රජයේ පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙන ගන්නා සිසු සිසුවියන් හතළිහකි. සියලු දෙනාම වැලි සෙල්ලම් කර ඉන්පසු පැමිණියේ උදෑසන තම ආහාර ගැනීමටය. එක් එක් සිසුහු ආහාර ගැනීමට පෙර අත් සෝදා සූදානම් වූහ.
බිස්කට්, කේක්, බනිස්, සැන්විච්, හැලප, රොටී ආදී විවිධ කෑම වර්ග විය. ඒ අතර එක් සිසුවකු තම ආහාරයට ගෙනැවිත් තිබුණේ ‘මුං ඇට’ ය. එය දුටු අන් සිසුහු ඔහුට ඔච්චම් කරන්නට වූහ. ‘ඕවා කන්න පුළුවන්ද? අපෝ.....’ ආදී වශයෙන් ඔච්චම් කරන්නට වූහ. ඒ සැණින් මුං ඇට ගෙනා සිසුවා අඬන්නට විය. ඒ ඇඬීමත් පුන පුනා නැගුණු ඔච්චම් හඬත් සමඟින් ඔහු ගෙනෙන ලද කෑම භාජනය තම බෑගයට දමාගෙන තම ඩෙස් එක මත හිස තබාගෙන පාසල අවසන්වන තුරු සිටියේ ලු.
මෙම කතාව දරුවා තම මවට කියන විට ඒ ඇසූ වයස්ගත කාන්තාවක් මෙසේ කීවාය. ‘ අනේ අම්මප රටකට ගිය කලක්! අනේ කාලේ වනේ වාසේ එදා අපි කෑවේ තලප පිට්ටු කොස් දෙල් මුං ඇට කව්පි. ඒ නිසා තමයි අපි මේ හොඳින් ඉන්නෙ. ඔය කඩචෝරු කන නිසා තමයි ඔක්කොම ලෙඞ්ඩු වෙලා තියෙන්නෙ. හොඳ දේ කන එකාට කන්න දෙන්නෙත් නැහැ උං කන්නෙත් නැහැ’ කියා හෑල්ලක් කියන්නට පටන් ගත්තාය.
(වලස්මුල්ල තිලක් මනම්පේරි)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඳ දේටත් වැට බැඳලා