දුම්රිය මැදිරියකදී ශරීරය අප‍්‍රාණිකවූ තරුණයකුට දුන් වෛද්‍ය උපදෙසක් පිළිබඳ කතාවකි. කළුතරින් ”සමුද්‍ර ” පිටත්වුණි. ඊළඟට ඇත්තේ 7.05ට පිටත්වන මන්දගාමී දුම්රියයි. කලින් පැමිණි අය මෙහි ගමන් කරති. මැදිරි සියල්ලම පිරී ඉතිරි පවතී. බූරු ඇඳන් දිගහැරගෙනය. ඊළඟ දුම්රිය පොළෙන් නඟින මිතුරාට/ මිතුරියට ඉඩ වෙන්කරගෙනය. සක‍්‍රයා ආවත් එවැනි තැනක වාඩි විය නොහැකිය. හැඩිදැඩි රළු පෙනුමින් යුත් තරුණයෙකි. නිකට යටින් වවා ඇති රැවුල රළු පෙනුම දෙගුණ කළේය. වටපිට බලා ඔහු සෙනඟ අතරින් රිංගාගෙන ආවේ කනේ රඳවාගෙන සිටි සංගීතය ශ‍්‍රවණය කරන උපකරණයෙන් ඇසෙන ගීත ද මුමුණමිනි. මැදිරියේ මැද ඉඩ ඇති මුත් කාන්තාවන් කිහිප දෙනෙක් අතර සිට ගත්තේය. දුම්රිය මැදිරියේ ඉහළින් ආරක්‍ෂාවට අල්ලාගත් හැකි පටි අඩියෙන් අඩිය තිබුණත් ඔහු පිරිපුන් පෙණුමෙන් යුතු කාන්තාවක් අතරින් අත දමා ආසනයක් අල්ලා ගත්තේය. මද වේලාවකින් අල්ලාගත් අත මදක් ඉහළට එසවුණේය. ඒ එම කාන්තාවගේ අනවශ්‍ය තැනක් ස්පර්ශ වන අයුරිනි. අපහසුතාවට පත්වු ඇය මදක් පසෙකට වූවාය. තරුණයාද ඒ පැත්තට ඇදුණි. බැරිම තැන කාන්තාව රවා බලා ”මොකද අනේ ඔයා ටිකක් එහාට වෙලා යන්නකෝ අර ඉඩ තියෙන්නේ ඕනෑ තරම්,” කාන්තාව එසේ කියද්දී ඇගේ මිතුරියක් මෙසේ කීවාය. ”අපිත් බලාගෙන හිටියේ මොකද ඔයාට ඇඟ පතේ අප‍්‍රාණික ගතියක්වත් තියෙනවාද ඔතනම හේත්තු වුනේ අච්චර ඉඩ තියෙද්දී”. ”ලෙඩක් එහෙම තියෙනව නම් කියන්න මගේ ළඟ බෙහෙත් තියෙනවා.” එම තරුණියාගේ කතාවට තරුණයා මදක් කෝපයක් ආරූඪ කරගෙන මෙසේ කීවේය. ”යකෝ මේ පෞද්ගලික ප‍්‍රවාහන සේවාවක් නොවේ. පොදු ප‍්‍රවාහන සේවයක් අපිට ඕනෑ තැනක යන්න ඉඩ නැද්ද. අනික ඔයා මට බේත් කරන්න ඔයා දොස්තර කෙනෙක්ද?” ඔහුට කීමට හැකිවූයේ එපමණකි. තරුණිය නැවතත් මෙසේ කීවාය. ”ඔව් ඇයි? තමුසේ දන්නැති වුනාට මම වෛද්‍යවරියක්. නිකං වෛද්‍යවරියක් නොවෙයි පශූ වෛද්‍යවරියක්. තමුසේ වාගේ සතුන් ඕනෑ තරම් අපේ සායනයට ගෙනත් තියෙනවා.” දුම්රිය මැදිරිය සිනාවෙන් පිරී ගියේය. හැඩිදැඩි තරුණයා ඔහේ බලාගත්තු අත බලාගෙන ගමනාන්තය දක්වා ගියේය. මේ දුම්රියේ පරවේණීය කඩන්න පිරිමින්ට තව කොපමණ කාලයක් ගතවේදැයි තමාටම කියා ගනිමිනි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
හැඩි දැඩි තරුණයාට පශු වෛද්‍යවරියගෙන් අපුරු පාඩමක්
රෝහණ Monday, 19 March 2012 04:47 PM
හොඳ ආදර්ශයක් නමුත් මේ වගේ අයට අද රටේ ආරක්ෂාවක් තියෙනවද