුත් ගෙවලා

anura Sunday, 07 May 2023 04:04 PM

යටත් විජිතයක් වෙච්චි රටක්... තිබුණා නම් එහෙම ගොඩේ ගොඩ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 387 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 413 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 637 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 647 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1091 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 915 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site