IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හිතගිය තරුණයා ගෙදර තියාගෙන රස්සාවකුත් දී බිරියත් දීලා

(රෝහණ චන්ද්‍රදාස - අනුරාධපුර) - ඔහු පෙදරේරුවෙකි. රැුකියාවට යන අතරතුර දී තරුණයකු හමුවිය. තරුණයා කඩවසම් ය. තරුණයා කෙරෙහි සිත් බැඳුණු පෙදරේරුවා ඔහුගේ අත්වැඩකරු ලෙස සේවයට ගත්තේය.

දිනපතා වැඩ අවසන්වූ විට රෑ බෝ වන හෙයින් අත්වැඩකරු ද තම නිවෙසේ නවත්වා ගැනීමට පෙදරේරුවා උපායක් යෙදුවේ තරුණයාට ඇති ආසාව නිසාය. තරුණයාද පෙදෙරේරුවාගේ යෝජනාවට කැමැති විය. ඔහු ඊට කැමැති වූයේ පෙදරේරුවාගේ තරුණ සුරූපී බිරියට ලොල්වීම නිසාය.

මේ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල්ගෙවමින් දිනපතා රැුකියාවට ගොස් සතුටින් ගත කරන අතර ඉඳහිට මධුවිතෙන් සප්පායම් වෙයි. තරුණයා පෙදරේරු පවුලේ සමීපතම අයෙකු විය. දිනක් පෙදරේරුවා තම අභිලාෂය තරුණයාට පැවැසීය. තරුණයා ඊට කැමැති වූයේ කොන්දේසියක් පනවමිනි. පෙදරේරු බිරිය සමග දෙසතියකට වරක් ගත කිරීමේ අවස්ථාව ඒ කොන්දේසියයි. පෙදරේරුවා ඊට කැමැත්ත දුන්නේය. ටික කලක් යද්දී කොන්දේසි අලූත් කිරීමට තරුණයාට සිත් විය. ඊට පෙදරේරුවා අකැමැති වූයේ රටේ ලෝකේ මිනිසුන්ට මේ ගැන දැනගන්නට ලැබී ඇතැයි පවසමිනි.

එහෙත් තරුණයා ඒ ගැන තැකීමක් නොකරයි. ඔහුගේ අවශ්‍යතාවයත් පෙදරේරුවාගේ ආසාවත් දිගටම සිදුවෙන හැටි ගමේ ගොඬේ කතාබහට ලක්වෙද්දී පෙදරේරුවා දැන් වික්ෂිප්තව සිටිනවා ලූ. 



අදහස් (0)

හිතගිය තරුණයා ගෙදර තියාගෙන රස්සාවකුත් දී බිරියත් දීලා

මාලි Saturday, 27 December 2014 10:04 AM

මේ ලිපියෙ හැටියට පෙදරේරුවා කවුද කියලා කාටවත් දැනුනෙ නැති එක පුදුමයි (නි)

:       0       0

සුමිත් බංඩාර Monday, 29 December 2014 06:49 AM

මටත් අත් වැඩ දෙන්න යන්න හිතනවා මිල්ස් එක දාල (නදී)

:       0       0

අශෝක රළපනාව Saturday, 27 December 2014 11:42 AM

හොරෙන් කරනවට වඩා මෙහෙම ගෙදරටම ගෙනා එක හොඳයි (නි)

:       0       0

අරුණ Saturday, 27 December 2014 12:51 PM

යහපාලනය ඇතිකළ යුතුමයි නේද? (නි)

:       0       0

රුවන් Friday, 26 December 2014 10:05 PM

මේක නම් පුදුම කතාවක්. මේ ගෙදර එක් කෙනෙකුටවත් ලැජ්ජාවක් නැද්ද? (නි)

:       0       0

නෙළුම් Friday, 26 December 2014 10:54 PM

තුන් දෙනාම හොඳ සතුටින් ඉන්නවා නම් එච්චරයි (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 26 December 2014 10:56 PM

සමාජය සෝදා පාලු වෙලා ගිහින් තියෙන බවට හොද නිදසුනක්. මෙවැනි සිද්දීන් පලකල යුත්තේ මෙහි ඇති විපාකද පහදා දෙමින්. මෙවැනි සිද්ධීන් සිනාසී අමතක කර දැමිය යුතු ඒවා නොවේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 27 December 2014 02:10 PM

මට හිතෙන විදිහට පෙදරේරු මහතා එක පැත්තකට ටිකක් බරයි වගේ. (නි)

:       0       0

දයා අලහකෝන් Sunday, 28 December 2014 10:50 AM

අපිත් කොච්චරවත් හොයනවා නමුත් මේ හිත හොඳ පෙදරේරු අයියා වගේ කෙනෙක් හමුවන්නේ නැහැනේ. ඒකටත් පෙර කරපු පිනක් ඕන වගේ (බ)

:       0       0

සරත් Saturday, 27 December 2014 12:04 AM

අනේ මන්දා....! (නි)

:       0       0

සරත් Saturday, 27 December 2014 12:16 AM

පෙදරේරු නොනාගේත් අකමැත්තක් නැහැ මගෙ හිතේ. (නි)

:       0       0

මාපා Saturday, 27 December 2014 02:47 PM

ලෝකය ගෝලාකාරයි. එහි ජිවත් වෙන මිනිසුන් විවිදාකාරයි. සමහරක් මිනිස්සු පුදුම තරම් විෂමාකාරයි. (ර)

:       0       0

බාලසුරිය රිචී Sunday, 28 December 2014 11:12 AM

මේවා පුදුම වෙන දේවල් නොවේ , මේවා අපේ රටෙත් වෙන් නැහැ රටවලත් බහුලව සිදුවනවා , මමත් මේ වාගේ අත්දැකීමක් විඳපු දැකපු කෙනෙක් (බ)

:       0       0

අබ්දුල් රාසික් කටාර් Sunday, 28 December 2014 11:18 AM

ඔතන සමලිංගික කාමුකත්වයත් මිශ්‍රවෙලා තියෙන්නේ.නැත්නම් දැක්ක ගමන් පෙදරේරු අයියාට තරුණයා ගැන හිතක් පහළවෙලා ගෙදරට ගෙනියන්නේ ඇයි? (නි)

:       0       0

සමන්ති Saturday, 27 December 2014 01:27 AM

මේ ගැන යමක් ලිවීමට හැකිමුත් නොලියා සිටිමි (නි)

:       0       0

කමල් Saturday, 27 December 2014 01:33 AM

ඇත්තටම මටත් හිතෙන දේ ලියන්න අමාරුයි (නි)

:       0       0

රුවනි Saturday, 27 December 2014 01:45 AM

මේ දේවල් සිද්ධවුණේ ගංවතුර ගලන පැත්තකද? (නි)

:       0       0

ශිරන්ති Saturday, 27 December 2014 05:26 PM

මේ මොන විකාරයක්ද ? (ර)

:       0       0

විමල් Saturday, 27 December 2014 02:08 AM

නියමෙටම ගැළපෙන ජෝඩුවක්. ගහමරා ගැනීමක් නැත්නම් පිට අයට තියෙන්නේ නොදැක්කා වගේ ඉන්න එකයි. එයාලට හොඳ නම් අපිට මොකෝ? (නි)

:       0       0

ජයසේකර Monday, 29 December 2014 10:01 AM

පෙදරේරු අයගේ ගන්න කෙනෙක් ඉන්නවා. මොකද කතාකරලා බලමුද? (නදී)

:       0       0

සරසි Saturday, 27 December 2014 02:39 AM

අනුරාධපුරේ ගංවතුර ගලන අතරේද දැන් මෙහෙම දේවල් වෙලා තියෙන්නේ? අනේ මන්දා ආශ්චර්යවත් සිදුවීම්! (නි)

:       0       0

පුෂ්පසිරි අල්විස් Sunday, 28 December 2014 03:03 PM

සාමකාමී සහජීවනය කියන්නේ මේවාට. (ර)

:       0       0

චමින්ද Sunday, 28 December 2014 01:36 AM

දෙගොල්ලෝ මරාගන්නේ නැතුව පවුල් කන්න පුලුවන් නම් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

සුගත් Sunday, 28 December 2014 02:13 AM

අනේ අම්මපා! මටත් අර පෙදරේරුවාගේ අත්වැඩකරුවෙක් ලෙස යන්න ඇත්නම්... (නි)

:       0       0

චතුර Saturday, 27 December 2014 03:56 AM

අනේ මන්ද මොනවා කියන්නද කියලා. රටට ගිය කලක් (නදී)

:       0       0

මහින්ද Sunday, 28 December 2014 04:10 AM

ඒ තුන්දෙනා අතර ගැටුමක් නැත්නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. අදහස් ගැලපීම ගැන අප සතුටු විය යුතුයි.තිදෙනා අතර මෛත්‍රී සිත් පහළවේවා.(දිල්)

:       0       0

රූපසිංහ Sunday, 28 December 2014 07:34 PM

සමාජය වෙනස්වීමේ වගක් විනා අන්කිසිවක් මෙතැන නැතිබවයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

වසන්ත Sunday, 28 December 2014 11:15 PM

අනේ මෙහෙම ආශාවක්! (නි)

:       0       0

නෙළුම් Saturday, 27 December 2014 06:14 AM

ඉහත නෙළුම් දැන් වසර 3ක් තිස්සේ මෙතන ලියන මම නම් නෙමෙයි. මගේ අදහසුත් ඔය වගේ නෙවෙයි . එච්චරයි. (ර)

:       0       0

පද්මිණී Saturday, 27 December 2014 08:35 AM

නවීන තාලේ එක ගෙයි කෑමක්. මොනවා ලියම්ද? (නදී)

:       0       0

තෙන්නකෝන් Saturday, 27 December 2014 08:45 AM

අනේ කාලේ වනේ වාසේ! (නි)

:       0       0

සපුමල් රණවක Saturday, 27 December 2014 08:48 AM

මෙවැනි සිද්ධි ඇත්තටම සිදුවෙනවා . මගේ කාර්යාල මිතුරියකගේ විවාහ දවසේ ඇයගේ මනාලයා සමඟ මම හොඳින් හිතවත් වුණා. දින කිහිපයක් මුහුණුපොතෙන් චැට් කිරීමෙන් අනතුරුව ඔහු පැවසූ දෙයින් මම කම්පනයට පත්වුණා. ඔහු මගේ කඩවසම් බවට පිස්සු වැටී සිටින බව පැවසුවා. මට මගේ මිතුරිය ගැන අනුකම්පා සිතුනා. ඔහුගේ යෝජනාව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළත් ඇයගේ පවුල් ජීවිතය ගැන සිතා සියල්ල රහසක් ලෙස තබාගත්තා (නි)

:       0       0

යසංග Saturday, 27 December 2014 09:10 AM

නියම පෙදරේරුවෙක්නේ! (නි)

:       0       0

චූලා Monday, 29 December 2014 03:14 PM

සමහරු මේකටත් හේතුව ආණ්ඩුව කියයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ධම්ම Sunday, 28 December 2014 07:36 AM

අසල්වැසියන්ටත් මේ තිදෙනා ගැන මෛත්‍රී සිත් පහළවේවා! (බ)

:       0       0

සුදත් Saturday, 27 December 2014 10:00 AM

තුන් දෙනාටම ඕනෑ දේවල් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 625 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 703 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1087 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9399 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 863 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 326 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2009 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site