IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හොරාට නිවෙස බිඳින්න ඉඩදී පොලිසියට අල්ලා දීලා

නිවෙසකට හොරෙක් වහලයෙන් බැස ඔහු හොරාට හොරෙන් 119 ට පොලිසියට දන්වා නිවස තුළදීම හොරා කොටුකර ගැනීමේ සිද්ධියක් අම්බලන්තොට සියඹලාගස්විල ප‍්‍රදේශයෙන් වාර්තාවේ.
කුලියට රෙදි මහන නිවෙසකට රාත‍්‍රී කාලයේ වහලයෙන් බැස සොරකම් කිරීමට සූදානම් වෙද්දී හොරාට හොරෙන් පොලිසියේ 119ට කතාකර සිද්ධිය දැන්වීමෙන් පසු අම්බලන්තොට පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ.
පොලිසිය එහි ගොස් නිවස තුළ සිටි හොරා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.



අදහස් (0)

හොරාට නිවෙස බිඳින්න ඉඩදී පොලිසියට අල්ලා දීලා

වික්ටර් Sunday, 21 July 2013 07:34 AM

හරියටම ශ්‍රී ලංකාවේද?(නි)

:       0       0

රන්දි Friday, 19 July 2013 11:54 AM

එතකොට මේ ඔත්තු බලපු කෙනාද 119 ට කතාකරල තියෙන්නේ. මෙයා නම් නුවර කෙනෙක් වෙන්න බැහැ, හොරා පොලිසියෙන් අල්ලන් යද්දී කීවද දන්නේ නැහැ අනේ මචන් මට නින්දෙන් කෝල් කරන ලෙඩේ තියනවා කියලා.(නදී)

:       0       0

ප්‍රිය Sunday, 21 July 2013 11:18 PM

ගෙදර අය හොරා පොලිස් කරලා (දී)

:       0       0

ලලිත් Sunday, 21 July 2013 04:35 PM

හොරා කොටුකරලා දුන්න නිසා පොලිසිය ආවා වෙන්න පුළුවන්.නැත්නම් ඉතින් ගෙදර මිනිස්සුන්ට බුදුසරණයි තමයි (දී)

:       0       0

අරුණි Friday, 19 July 2013 12:09 PM

වරුනට දැන් තේරුනාද කොහොමද මොලේ පාවිච්චි කරන්නේ කියලා? (දී)

:       0       0

ගිම්හානි Friday, 19 July 2013 12:18 PM

මෙතන පුදුමේ කියන්නේ පොලිසිය මේ වෙලාවේම අපු එක ගැන .පුදුමඊ එත් ඇත්තයි (අ)

:       0       0

රණවන Friday, 19 July 2013 12:20 PM

119 ගන්න හරිම අමාරුයි. මට පෙන්නේ එක ගැන සොයා නොබැලුවොත් එකත් සුදු අලි ව්‍යාපාරයටම වැටෙයි (අ)

:       0       0

මිනිපෙ Monday, 22 July 2013 02:07 AM

මම මේ ගෙදර ස්වාමියාගෙන් නිකමටවගේ අහන්නේ.."ඔයා හොදටම දන්නවද වහලෙන් ආ අගන්තුකයා හොරෙක්මද කියාලා "?(නදී)

:       0       0

දිනෝ Friday, 19 July 2013 01:04 PM

අයියෝ රන්දි, ඔය මේ ලෝකේ රහක් නැති ප්‍රතිචාරනේ දාන්නේ . අන්තර්ජාලය පාවිච්චි කරන පලියට ඔහේ ලියන්න එපා.ඔලුව ටිකක් පාවිච්චි කරන්නකෝ. (අ)

:       0       0

හේරත් Friday, 19 July 2013 10:34 PM

නුනවනක් කාර විදිහක් අනුගමනය කරලා තියෙනවා (දී)

:       0       0

සංජය Friday, 19 July 2013 05:40 PM

මනෝජ්-සාජා නම් හරි හොද කෙනෙක් වගෙයි (දී)

:       0       0

බමුණු Friday, 19 July 2013 06:06 PM

ඒකෙන් වුනේ ඕගොල්ලන්ට හොරාට පාඩමක් උගන්වන්න තිබුන අවස්ථාව නැතිකර ගත්ත එකයි. දැන් හොරා කොහොමහරි නීතිඥ සහයෙන් බේරිලා ගියොත් ඕගොල්ලන්ට පුස් තමයි. මම නම් හොරාගේ කකුල් දෙක කඩලා කියනවා වහලේ පනිද්දී කකුල් කඩා ගත්තා කියලා. (නි)

:       0       0

කටුවාන Friday, 19 July 2013 06:55 PM

අනේ කව්රුහරි දන්නා කෙනෙක් 119 එකේ ෆොන් නොම්මරේ මට කියන්නකෝ (නි)

:       0       0

විමුක්ති Saturday, 20 July 2013 01:19 PM

අන්න ඔලුව පාවිච්චි කරන මිනිස්සු. (දී)

:       0       0

වරුණ Friday, 19 July 2013 02:18 PM

අරුණි ගෙදර කවුරුත් නැති වෙලේ අවිෂ්කව ගෙට ගත්තෙත් වහලෙන්නේ? කොහොම හරි වැඩේ ගෙදරට අහුවුණා නේද?(නදී)

:       0       0

රුක්මල් Saturday, 20 July 2013 10:23 PM

මොකද දිනෝ ඔහොම චන්දිට බනින්නේ ..පව් නේද ..එයා කැමති ඇතිනේ එයා ලියන දේවල් කව්රු හරි බලනවට... (දී)

:       0       0

රූපවතී Friday, 19 July 2013 07:22 PM

බමුණු, ඔයා නම් හරිම නපුරු දුෂ්ටයෙක්. ඒ අසරණ මිනිහා ඔයා වගේ පොහොසතෙක් නෙමේ වෙන්න ඇති. ඒකනේ ගෙට පැන්නේ මොනවා හරි හොරාගෙන දරුවන්ට හෙට කන්න දෙන්න. ඉතින් ඔයා ඒ අසරණ හොරාගේ කකුල් දෙක කැඩුවොත් එයාගේ පවුල බාර ගන්නේ කවුද? (නි)

:       0       0

බමුණු Saturday, 20 July 2013 03:37 AM

"බමුණු, ඔයා නම් හරිම නපුරු දුෂ්ටයෙක්. ඒ අසරණ මිනිහා ඔයා වගේ පොහොසතෙක් නෙමේ වෙන්න ඇති. ඒකනේ ගෙට පැන්නේ මොනවා හරි හොරාගෙන දරුවන්ට හෙට කන්න දෙන්න. ඉතින් ඔයා ඒ අසරණ හොරාගේ කකුල් දෙක කැඩුවොත් එයාගේ පවුල බාර ගන්නේ කවුද?" රූපවති නැන්දේ කොහොම පාරේදී ඔයගේ රත්තරන් මාලේ කඩ ගත්තනම් මෙන්න මල්ලි වළලු දෙකත් කියල ගලෝල දෙනවද. රූපවති නැන්දේ හොර හොරාමයි හොරකම අසු උන කෙනාට තමයි එහි අමරුව අනික් යට බන කියන්න පුළුවනි. අපි අර හොර ගෙඩියට කියමු හොරකම් කරලම පවුල නඩත්තු කරන්න කියලා. අනේ හොඳයි හරක් බදින්න කණුවකට ගන්න.(නදී)

:       0       0

තරාරක Saturday, 20 July 2013 11:32 PM

ඇත්තටම ගොඩක් හොඳ තීරණයක්. ඒත් පව් හොරා. චුට්ටක් කල්පනාකරන්න්න අද හොරු වැඩි වෙන්න හේතුව මොකක්ද කියලා. රටට තියෙන ආපතේ නේද. (අ)

:       0       0

සරත් Friday, 19 July 2013 10:10 AM

"හොරාට හොරෙන් හොරු ඇල්ලීම"... අනේ හොදයි. (දී)

:       0       0

මනෝජ්-සාජා Friday, 19 July 2013 02:55 PM

දැන් මෙතැන අදහස් දාන අය මඩ ගහගන්ට පටන් අරන්.පුවතට අදාලව අදහස් පල කරන මෙන් ඉල්ලා සිටිමි (දී)

:       0       0

වරුණ Friday, 19 July 2013 10:25 AM

අන්න ඔලුව පාවිච්චි කරන මිනිස්සු (දී)

:       0       0

සෙලෝ Friday, 19 July 2013 10:32 AM

119, හොදටම විශ්වාසද? (අ)

:       0       0

ජානක Sunday, 21 July 2013 03:09 AM

වෙන්නප්පුවේ හිටියා දෙන්නෙක් ඔත්තුවක් දුන්නු ගමන් හොරාට දුරකතන ඇමතුම් දීලා ඒ අයගේ ඇඩ්වාන්ස් එක අරන් ඔත්තුව දුන්නු කෙනාව හිරේ අරිනවා.(නදී)

:       0       0

දුමින්ද Friday, 19 July 2013 11:43 AM

හොරාගේ හෙළුව හොරා කමින් සිටිද්දී පොලීසියේ අතට.(නදී)

:       0       0

සමීර වී . Friday, 19 July 2013 11:45 AM

හොරා රෙදි හොරකම් කලාට පාඩුව විතරයි. ඒත් ගෙදර අයට කරදරයක් කළා නම් පොලීසිය එනවිට පෙරහැර ගිහින් ඉවරයි.ඊට පස්සේ ගෙදර මහත්තයට අලුත් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 431 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 564 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1053 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 890 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2342 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 813 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site