(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)
තරු පහේ හෝටල් තමාට නිවෙස මෙන් යයි සහෝදර සේවකයන්ට පෙන්වීමට ගිය අයකුට වූ අලි ඇබැද්දියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ආයතන සමූහයේ දෙදින නේවාසික වැඩමුළුවක් පැවැතියේ තරු පහේ හෝටලයකය. අග නගරයේය. ඔහු ද එම වැඩමුළුවට තෝරාගෙන සිටියේය. එය ඔහුට ඉහේ මලක් පිපුණාක් මෙන් විය. සිය නෑ හිතවතුන්ට ඔහු මේ බව දැන්වූයේ ඉමහත් සතුටෙනි.
වැඩමුළුව ආරම්භ කෙරිණ. ආරම්භක දිනයේ දවස පුරාම වැඩමුළුව පැවැතියේය. එනිසාම කිසිවකුටත් තමාට වෙන්කර තිබූ හෝටල් කාමරයට යාමට නොහැකි විය. වැඩමුළුව රාත්‍රී කාලය වන තෙක්ම පැවැතියේය. රාත්‍රී කෑමට පෙර ඇඟ රත්වෙන ඒවාද අඩුවක්ව නොතිබිණ. හේ කන පැලෙන තරමටම බිව්වේය. එමෙන්ම බඩ පැලෙන තරමටම කෑවේය.
තමාට වෙන් කෙරුණු හෝටල් කාමරය වෙත ඔහු යනවිට මධ්‍යම රාත්‍රිය ද ආසන්න වෙමින් තිබිණ. තමාට දුන් කාඩ්පත උපයෝගී කරගෙන හෝටල් කාමරයේ දොර විවෘත කර ගත්තේය. ඊළඟට කාමරයේ බිත්ති අත ගගා ඔහු බැලුවේ විදුලි පහන් දල්වන යතුරුය. කොතරම් බිත්ති අතගෑවත් ඒවා ඔහුට බිත්තිවල දක්නට නොලැබිණ.
කෙළින් සිටගෙනවත් ඉන්න බැරි තරම්ම අමාරුවෙන් සිටි ඔහු විදුලි පහන්වල යතුරු සොයා බිත්ති අත ගගා යනවිටදී ඇඳේ කකුලක ඔහුගේ කකුලක් පැටලී ඇඳ විට්ටමේ හිස වැදුණේය. හිස තුවාල වී ලේ ගලමින් තිබිණ.
ලජ්ජාව පසෙක දමා අල්ලපු කාමරයේ සිටින සහෝදර සේවකයකුගෙන් කාමරයේ විදුලි පහන් දන්වන යතුරු ගැන විමසුවේය. ඔහු පැමිණ දොර විවෘත කිරීමට දමා තිබූ කාඩ්පත ගෙන දොර ආසන්නයේ තිබූ ස්ථානයකට රිංගුවේය.
දෙයියෝ සාක්කි! එවිට මුළු කාමරයේම විදුලි පහන් මෙන්ම විදුලි පංකා ද ක්‍රියාත්මක විය. ඔහුට පුදුමය.
සහෝදර සේවකයන් ඉදිරියේදී ඔහු හැසුරුණේත් කීවේත් තරු පහේ හෝටල් භාවිතය තමාට නිවස මෙන් බවය. එය මුසාවක් බව මිතුරන් හැමදෙනා අතරම වැඩි වේලාවක් යන්නට කලින් පැතිර ගියේය. නළල් තලයේ දමා තිබූ ප්ලාස්ටරය ගැන විමසන්නන් ඉදිරියේදී ඔහු ලිස්සා ගියේය.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හෝටලේ ගේ වගේ පෙන්වන්න ගිහින් අන්තිමේ හොම්බෙන් ගිහින්