කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
තම සිරුරේ උපන් පැහැය වෙනස් කරගෙන පැහැපත් කාන්තාවක් ලෙස උජාරුවෙන් සිටි, වයස අවුරුදු 60 ට ආසන්න කාන්තාවකට ඇයගේ “දෙවැනි විවාහය” සිදු වුණු පළමු දිනයේම අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වීමෙන්, පොළොව පලාගෙන යන්නට තරම් ඇතිවුණු ලැජ්ජාවෙන් කල් ගෙවන පුවතක් රජරට පළාතේ කැබිතිගොල්ලෑවට නුදුරු ගමකින් අසන්නට ලැබුණි.
දැන ගැනීමට ලැබුණු සිද්ධිය මෙසේය.
උපතින්ම කළු පැහැති සමකට උරුමකම් කියපු ඇය, පළමු විවාහයෙන් වෙන් වී තනිවම නිවසක වාසය කළාය. ජැන්ඩියට හැඳ පැලඳගෙන, හිසකෙස් කළු කරගෙන, විසිතුරු ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටීමට, ඇය නිතර ප්‍රිය කළාය. මෑතක සිට ඇයගේ ‘‘උපන් කළුව’’ කෙමෙන් කෙමෙන් පහව ගොස්, එය සුදුපැහැති පියකරු සමකට පරිවර්තනය වී තිබීම ගම් පළාතේ කාගේත් විමතියට හේතු වුවද, එය වෙළඳපොළේ කිසියම් ආලේපනයක ප්‍රතිඵලයක් බව තතු දත්තෝ දැන සිටියහ.
මේ අල්ල පනල්ලේ, සිල්ලර වෙළෙඳ සලක් හිමි කැබිතිගොල්ලෑව නගරයට තරමක දුර ගමක සිටි වයස අවුරුදු 65 ක අවිවාහක මුදලාලි කෙනෙකුට මේ ‘‘සර්ව පිත්තල’’ පැහැපත් තනිකඩ නෝනා පිළිබඳ කපුවෙක් ඔහුට ‘‘මඟුල් ඔත්තුවක්’’ දී තිබුණි. මෙම මුදලාලි පැහැපත් සිරුරක් හිමි කාන්තාවන්ට බෙහෙවින් ඇලුම් කළ තැනැත්තෙකි. එහෙත් ඔහු මෝස්තර, විලාසිතා කරමින් හැඩ වැඩ වෙන ගැහැනුන්ට තරයේම අකමැතිය. ඉතා චාම්ව දිවි ගෙවූ නිහඬ පුද්ගලයකු වූ මෙම මුදලාලි, නිහඬ පුද්ගලයකු වුවද, දැඩි ලෙස කෝපයට පත් වෙන අයකු බව, මුළු ගම්පළාතම දැන සිටියේය.
කාලයාගේ ඇවෑමෙන්, පවුල් දෙකේම නෑදෑයෝ මේ, ‘‘හැට පැන්නත් ගහ උඩ යාමට ප්‍රියකරන දෙදෙනා’’ අඹු සැමියන් ලෙස ජෝඩු කළහ.
ඉතා සතුටින් එදින ‘‘හැට පහේ මුදලාලි’’ තමාගේ පැහැපත් ‘‘හැටේ මනමාලිය’’ තම නිවසට කැඳවාගෙන ගොස් මෙතෙක් කල් තිබූ තමාගේ ‘‘තනි යහන’’ එදින සිට ‘‘යුගල යහනක්’’ බවට පත්කර ගැනීමට නොඉවසිල්ලෙන් කාමරයට විය.
කාන්තාව ස්නානය කර පැමිණ, රාත්‍රී ඇඳුමකින් සැරසී, මුදලාලි ඉදිරියට ඉඟි බිඟි පාමින් පැමිණියාය. මහත් ආශාවෙන් ඇයගේ සිරුර දෙස බැලූ මුදලාලි ට ‘‘දෙයියෝ සාක්කි’’ යැයි ඉබේටම කියැවිණි. මනමාලිගේ මුහුණ, බෙල්ල, සහ වැලමිටෙන් පහළ අත්දෙක පමණක් තනි සුදු පාටින් දිලිසුනු අතර, ශරීරයේ ඉතිරි කොටස් කළුදොදොල් පාටට ඔහුට පෙනුණි.
මුදලාලිට යකා ආවේශ විය. ‘‘අර හොර කපුවා මාව කෑවා, යකෝ මේකා මට ජෝඩු කෙරුවේ දෙමුහුන් එළදෙනක්නේ’’ යැයි ගෝරනාඩු තබමින් මනමාලිට දෙස් දෙවොල් තබන්නට විය.
මොහොතකින් පැහැපත් මනමාලිය රැගෙන ආ ඇයගේ රෙදිපිළි මිදුලට කාමරයේ සිට උඩින් විසිවී එනු පෙනුණි. කලබලයෙන් එළියට පැමිණි කාන්තාව විගසින් ත්‍රීවීල් රථයක් ගෙන්වාගෙන ඇයගේ ගම් පළාත බලා නොපෙනී ගියාය.
මේ සිද්ධිය අවට ගම්වලට ද පැතිර ගියේය. මනමාලියගේ ගමේ අයත්, මුදලාලිගේ ගමේ අයත්, ඔවුන් හමු වන විට ‘‘සුදු ඇඳගෙන කළු ඇවිදින් හිටියලු නේද?’’ යැයි අසන විට තැන නොතැන නොබලා ‘‘වැදූ මව’’ මුලට දමා අමු තිත්ත සරුප වචනයෙන් අමතනවාලු.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හම සුදු කරගන්න ගිහින් කසාදයත් කැඩිලා
sumith Thursday, 02 November 2023 09:53 PM
මුතු ඇටේ නිවුස් තමා මේ....!