IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හොරකුගේ ජිල්මාට් එකෙන් කතකගේ මුද්ද අතුරුදන්

(තිහගොඩ උපසේන ලියනගම)
වියපත් මවක් සිය බෑනා අත්හල දියණිය සමග උසාවියට ආවේ එදිනට නියමිත වන්දි නඩුවක පැමිණිලිකරුවන් ලෙසටය. උදේම එහි ගිය නිසා අසල වූ තේ කඩයකට ගොඩවී තේ බොන අතරතුර මේ නඩුව ගැන කතා කරන ආකාරය අසල සිටි පුද්ගලයකු අසා සිටියේ රහසෙනි.


”අම්ම උසාවියට යන්න. තව ගොඩක් වෙලාව තියෙන නිසා මම දරුවට කෑම පෙට්ටියකුත් අරගෙන එන්නම්” දියණිය කීවාය.
මෙය අසා සිටි පුද්ගලයා කඩිනමින් උසාවිය දෙසට ගොස් පාළු ස්ථානයක සිට අලස ගමනින් එන අම්මාට ”අම්මාගේ හිතේ මහ බරක් තියෙනවා. අදත් නඩුව ඉවර වෙන්නෙ නෑ.  ඕකට මම පිළියමක් කියන්නං” කියමින් සාස්තරකරුවකුගේ වෙස් ගෙන ඇයගේ අත ඇල්ලූවාය. ඇයද ඊට එකඟ විය.


මොහොතකින් හස්ත මුද්‍රා පෙන්වමින් ඇගේ මුහුණ පුරා අත විහිද වූ ඔහු කලින් දැනගත් දේ පවසමින් ඇගේ ඇඟිල්ලෙහි වූ රන් මුදුව ගලවා ගත්තේ  ඇය මේ  වනවිට සිහි නැතිවූ හෙයිනි.


ඇයට සිහිය ආවේ ඔහු පැනගොස් බොහෝ වෙලාවකට පසුවලූ. දකුණු පළාතෙන් ඇසුණු කතාවකි.

 



අදහස් (0)

හොරකුගේ ජිල්මාට් එකෙන් කතකගේ මුද්ද අතුරුදන්

ඇසිලින් Monday, 17 November 2014 06:28 AM

ලංකාවේ මිනිස්සු නිසා නරකයි. පිටරට මිනිහෙක් නම් දෙවියෝ. (නි)

:       0       0

සිරිසේන Tuesday, 18 November 2014 01:18 AM

ඔයාලා ඉන්න කියනවා නම් සිහිනැතුව වගේ මම ඉන්නම්කෝ සද්ද නැතුව. (නි)

:       0       0

ජේසන් Tuesday, 18 November 2014 01:35 PM

මම හිතුවේ මට විතරයි සිහිය නැති වෙලා තියෙන්නේ කියලා. බලනකොට තවත් අය ඉන්නවානේ. (ර)

:       0       0

රුවන් Monday, 17 November 2014 06:54 AM

දුව මොකටද තනිවම ගමන් ගියේ?දුවගැන මට ලොකු සැකයක් තියනවා (නි)

:       0       0

රූපවති Monday, 17 November 2014 02:31 PM

සිරිසේන සොයුර ..! ඔයාගේ කෙමෙන්ට් එක ගොඩාක් හරවත් ..සිනහවක් සමගින් මේ ලියන්නේ...! නොබියව ඉදිරියට යන්න ඇස්දෙක පියාගෙන ගියත්, සිහි මුර්ජාවෙලා හිටියත් කවදාවත් ඔයාට වරදින්නේ නැහැ කියල මමත් ඔයාට හූ නා කියන්න වගේ කියන්නේ ..ඒකාන්තයි ...අපේ රාවනා රජු නැගිටිනවා වගේ ඔයාටත් සිහිය එනවා...!!! (අ)

:       0       0

ධනුක Sunday, 16 November 2014 09:20 PM

අද කාලයේ වයස් භේදයක් නැතුව කාන්තාවන්ට සිදුවෙන දේවල් අනුව මේ අම්මාගේ මුද්ද පමණක් අහිමි වීම ගැන සතුටුවිය යුතුය. (නි)

:       0       0

සමන්ති Sunday, 16 November 2014 10:08 PM

අනේ මෙහෙමත් නුවණ හැඳිමිටේ තිබෙන කට්ටියක්! (නි)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 16 November 2014 11:48 PM

අසරණ වුණ කාන්තාවකගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන පහත් වැඩක් කළ පිරිමියෙක්.වැඩක් පලක් කරලා කීයක්හරි හම්බ කරලා ජීවත් වුණොත් නරකද? අනේ මේ වාගේ පිරිමිත් ඉන්නවානේ! (නි)

:       0       0

සරසි Monday, 17 November 2014 01:58 AM

බොරු සාත්තරකාරයින් විතරක් නෙමෙයි ඇත්ත සාත්තරකාරයිනුත් බල‍ාගෙන ඉන්නේ කවුරුන් හෝ ගැහැණු පරාණයකට තමන්ගේ ළඟට දුවගෙන එන්න හේතුවෙන දෙයක් සිද්ධවෙනතුරු තමයි. (නි)

:       0       0

සිරිසේන Monday, 17 November 2014 02:52 AM

අවුරුදු ගානකට කලින් මමත් ගැහැණු කෙනෙකුගේ අත අල්ලලා සාස්තරයක් කිව්වා. දාපු මුද්ද ගළවා ගන්න නම් බැරිවුණා. හැබැයි මට තාම සිහිය නැහැ (නි)

:       0       0

ඇසිලින් Tuesday, 18 November 2014 05:53 PM

මම හිතන්නේ මෙතන එක්කෙනෙකුට සිහිය ඇවිල්ලද කොහෙද විකාරයෙන් දොඩවනවා (නි)

:       0       0

ගජේන් Monday, 17 November 2014 03:24 AM

කොහොමද ඒ කාන්තාවට සිහිය නැතිවුණේ? (නි)

:       0       0

ජිලාන් Monday, 17 November 2014 09:03 PM

සිරිසේනට වුණ වැඩේ අපේ පරසිඳු අසවල් පාඨක භවතාට වෙලා නැද්ද මන්දා! (නි)

:       0       0

රූපවති Monday, 17 November 2014 05:21 AM

ලංකාවේ මිනිසුන්ට ඉන්න තැනින් අගලක් වත්.. ඉහලට නොයා ..පැදුරෙනුත් බිමට වැටෙන තත්වයට පත්වෙලා තියෙන්නේ ඇයි..? ඔය පිරිහිණු මානසිකත්වය සහ නින්දිත වැඩ නිසයි ..හැමදාම ..අසුචි ගොඩේ දුක්විදිනව.සුගතියක්නම් කවදාවත් නැහැ...? (අ)

:       0       0

පුෂ්ප කුමාර Monday, 17 November 2014 11:57 AM

මේ කියන ස්ත්‍රියයි හොරයි දෙන්නම දකුණු පළාතේ කීවා නේද?(හේ)

:       0       0

නිහාල් විතානගේ Monday, 17 November 2014 05:53 AM

මුද්ද හුගක් බුරුලට තිබිලා තියෙන්නේ .? ඕක ගලෝනකොට ඇඟට නොතේරුනේ එ්කයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 309 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 347 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 606 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 639 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1083 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 908 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 462 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site