IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හොරෙන් කැඳ බී දවසක් වැසිකිළියේ ඉඳලා

හොරෙන් කැඳ බීමට ගොස් දිනය පුරා වැසිකිළියේ සිටීමට සිදු වූ පුද්ගලයකු ගැන පුවතක් රත්නපුර ආසන්න නගරයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මොහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. මත්පැන් බිවූ පසු පසුවදාට දැනෙන අමාරුව නැති කර ගැනීම සඳහා දිනපතා ඔහු කොළ කැඳ බීමට පුරුදුව සිටියේය.

කොළ කැඳ බීම සඳහා යන මුදල ඔහු ගෙවන්නේ නොගෙවාම බැරි නිසාය. දිනක් ඔහුට අපූරු අදහසක් ඇති විය. ඒ කොළ කැඳ වෙළෙන්දා විසින් උදෑසන සමහර නිවෙස් අසළ බෝතල්වල දමා යන කැඳ දැකීමෙනි. වෙළෙන්දා විසින් ගේට්ටුවේ එල්ලා යන කොළ කැඳ බෝතලයට මුදල් ගන්නේ ගෙහිමියාගෙන් පසුවදාය.

මොහු මෙය දැක දිනක් හොරෙන් කොළ කැඳ බෝතලය පානය කර හීන් සීරුවේ මාරු විය. නිවෙස් හිමියාගෙන් මුදල් ඉල්ලීමට වෙළෙන්දා ගිය පසු ඔහුත් පවසන්නේ හිස් බෝතලයක් පමණක් ගේට්ටුවේ තිබුණු බවය.

සිද්ධිය හා පුද්ගලයා හඳුනාගත් කැඳ වෙළෙන්දා නිවෙස් හිමියන් දැනුම්වත් කර කැඳවලට ජාපාල කලවම් කර පසුවදා ගේට්ටුවේ එල්ලන ලදී. හදිස්සියේ පැමිණි කැඳ හොරා එක හුස්මට කැඳ බෝතලය බී වේගයෙන් එම ස්ථානයෙන් මාරු වී ඇත්තේ කැඳවල දැනුණු අමුතු රස අමතක කරමිනි.

ටික වෙලාවක් යන විට වැසිකිළියක් සොයා ගැනීමට නොහැකි තැන අසළ තිබූ ලන්දකට පැන ප‍්‍රථමවටය නිම කර දිනය පුරා පොදු වැසිකිළියට ගොස් රුපියල් දහය ගානේ එකසිය පනහක් වෙනතුරු මුදල් ගෙවන්නට සිදු වුණාලූ.



අදහස් (0)

හොරෙන් කැඳ බී දවසක් වැසිකිළියේ ඉඳලා

රූපවතී Thursday, 10 September 2015 12:05 PM

කුරුණෑගල කොහොමවත් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සමිර Friday, 11 September 2015 04:33 AM

ජීවිතේට ආයි කැද බොන්න නම් එපා වෙන්නැති. (බ)

:       0       0

බණ්ඩාර Thursday, 10 September 2015 12:30 PM

මමත් ගොඩාක් ආසයි කොළකැඳ බොන්න. පසුගිය දවසක මම කොළඹ ගියා නෝනාගේ අධ්‍යා‍‍පන වැඩ වගයකට. සතියක් විතර කොළඹ නැවතිලා හිටියා. නෝනා එයාගේ වැඩවලට උදේම යනවා. ඉතිං,මගේ වැඩේ කොළඹ තියෙන කොළකැඳ කඩවලින් එක එක ජාතියේ කොළකැඳ බොන එක තමයි. කිරුළපන, නාරාහේන්පිට, වැල්ලවත්ත, නුගේගොඩ, රත්මලාන කියන හැම තැනකින්ම මම කොළකැඳ බිව්වා. (නි)

:       0       0

සුභාෂ් Thursday, 10 September 2015 06:43 AM

කෝ මේ අපේ රූපවතී නෝනා..? මේක නම් කුරුණෑගල නෙමෙයි ඔන්න. (නි)

:       0       0

ඉමාක් Thursday, 10 September 2015 06:49 AM

ඇති ඔයින් ගියා... (නි)

:       0       0

රූපවතී Friday, 11 September 2015 06:51 AM

සුදීරට මොකද ඉරිසියාද ? බලාගෙන ඉස්සරහ දොර අරිනකොට පරිස්සමට හොදේ. කව්රුවත් මොනවත් හේත්තුකරලා ඇති දොරට. (නදී)

:       0       0

රුපාවති Friday, 11 September 2015 06:58 AM

ගණන් ගන්න එපා සුදීර ,,ඒ කාලේ පිටබැද්දර ජයා අයියා ..කොළ කැද කඩයක් දමා ගෙන තිබුණා ..මම පාරේ ගියත් මට අඩගහලා කැද කෝප්පයක් දෙනවා ..සල්ලි වලට නෙමෙයි.(ම)

:       0       0

සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 04:52 PM

මමත් ආසයි කොළ කැඳ බොන්න. නමුත් මම හදලා තමයි බොන්නේ. ප්‍රංශයේ කොළ කැඳ විකුණන්න නැහැ (නි)

:       0       0

ශ්‍රියා Thursday, 10 September 2015 08:47 AM

දැන් ලංකාවේ ඉන්න, මත්පැන් බොන අය කොළ කැඳ බොන්න පටන් ගනීවි, පසුවදාට ඇතිවෙන අපහසුතාවය නැතිකර ගැනීමට.මම දන්නා මාමා කෙනෙක් හිටියා අපේ ගමේ.එයා කරේ නැන්දාට කියලා තැම්බුම් හොද්දක් හදාගෙන බොන එකයි.මම ගමේ ගිය වෙලාවකයි මේ බව දැනගත්තේ. (අ)

:       0       0

සුදීර Thursday, 10 September 2015 09:07 PM

අනේ පිටබැද්දර ජයා,තමුන්නැහෙට ගැහැණු කොළ කැඳ බොන ඒවායි, මුණු වල ක්‍රීම් ගාන ඒවායි බලනවා ඇරෙන්නට වෙන වැඩක් එහෙම නැද්ද.....? (නි)

:       0       0

බුද්ධි Thursday, 10 September 2015 09:20 PM

ජාපාල වලටත් කරන්න පුලුවන් දේවල්.... (නි)

:       0       0

තිලක් Thursday, 10 September 2015 09:21 PM

මගේ කිතුල් මලකින් කවුද හොරෙන් රා බොන්න පටන් ගත්තා. කොච්චර සෝදිසියෙන් සිටියත් අල්ලාගන්න බැරි වුණා. ඒ නිසා මම රා මුට්ටියට ජාපාල තලලා දැම්මා. පසුවදා මට ආරංචි වුණා බාප්පා අසනීපවෙලා කියලා. ඔන්න ඔහොමයි රා හොරා අහුවුණේ. (නි)

:       0       0

රෂින්ත Thursday, 10 September 2015 10:13 AM

වෙළෙනදාගෙ වැඩේ නම් නියමයි! (අ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 10 September 2015 11:42 AM

රූපවතියත් කොළ කැඳ වලට නම් මනාපයි. හැබැයි නංගියේ බලාගෙන හොරෙන් බොන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 695 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 728 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1105 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9431 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 866 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 329 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2019 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site