(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
නිරන්තරයෙන් ගමන් බිමන් යන තම නැන්දම්මාට සංචරණ සීමා පැනවූ ලේලියක සම්බන්ධ පුවතක් මහනුවර ආසන්න ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය.
මහනුවර ප්‍රදේශයේ යමක් කමක් ඇති තැනැත්තියක වූ නැන්දම්මා රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ, විශ්‍රාම වැටුපකට හිමිකම් කියූ කාන්තාවකි. ඇයගේ බාල පුතුගේ විවාහ මංගල උත්සවය මීට මාස කිහිපයකට පෙර මහ ඉහළින් පවත්වා අලුත් ලේලියක් නිවෙසට කැන්දාගෙන එනු ලැබුවාය.
අලුතින් ආ ලේලියට නැන්දම්මාගේ ගතිගුණ හඳුනා ගැනීමට වැඩි දිනක් ගත නොවුණු අතර නැන්දම්මා නිරන්තරයෙන් නිවෙසේ රැඳී නොසිටින, පදිංචි ගම්මානය මෙන්ම රටේ තොටේ තම නෑදෑ හිතවතුන් සොයා නිරන්තරයෙන් ගමන් ගන්නා බවට වැටහිණි.
තමන්ගේ දූ දරුවන් ලබාදෙන මුදල් ද ඇයගේ විශ්‍රාම වැටුපෙන් වැඩි කොටසක් ද මෙම නෑ ගමන් සඳහා වැය කළ අතර ඒ සඳහාම ත්‍රිරෝද රථයක් වෙන් වූයේ ඇගේ මෙම ගමන් බිමන් සඳහාමය.
කෙසේ වෙතත් පසුගිය කාලයේ පැවැති කොවිඩ් වසංගත සමයේ ද ඇයගේ මෙම ගමන් බිමන් අඩුවක් නොවුණු අතර, පොලීසිය මෙන්ම සෞඛ්‍ය අංශවලින් ද කිහිප විටෙක අවවාදයට යටත් වන්නට වූයේ විවිධ උපක්‍රම යොදා ගමන් බිමන්වල නිරත වූ නිසාවෙනි. මේ අතරේ පසුගිය දිනක හදිසියේ සංචරණ සීමා පැනවූ අතර ඒ වනවිට නිවෙසින් බැහැරව නෑදෑ ගෙදරක ගොස් සිටි නැන්දම්මා ආගිය තොරතුරු කතාබහ කරන අතරතුර සංචරණ සීමා පනවන වේලාවන් ද අමතක වූයේ ආගිය කතා ඒ තරම් රසවත් වූ බැවිනි. සංචරණ සීමාවන් පැනවීම නිසා තම නිවෙසට නොපැමිණීම හේතුවෙන් සොයා බලන්නට වූ ලේලියට දැන ගැනීමට ලැබුණේ සංචරණ සීමා නිසා එදින නිවෙසට නොපැමිණි බවත් පසු දිනක නැන්දම්මා නිවෙසට පැමිණෙන බවත්ය.
නැන්දම්මාගේ මෙම ගමන් බිමන් සඳහා සීමා පැනවීමට මෙය කදිම අවස්ථාවක් යැයි සිතූ ලේලිය ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂක බලධාරීන්ට තම නැන්දණිය නොමැති බව දන්වන්නට වූවාය.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම අංශවල නිලධාරීහු නැන්දණිය සොයා යන්නට වූ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ දින 14ක කාලයක් එම නිවෙසේ ගත කරන ලෙස ඈ වෙත උපදෙස් දුන්හ.
කොහේ කොයි ගමන ගියත් තම නිවෙසට පැමිණ රාත්‍රී ගත කරන නැන්දම්මාට මෙම තීරණය දැනුම් දුන් පසු ඉහමොළ රත්විය.
තම ජීවිතයේ අමාරුම දින 14 ගත කළ නැන්දම්මා යළි නිවෙසට පැමිණියේ ඉන් මතු නිවෙසින් එළියට නොයන බවට තම පුතාටත්, ලේලියටත් පොරොන්දු වෙමිනි.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හතර වටේ කරක් ගැසුවාට ලේලිය නැන්දම්මා ලොක්ඩවුන් කරලා