IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


හතළිස් හතරේ කතට සැමියාත් දරුවන් නව දෙනාත් එපාවී විසි දෙකේ පෙම්වතා සමඟ ගිහින්

දරු දැරියන් නව දෙනෙකු සහ සැමියා අතහැර දා 44 හැවිරිදි කාන්තාවක් 22 හැවිරිදි තරුණයකු හා පලාගිය පුවතක් මීරිගම පොලිසියෙන් වාර්තාවේ. ඇගේ වැඩිමහල් දරුවා 25 හැවිරිදිය. ඇය සමග යුග දිවි රස බැලීමට එක්වී ඇති නව පෙම්වතා එම කාන්තාවගේ වැඩිමල් පුතුටත් වඩා වයසින් බාල අයෙකි. ඔහු 22 හැවිරිදි වියේ පසුවෙන්නෙකි. දුක් මහන්සියෙන් දරු පවුල රැකගත් සැමියා සහ දරුවන් හැර දමා පැන ගිය ඇගේ පෙම්වතා නැගෙනහිර පළාතේය. මේ සම්බන්ධය අත්හැර දමන්නැයි පවුලේ අය ගේ අවවාද අනුශාසනාවලින් පලක්වූයේ නැත. හොර රහසේ පැවති මේ සම්බන්ධය හමාරවූයේ පියකු සහ දරුවන් 9 දෙනකු අතහැර අනියම් සැමියා හා පලා යාමෙනි. දරුවන් 8 දෙනකු තවමත් පාසල් යන අය වෙති. මේ දරු පිරිස බලා කියා ගන්නට බැරිව අසරණව සිටින පියා රැකියාව කර ගැනිමට ද නොහැකිව උදේ හවා පොලිසිය ළඟ ගැවසෙන අයුරු දැක ගත හැකිවිය.



අදහස් (0)

හතළිස් හතරේ කතට සැමියාත් දරුවන් නව දෙනාත් එපාවී විසි දෙකේ පෙම්වතා සමඟ ගිහින්

රාජු Friday, 04 May 2012 12:10 PM

නීතිමය වශයෙන් මෙම කාන්තාව වරදක් කර තිබේද ?

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Monday, 30 April 2012 02:17 PM

මදෑ මෙච්චර කලක් ඉවසුවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 06 May 2012 10:02 AM

මේක තනිකරම ස්වභාවික කතා පුවතක්. ගෑනු අය ඒ වගේ නිසා තමයි විවාහය නීත්‍යානූකූලව ලියාපදිංචි කරන්නේ.

:       0       0

සේනානායක Monday, 30 April 2012 02:58 PM

හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයිලුනේ

:       0       0

සමන් Wednesday, 02 May 2012 06:14 PM

9 ක් මදි වෙලාද ??

:       0       0

රාජපක්ෂ Monday, 30 April 2012 03:46 PM

කොසොල් රජතුමාගේ... සිහින සැබෑ වෙන කාලේ...

:       0       0

රිෂ්මි Monday, 30 April 2012 04:09 PM

අනේ කාලේ වනේ වාසේ... මෙහෙමත් ගැහැණු...

:       0       0

කුමාර් Monday, 30 April 2012 04:21 PM

මේක ආදරය නෙමෙයි, ආශාව..

:       0       0

මැක්ස් Monday, 30 April 2012 04:42 PM

අපි මෙච්චර ඉන්නවා. කෝ, අපිට එක කෙල්ලෙක් වත් නෑනේ...

:       0       0

මල්සරා Thursday, 03 May 2012 04:23 PM

ඔයාගේ දරුවොයි මගේ දරුවොයි එකතුවෙලා අපේ දරුවන්ට ගහනෝ කියන කාලෙකුත් එනවා

:       0       0

ක්ලෑරන්ස් Monday, 30 April 2012 05:02 PM

නාකි විසේ,ගෙටත් උසේ කිවාලු.

:       0       0

රංජිත් Tuesday, 01 May 2012 08:37 PM

මේ වගේ ගෑණු අයට දෙන්න ඕන අරාබි දඬුවම්. තම ශරීරය සළෙලුන්ට විකුණමින් දරුවන් පෝෂණය කරන මව්වරු පවා දේවත්වයට පත් වෙති. මෙවැනි ගෑණු අය අපායටත් බරක් වෙති

:       0       0

තිලක් Monday, 30 April 2012 05:47 PM

පොලිසිගානේ යන්න ඕනේ නෑ දුක්වෙන්නත් ඕනේ නෑ මහත්මය ගණන් ගන්නේ නැතිව ඉන්න. ඔය ගියාට ඉක්මනින්ම ආපහු එනවා. එදාට බාරගන්නවද නැද්ද කියල දැන්ම තීරණයක් අරන් තියාගන්න. දරුවෝ එක්ක කතා කරලා එයාලගේ යහපත වෙනුවෙන් හිතල සමාව දීල ගත්තොත් හොදයි. එක ලැජ්ජාවට කරුණක් නොවෙයි. ඔය අරන් ගිය කොල්ලට බොහොම ටික කාලයකදී ගැනි එපා වෙනවා. ලෝකේ හැටි එහෙමයි.

:       0       0

දිනේෂ්(saudi) Monday, 30 April 2012 06:02 PM

අළුත් ස්වාමියත් තරුණයෙක්නේ

:       0       0

චමිල Monday, 30 April 2012 06:30 PM

බය වෙන්න දෙයක් නැහැ.ගියාට වඩා ඉක්මනට එයි.දරුවෝ ටිත හොඳින් හදා ගන්න.ගිය කෙනාට දරුවොත් සැමියත් නැති වුනා.අලුත් පෙම්වතාත් ඉක්මනටම තැති වේවී. වෙන අය හොයන හැම කෙනෙකුටම මේවා හොඳ පාඩම්.

:       0       0

මිනෝලි Monday, 30 April 2012 06:45 PM

දරුවන්ගේ නඩත්තුව ගැන කියලා අළුත් මනමාලයාට විරුද්ධව නඩු දාන්න

:       0       0

වලගම්බා Wednesday, 02 May 2012 08:48 PM

කොල්ල වැටිල තියෙන්නේනම් ලොකු අමාරුවක‍

:       0       0

අලිබබා Monday, 30 April 2012 08:18 PM

තම දරැවන්ට රටේි ලෝකේ අද සිදුවන මෙවැනි අභාග්‍යමත් අසාමාන්‍ය සිදුවිමි සමිබන්ධව කරුණු කාරණා වටහාදිය යුතුය. තම දරුවන්ගේ ජීවිත ආධ්‍යාත්මික ගුණවගාවෙන් පෝෂණය කල යුතුය. තම දරුවන්ට ඉගනීමට අගනා ශිල්පය ලබාදිය යුතුය. එවිට ඔබගේ මෙම දුදරුවන් ඔබට වටිනා මුතුවැලක් වනවා ඒකන්තයි. එවිට අනාගතයේ ඒ දරුකැල මැද ඔබද ගුණගරුක පියෙක් මෙන්ම රජෙක් මෙන් වැජබෙනු ඇත. එම නිසා මෙවන් දේ ගැන කලකිරීමට පත් නොවි ඥාණාංවිතව කටයුතු කිරීම යහපතී.

:       0       0

පෙරේරා Friday, 04 May 2012 03:06 PM

ඔහොම යන්...ඔහොම යන්...

:       0       0

ශාන්-saudi arabia Monday, 30 April 2012 08:23 PM

සැමියා දුක් මහන්සියෙන් දරු පවුල රැකගන යනවිට ගැහැණුන්ට නාකි විසේ ගෙටත් උසේ කිවාලු.

:       0       0

දම්මි Monday, 30 April 2012 08:30 PM

ඕක ප්‍රේමය නම් නෙමෙයි

:       0       0

සුභාෂිණි Monday, 07 May 2012 12:18 PM

ස්වාමියාගේ කල්ක්‍රියාව කොහොමද කියලා අපි දන්නේ නෑනේ. හැබැයි දරුවො 9ක් නෙමෙයි එක් කෙනෙක් හිටියත් මේ කරපු වැඩේ නම් හොද නෑ

:       0       0

අකිලා Thursday, 03 May 2012 07:58 PM

මෙහෙමත් අම්මලා.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි.හරිම අශෝභනයි

:       0       0

ප්‍රනෑන්දු Tuesday, 01 May 2012 11:13 PM

ගිනි තියන්න ඕනි පණ පිටින්...

:       0       0

නීල් Monday, 30 April 2012 09:41 PM

ඔය කාන්තා අයිතීන් වෙනුවෙන් බෙරිහන් දෙන මහා ලොකු කාන්තා සංවිධාන මෙන්න මේ වගේ කාන්තාවන් ගැන මොකද කියන්නේ? පුවත් පත් වලින් වාර්තා වෙන ප්‍රමාණයටත් වඩා මේ වගේ සිද්ධි හැමදාම සිද්ධ වෙනවා. කාන්තාවන්ට තිබෙන නීතිමය සහ සමාජමය සහන අනිසි විදියට පාවිච්චි කරලා අපරාධ කරන පව්කාර ස්ත්‍රීන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.

:       0       0

අසන්ක Monday, 30 April 2012 10:11 PM

පළපුරුදු මැඩම් කෙනෙක්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 10:34 AM

කොච්චර වුනත් ගැහැණු ගන්නේම ගැහැණුන්ගේ පැත්තමයි.සුභාෂීණී දාලා තියෙන කමෙන්ට්ස් එක බැලුවම ඒක හොදටම පැහැදිලියි.එයා අර ගැහැණියගේ ක්‍රියාව වක්‍රව අනුමත කරනවා. එහෙම නම් පොදුවේ කාන්තාව පිළිබඳ බමුණන්ගේ නිර්වචනය හරි යයි මට හිතෙනවා. අවසර ලත් රහස් තැන ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන.... මොකද කියන්නේ මම වැරදිද.. සුභාෂීණී..උත්තර දෙන්න

:       0       0

මෙන්ඩිස්-malaysia Monday, 30 April 2012 10:22 PM

අපෝ, මේ වගේ අය ඕනි තරම් ඉන්නවා

:       0       0

දමිත්-සවුදි Wednesday, 02 May 2012 01:20 AM

කලින් සැමියාට එයාගේ අරමුණු ඉෂ්ඨ නොවෙන්න ඇති

:       0       0

නිම් Friday, 04 May 2012 04:23 PM

ඔයිට වඩා හොදයි වහ ටිකක් කෑවා නම්

:       0       0

නිසාර්-kuwait Monday, 30 April 2012 11:49 PM

මේ දෙදෙනාම මානසික රෝගයකින් පෙළෙන්නවුන් වෙන්න ඇති. කොතරම් ප්‍රේමයකින් පසුවුවද ඔය ආසාව දවස් 30කින්ද රාගය දවස් 60කින්ද නිමා වේ.

:       0       0

අසෝක Thursday, 03 May 2012 05:45 AM

ප්‍රේම් හරි... ආයේ කතා දෙකක් නෑ. රට ඉඳලා ආව කෙනෙක් වෙන්න ඕනා ෂුවර් එකට.

:       0       0

කිශාද් Tuesday, 22 May 2012 02:45 PM

කර්මය සහ රාගය හමුවේ සියලුම සදහම් සිතුවිළි විනාශ වෙනාව. අවසන් ප්‍රතිඵලය දෙදෙනාගේම විනාශය. දෙන්නාම කරගත්තු මෝඩකම කියල හිතෙයි. එතකොට ප්‍රමාධ වැඩියි. පව් අහිංසක දරුවො...

:       0       0

මෝහිනී Wednesday, 02 May 2012 06:21 AM

ළමයි 9ක් හදලත් සසරේ අනිත්‍ය බව තේරුනේ නැද්ද? අබුද්දස්ස කාලේ....

:       0       0

චමිල් Thursday, 03 May 2012 10:14 PM

හපොයි කොහොමද කියන්නේ මම මීරිගම කියලා??????

:       0       0

කරුණාමුනි Tuesday, 01 May 2012 02:22 AM

ඕව මේ අද ඊයේ ඉඳල වෙන දේවල් නෙමෙයි පුරාතනේ ඉඳන් මෙහේ ඔහොම ඒවා වෙනවා..වැඩේ තියෙන්නේ අපි ඕව සුදු රෙදි වලින් වහන් ඉන්න එකයි

:       0       0

ටී.එස්. Wednesday, 02 May 2012 07:36 AM

ඊලඟට කාත් එක්කද?

:       0       0

පෙරේරා Wednesday, 02 May 2012 07:49 AM

දැන් ඇයට තවත් දරුවන් 9ක් ගැන හිතන්න පුළුවන්

:       0       0

සුගත් Tuesday, 01 May 2012 04:12 AM

ඒක මේ ගෑණු කෙනාගේ අයිතිය. අපිට මුකුත් කියන්න බෑ එයාට

:       0       0

ගයා Thursday, 03 May 2012 11:54 PM

පව් අහිංසක දරුවෝ..මෙයාල අම්මලද ඇත්තටම‍‍‍‍..

:       0       0

ලංකා පුතා Tuesday, 01 May 2012 05:20 AM

44ත් වයසක්ද?

:       0       0

මහේෂ් Wednesday, 02 May 2012 09:16 AM

නොදනම් කාගේ දොසා....

:       0       0

චන්දන Friday, 24 August 2012 10:47 PM

අස්තිර ඡීවිතයේ ස්තීර දෙයක් නැතිබව බුදුන් කියාදී ඇත. ඵහෙයින් උරණ වන්නේ මන්ද? (ස)

:       0       0

ප්‍රේම් Wednesday, 02 May 2012 09:50 AM

ෂුවර් එකටම මේ ඇන්ටි ඩුබායි වල ඉදලා ආපු කෙනෙක් වෙන්න ඇති

:       0       0

ගජන් Sunday, 06 May 2012 08:28 PM

මගේ ගෑනිත් පැනල ගියානම් මේ වගේ කොච්චර දෙයක්ද ??

:       0       0

අංජන Monday, 30 April 2012 09:27 AM

අමාරුවක තරම

:       0       0

දයා, සෞදියේ සිට Monday, 30 April 2012 09:36 AM

ප්‍රේමයේ හැටි ඔහොම තමයි.

:       0       0

අමිල Monday, 30 April 2012 09:51 AM

ඔහොම හැගීම් පාලනය කර ගන්න බැරි උණොත් තව තව හොද ඒවා ඉස්සරහට වෙයි

:       0       0

රාධිකා Sunday, 06 May 2012 09:16 PM

කාන්තාවක්- ට්‍රැක්ටරයක් දමා මඩ කල කුඹුරකට, මඩකල හැකිද මොටවු ලී නගුලකට නව සැමියා- සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි මට, කන්නක් දෙකක් වැඩ කරමුද අ‍දේකට

:       0       0

ටානියා Sunday, 06 May 2012 09:18 PM

44 ත් වයසක්ද

:       1       0

අනු Monday, 30 April 2012 10:08 AM

මෙහෙමත් අම්මලා.හරිම අශෝභනයි

:       0       0

බන්ඩාර Sunday, 06 May 2012 09:21 PM

කමක් නෑ? කල්ඉකුත් වෙන්න තව අවුරුද්දනේ

:       0       0

දර්ශන් Friday, 04 May 2012 08:36 AM

මෙහෙම ඇන්ටිලා අපේ ගමෙත් ඉන්නවා‍‍...

:       0       0

machan.. Monday, 07 May 2012 08:54 PM

ඔය වගේම ගෑණියෙක් හිටිය පිලියන්දල.

:       0       0

සුජීව Monday, 30 April 2012 10:39 AM

අළුත් පෙම්වතාටත් ඔය ටිකම වෙයිද දන්නේ නැහැ.

:       0       0

මචං Monday, 07 May 2012 08:55 PM

මේ වගේ මම දන්න තව කෙනෙක් ඉන්නවා

:       0       0

ගුනේ Friday, 04 May 2012 10:37 PM

එයාට හොඳනම් අපිට මොකද?

:       0       0

අනුර(Iraq) Monday, 30 April 2012 10:45 AM

තව ටික කාලෙකින් 18 කොල්ලෙක් එක්ක යයි. අනේ, මෙහෙමත් ගෑණු??

:       0       0

චම්පික Thursday, 03 May 2012 12:10 PM

44 මොකක්ද? තාම පොඩි කෙල්ලෙක්නේ.

:       0       0

ප්‍රදීප් Tuesday, 01 May 2012 12:29 PM

අධර්ම රාගයත් විශම ලෝභයත් = සතර අපාය.

:       0       0

සේනානායක Saturday, 05 May 2012 01:03 AM

මෙවැනි දේ බහුලවම වෙන්නේ මැදපෙරදිග....

:       0       0

වජිර Monday, 30 April 2012 12:01 PM

ඇති ඔයින් ගියා

:       0       0

අරුණ Monday, 30 April 2012 12:03 PM

ඔය නව ප්‍රේමය තාවකාලිකයි

:       0       0

සමන් Monday, 30 April 2012 12:05 PM

වාසනාවන්ත සැමියෙක්....

:       0       0

සේනක Sunday, 06 May 2012 07:17 AM

ළමයි 9 ක් හැදුවා මදිද ???

:       0       0

කසුන් Thursday, 03 May 2012 12:57 PM

අනේ මන්දා මෙහෙමත් දේවල්. අරාබි දඩුවම් දෙන්න වටිනවා

:       0       0

නියම සිංහලයා Monday, 30 April 2012 01:00 PM

ඕවා තව ටික කාලයයි. හතළිස් ඇදිරිය ලැබුවහම ඔක්කොම ඉවරයි

:       0       0

සදුනි Monday, 30 April 2012 01:02 PM

තමන්ගෙම පුතත් එක්ක ගියා වගේ වැඩක්නේ

:       0       0

පුෂ්පා Tuesday, 01 May 2012 04:46 PM

ඉතින් ඇයි අපට තියෙන අමාරුව?

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 327 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 926 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 620 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 620 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 196 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 229 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 545 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site