කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
තමා නැති අතරේ තම රූමත් බිරිඳ බැලීමට කිසියම් පුද්ගලයකු පැමිණ ඇතැයි සිතා විශාල අකරතැබ්බයකට මුහුණ පෑ සැමියකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
හෙතෙම නිවෙසේ සිට දුර බැහැර ප්‍රදේශයක කාර්යාලයක සේවය කරන්නෙකි. විවාහකයකු වන ඔහුගේ එකම පුතා 18 හැවිරිදි වියේ පසුවිය. හෙතෙම තම ගෙවත්ත අලංකාර අන්දමින් පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වූ අතර මවගෙන් ද ඊට නොමද සහයක් ලැබිණි.
ඇය වයසට වඩා ළාබාල පෙනුමෙන් යුත් රූමත් කාන්තාවක් වූවාය. මේ නිසාම දකින කියන බොහෝ අයගේ සිත් ඇය කෙරෙහි යොමු විය. එය සැමියාට නොරුස්සන සුළු විය. මේ නිසා ම ඔහු ඇය ගැන සැකයෙන් බලන්නට විය.
දිනපතා රැකියාවට යන මොහු නිවෙසට පැමිණෙන්නේ තරමක් රෑ බෝවෙද්දීය. ඒ එන විට තම යහළුවන් සමග මධුවිතකින් සප්පායම් වීමට ද අමතක නොකරයි.
දිනක් තම සේවය නිමකර නිවෙසට පැමිණි ඔහුට අඩ අඳුරේ ගෙවත්තෙහි කිසිවකු සිටින බවට ඡායාවක් දැක කලබලයට පත් වූයේ තම බිරිඳ හමුවීමට කවුරුන් හෝ පැමිණ ඇතැයි සැක සිතමිනි.
කලබල වූ ඔහු “කවුද ඔතන මොකද කරන්නෙ?” ඇසීය. පිළිතුරු නොවූ හෙයින් තවත් වරක් එසේ ඇසීය. එයටත් පිළිතුරු නොලැබුණ නිසා කෝපයෙන් ඉදිරියට පැන ඔහුගේ පපු පෙදෙසට වේගවත් පහරක් එල්ල කළේය. තද දෙයකට අත වැදීමෙන් ඇතිවූ වේදනාවත් සමග කෑගසාගෙන ඔහු බිම ඇද වැටුණේ එතැන සිටි තැනැත්තාත් සමගිනි.
මෙම ශබ්දය ඇසුණු බිරිඳ එතැනට දුවගෙන ආ අතර, ඇය දුටුවේ එදින තම පුතා ගෙවත්ත අලංකාරය සඳහා ගෙනවිත් සවිකර තිබූ මාළු බිලීබාන රුවක් ඇති කොන්ක්‍රීට් පිළිරුව සමග තම සැමියා බිම ඇද වැටී සිටින අයුරුය.
පුතාගේ ද සහාය ඇතිව සැමියා නැගිටුවා ගත් ඇය සිදුවූ දෙය අසා මවිතයට පත්විය. සැමියාගේ ද ඉහමොළ රත් වූයේ හදිසි කලබලය නිසා තමාට සිදු වූ අකරතැබ්බය නිසාය. දෙකට කැඩී ගිය පිළිරුව දෙස ද බැලූ ඇය දකුණු අතේ අස්ථියක් බිඳී ගිය සැමියා වෛද්‍යවරයෙකු ළඟට කැඳවාගෙන ගියේ කිසිවක් හරිහැටි නොසොයා මින්මතු වැඩ නොකරන ලෙස තම සැමියාට අවවාදයක් ද දෙමිනි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොරෙකුට ගහලා අතත් කඩාගෙන