IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


හොරෙන් පොල් රා බිවූ මිතුරෝ ඇඳිවත පුදා ගෙදර එති

අතුරකට රාත‍්‍රියේ නැඟී හොරෙන් පොල් රා බිවු මිතුරන් දෙදෙනකු සිය ඇඳිවතද අහිමි කරගෙන නිවෙසට යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ.

ඉඳහිට අතුරකට නැඟී හොරෙන් රා බීමට හුරු වී සිටි මිතුරන් දෙදෙනා සිය කමිස හා සරොම් ගලවා ගස මුල තබා අතුරේ පොල් ගස් දෙකකට නැඟ ඒවායේ මුට්ටිවල තිබූ රා බීවූහ.

රා බී ආපසු ගස්වලින් බසින විට ඔවුන්ගේ ඇඳුම් අතුරුදන්ව තිබිණි. අවට සොයා බැලූවත් ඇඳුම් සොයාගත නොහැකි වූ නිසා යට ඇඳුම් පිටින්ම ඔවුහු ගෙදර ගියහ.

පසුදින අතුර හිමියාගෙන් ඔවුන්ට පණිවිඩයක් ලැබිණි. එනම් නැති වූ ඇඳුම් අවශ්‍යනම් තම නිවෙසට එන ලෙසය. එහෙත් ඔවුන් තවමත් ඇඳුම් ගෙන ඒමට ගොස් නැත.

පසුව හෙළිවූයේ හොරෙන් රා බොන අය අල්ලා ගැනීමට එදින රෑ පරීක්‍ෂාවෙන් රැක සිටි අතුරේ හිමිකරු හොරෙන් රා බීමට පැමිණි අය හඳුනාගෙනම ඔවුන්ගේ ඇඳුම් රැගෙන ගොස් තිබූ බවයි.

හොරෙන් රා බීවූ දෙදෙනාම අතුර හිමිකරුගේ හිතවතුන් දෙදෙනකු වීම නිසා අතුර හිමිකරු මෙයින් එහාට ඔවුන්ට විරුද්ධව කටයුතු කළේ නැතිලූ.

 



අදහස් (0)

හොරෙන් පොල් රා බිවූ මිතුරෝ ඇඳිවත පුදා ගෙදර එති

ෂෙරිෆ් Wednesday, 18 September 2013 10:20 AM

මම නම් අද මේ ගැන මොකුත්ම ලියන්නේ නැහැ, සිද්ධිය බෙන්තර ගඟෙන් එහා නිසා. රූපවතී අක්කාගෙන් අහලා විස්තර පස්සේ අහගන්නවා. (නි)

:       0       0

හේරත් Sunday, 22 September 2013 10:05 AM

එන්න එපා ඕනේ නැති පද හදන්න. කියනවා අම්මිට?(නදී)

:       0       0

චතූ Wednesday, 18 September 2013 04:05 PM

ඔයා නම් නියමයි පහන්. දෙයියෝ සාක්කි වලට වඩා මම කැමති ඔයාගේ කතාවලට.(නදී)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 18 September 2013 10:25 AM

මිනිසාගේ පරම සතුරා මත්පැන් සහ මත් කුඩු ය .එහෙත් සියලුම ආගම් පවසා ඇත්තේ සතුරාට ප්‍රේම කරන ලෙසය. (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Tuesday, 24 September 2013 10:12 AM

කුමාරිහාමි හරි. තෙලිජ්ජ සහ රා කියන්නේ දෙකක්. කොහොම වුණත් මෙතන දාලා තියෙන අදහස් දැක්කම පිස්සු ඩබල් වෙනවා. (නි)

:       0       0

දිසානායක Friday, 20 September 2013 01:08 PM

චතු කෙල්ලේ, ඔය ලියලා තියෙන්නේ ඔයා නම් නියම පහන් කියලා ඔයා කොහොමද ඒක දන්නේ....පහන් කියවීමේ හැකියව නැති කෙනෙකුට පොතක් බලලා කියවීමේ හැකියාව තියනවද? එතකොට ඔයා ඔය කියන තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද ...එ නිසා වචන තියන පලියට ලියන්න එපා ..වැකි ලස්සනයි අර්ථය පිළිබද ගැටළු ඇති වෙනවා .ගමේ වෙල් යායේ ක්‍රිකට් ගහනකොට හයෙ පාරක් වැදුනට පිස්සෝ වගේ බැට් උස්සන් දුවන්න එපා හයේ පාරවල් වදින්නේ නැහැ ....අනිත් එක මගේ අසනීපය හොඳ වෙන්නේ කවද හරි රුපව කරකාරේට ගත්ත දවසට ඔං..... (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 18 September 2013 10:34 AM

මැදිවියේ මිනිසෙකු බීර බෝතලයක් තොල ගාමින් සිටී මැදිවියේ කාන්තාවක ඔහුගෙන් මෙසේ ඇසීය ඔබ දිනකට බීර බෝතල කීයක් බොනවද ?තුනක් පමණ මිනිසා පිළිතුරු දුනි. ඔබ බීර බීමට පටන් ගෙන කොපමණ කල් ද ?අවුරුදු 35 පමණ මිනිසා කීය. අවුරුදු 35 කට බීර සඳහා ගිය වියදම ගණනය කල ගැහැණිය මෙසේ කීය .ඔබ ඔය මුදල් ඉතිරි කලා නම් ඔබට ෆෙරාරි රථයක් මිලදී ගත හැකිව තිබුණා .මිනිසා පෙරලා ගැහැනියගෙන් මෙසේ ඇසීය. ඔබ බීර බොනවද ?නැහැ ගැහැණිය කීය. එහෙනම් කෝ ඔයාගේ ෆෙරාරි කාරෙක ? (ස)

:       0       0

මලිති ඇමෙරික Wednesday, 18 September 2013 11:44 PM

පහන් ඔබේ කතාව මමත් කියවල තියනවා .නමුත් මතක් උනේ දැන් ඔබේ කතාව දැක්කම .ඔබට ස්තුති රස කතා වලට .(අ)

:       0       0

පහන් මඩුගල්ලේ Thursday, 19 September 2013 01:53 PM

ඉන්දු මම මත්පැන් දුම්වැටි විරෝධියෙක්. හැබැයි බොන තැන එළිවෙනකම්ම සින්දු සහ කතා කියකිය ඉන්නවා.මගේ බොක්ස් ගිටාර් එකත් අරන් මම පාටිවලට යනවා. අන්තිමට උන්ගේ වමනේ අදින්නෙත් මම. කියලා වැඩක් නැහැ අපේ බේබද්දෝ ගැන (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 09:47 PM

පොල් රා ටිකක් බීලා ජොලියක් ලබලා - කරුමෙට පදම වැඩිවී ඇඳිවත් පුදලා - ලංකාදීපේ කියවන සැම සතුටු කළා - එන්නම් ගොහින් කතු තුමා හට පවන් සලා...... (නි)

:       0       0

සරත් Wednesday, 18 September 2013 10:57 AM

මමත් පානය කරලා තියනවා.අපේ පැරැන්නෝ හවසට ඕවා පානය කරන්නේ. කෝ ඉහෙන් බහින රෝගයක් තිබුනේ නැහැනේ. ඒත් දැන් නම් විවිධ දේවල් දාන නිසා කවුරුවත් බොන්න එපා. (නි)

:       0       0

පහන් Wednesday, 18 September 2013 04:51 PM

ඉංග්‍රීසි පුවත් පතක තිබු ලස්සනම ලස්සන කතාවක් මම සිංහලට ලියල එව්වා අනේ පලකරලා නැහැනේ. (නදී)

:       0       0

හේරත් Wednesday, 25 September 2013 09:38 AM

මදුකා, ඔයා මොනවා කනවද මම දන්නේ නැහැ. මම දන්නා කාලේ ඉඳලා හරක් කන්නේ තණකොළ. බොන්නේ පුන්නක්කු, (නි)

:       0       0

දිසානායක Wednesday, 18 September 2013 05:11 PM

චතු ඔයාට පහන් ගෙදර ගෙනියන්න ඕනේ නම් මාව අමතන්න. හැබැයි ඉතින් ඔය ව්දිහට නා ගන්නේ දකුණේ මල්ලිලා තමයි. විජේසිංහ මහත්තයෝ, විජේසිංහ දකුණ බේරා ගන්න මෙහෙම වලි කනවා. චතු නංගී අර කොල්ලගේ කතා වලට ලෙලි යනවා. රූපවති අප්පච්චිගේ රා මුට්ටිය බිලි දෙනවා. අනිත් ඈයෝ පුරුදු ලෙසට මහා පාරේ ඇලවෙනවා. ඩෙගු ඩෙගු පරි රබුටු කැකිරි.(නදී)

:       0       0

මංගල ,ඇමෙරිකා,සෙන්ෆ්රන්සිස්කෝ Thursday, 19 September 2013 02:17 AM

මම නම් කැමති "දෙවියෝ සාක්කි " වලට වඩා ඔයාලගේ ප්‍රතිචාර බලන්න, හරිම රසවත්.ඔයාලා හැමෝම හරිම විනෝදකාමී අය. (නි)

:       0       0

වරුණ Wednesday, 18 September 2013 11:34 AM

මේක ලංකාදීප ඊයේ නිවුස් වලත් තිබ්බා වගේ මතකයි? බන්දුල පෙරේ...රා...හැදිලා තියෙන්නෙත් රවලින්ම තමා.චන්ඩි අක්කේ රූපවතී අක්කේ මොකද කියන්නේ මේක ගැන? (නදී)

:       0       0

රූපවතී Wednesday, 18 September 2013 11:35 AM

අනේ ෂෙරීෆ් ..සොයුර මම නම් කුරුණෑගල..මමත් කුඩා කාලේ රා බීලා තියනවා..ඒ අපේම වත්තේ ගහකකින් ගෙදර පාවිච්චියට පැණි සහ අවශ්‍ය නිවසේ පරිහරණයට පොල් රා අප්පච්චි උපයෝගි කරගත් නිසා ..? (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 23 September 2013 04:38 PM

ඇත්ත රූපවති, ඔයා මම ගැන දැන් දැන් දන්නවා එහෙනම්...ඒ සුවද අතීතය මට අමතක කරන්න බැහැ. (නි)

:       0       0

නාමල් Monday, 23 September 2013 10:50 PM

රූපවතී අක්කේ, එහෙම නැතුව කොහොමද ඔයාව ලංකාවේ එක්කෙනෙකුට දීග දෙන්නේ? හදපානේ සොහොන් ගානේ කොල්ලෝ එක්ක මිනී ඔලු ඇහිදින්න යනකොට ඔයාගේ අප්පච්චිට තේරෙන්න ඇති මොකුත්ම නොතකන සුද්දෙකුටම තමයි දීග දෙන්න ඕනෑ කියලා! දිසාගේ පිනකට බේරුනා (නි)

:       0       0

දිසානායක Friday, 20 September 2013 12:17 AM

දැන් ලියන්න දෙයකුත් නැහැ. ඔළුවට එන්නෙත් නැහැ පොඩ්ඩක් ඇස් දෙක පිය වෙන කොටම එන්නේ රූ සහ චන්දි එක්ක ඔට්ටු සෙල්ලන් කරනවා රූප වැලි පොල්කටු බත් උයනවා . චන්දි තණකොළ ගෙනල්ල මැල්ලුම් මලවනවා. ඔය වගේ හීන තමා පේන්නේ. බැරිම තැන පෙරලුවා ලංකාදීපේ ලිව්වා විරිදුවක්. හීන ලෝකේ දුර ගිහිල්ල රුපගේ වැලි බත් ගිලින්න පොඩ්ඩ පොඩ්ඩ මෑත් වෙලා චන්දිගේ මැල්ලුම බුදින්න ගාට ගාට ඇවිද ගිහින් රුපගේ නෙරියෙන් අදින්න මෑත මෑත එන බක්මහේ නාදල්ලේ රස බලන්න තිලක්ගේ අර කිතුල් මලේ කවුද හොරෙන් රා බොනවා අල්ල ගන්න බැරි වෙනකොට තිලක් ඇටේ වලලනවා. මලේ සුවද රොන් බීලා බාප්පාට බඩ යනවා .... තිලක් පුතේ කවද හරි කල කරුමය පලදෙනවා.(නදී)

:       0       0

කටා මාමා Wednesday, 18 September 2013 05:55 PM

මොඩ් කොල්ලෝ ටිකක් දවසක් ආච්චි කෙනෙකුට පොලිටිකල් උගනන්න ගියාලු. ආච්චි කිවුවලු, හා හා ළමයිනේ පොලිටිකල් කියන්නේ කලටිපොල් නේ කියලා. (නි)

:       0       0

චන්දි Monday, 23 September 2013 11:46 PM

සකුරා මල් පිපිලා.., හරි සුවදයි.., සකුරා ඇවිදින් !! පත්තරේ දොරකඩ හිනැහෙන්නේ !! හදපිරි සතුටින් අපි ඔබ පිළිගන්නේ ...!!!!! (නි)

:       0       0

දිසානායක Sunday, 22 September 2013 12:42 PM

මදුක කියලා ගෙම්බෙක් දකුණට ආවඩනවා. බෙන්තර ගඟෙන් මෙහාට පනින්න එපා. ගෙබි සුප් එකට ගනී .. (ස)

:       0       0

කටා මාමා Wednesday, 18 September 2013 06:10 PM

සද දිය උතුරා අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ... තරුකැට ගිලිහී දියේ ගිලෙයි ඒ තරු ඇහිදින්නට එන්න දියේ. // (නි)

:       0       0

නන්දන Sunday, 22 September 2013 08:04 PM

උගුඩුවෝ රා බිව්වා වගේ (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 20 September 2013 03:47 AM

ෂා... පහන් ඔයාට ගිටාර් ප්ලේ කරන්නයි සින්දු කියන්නයිත් පුලුවන්ද ?(නදී)

:       0       0

කුමාරිහාමි Friday, 20 September 2013 03:27 PM

ආ සරත් අයියේ, මම ඔයා වගේ බබෙක් නොවෙයිනේ. මට රා ගැන දැනුම අඩුයි වගේ තමා. රා මැදීම ගැන විස්තරයක් කරන්නකෝ අපි හැමෝටම දැනගන්න. එතකොට කැමති කෙනෙකුට තමන්ගේ වත්තේ ගහක් මැද ගන්නත් පුළුවන්නේ. (ස)

:       0       0

මධුක Thursday, 26 September 2013 02:44 AM

හේරත් ගොයියෝ,දිසානායක, මං දකුණට ආවඩනවට කට මැත කියවන එකට මං එහෙම කිවුවේ.කොහොමත් ඔයා කිවුව දේ තමයි දැනටත් වෙන්නේ. ඒකයි දකුණේ මිනිස්සු හරක් මස් කන එක ගොඩක් දුරට අඩු කරලා තියෙන්නේ.සමහරක්ට මං කිවුව දේ වැටහිලා නැහැ (නි)

:       0       0

කටා මාමා Thursday, 19 September 2013 09:04 AM

තුරුවැල් අහගෙන සිටින නිසා කට වහගෙන හිටියොතින් ගුණයි... රාත්‍රියට ඇස් තියෙන නිසා දගවැඩ හොද නෑ බලාගෙනයි. // (නි)

:       0       0

දිසානායක් Monday, 23 September 2013 01:24 PM

මදුක කියල කෙනෙක් ඔන්න මේ පැත්තට පනිනවා (දී)

:       0       0

චන්දි Wednesday, 18 September 2013 06:46 PM

අනේ ,වරුණ මල්ලියෝ, මට මේකට කියන්න තියෙන්නේ එකම දෙයයි.පුලුවන් නම් අපි දෙන්නා එකතු වෙලා අර දෙන්නගේ ඇදුම් ටික( රා මුට්ටිය අයිති කෙනාගෙන් )අරගෙන ඇවිල්ලා දෙමු. මොකද තාම ඉන්නේ ඇදුම් නැතුවද දන්නේ නැහැනේ (මං කිතුල් රා නම් බිලා තියෙනවා පොඩිකාලේ. ඒත් පොල් රා ගැන දන්නේ නැහැ) (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 06:58 PM

වරුණ මල්ලි, ක්‍රෝධය, වෛරය කුහකකම,ගුණමකුකම,අසත්පුරුෂකම ආදී මෙකී නොකී හැම දුශ්චරිත ලක්ෂණයක්ම ඔයාගේ ඇගෙන් පෙරෙනවා.මොකක්ද මේ බණ්ඩාරගේ උණහපුලු කතාව..? (නි)

:       0       0

හේරත් Tuesday, 24 September 2013 12:17 PM

"තෙලිජ්ජ සහ රා කියන්නේ දෙකක්." ...ඉතින් අනේ මේවා කියවලා කසිප්පු ගහලද පිස්සු ඩබල් වුණේ? මේ ඔක්කොම එකම ගහේ බඩු ලොකු උන්නැහේ.... (නි)

:       0       0

සකුරා Monday, 23 September 2013 09:36 AM

"රා බිවූ මිතුරෝ ඇඳිවත පුදා ගෙදර එති" මේ එන්න එපා පද හදන්න. අපටත් නම්බුවක් තියෙනවා. ඔයාල දැක්කේ නැතිද ඇඳිවත පුදා ගෙදර ආවේ උපන් ඇඳුමින් කියල. නරකද මහා රෑ මෝහිනී බයකරලයි අපි ගෙදර ආවේ චන්දී අක්කේ.(අ)

:       0       0

චතූ Friday, 20 September 2013 09:28 AM

දිසා අංකල්, ඔයා තේරුම්ගත් විදිහයි වැරදි. මම කිවුවේ පහන් නියමයි කියලා නෙමෙයි, පහන්ගේ කතා නියමයි කියලා (නි)

:       0       0

මදුකා Wednesday, 25 September 2013 01:44 AM

දිසානායක ,දකුණේ වැඩි පිරිසක් හරක් මස් කන එක නැවැත්තුවා.(නදී)

:       0       0

ඉන්දු Thursday, 19 September 2013 10:43 AM

ඔයාලගේ කතා වලට නම් හරිම හිනා යනවා. මම හරිම ආසාවෙන් මේ අදහස් කියවන්නේ. පහන්ගේ කතා හරි ලස්සනයි. පහන් නම් සතුරාට තදින්ම ප්‍රේම කරනවා වගෙයි මට පෙන්නේ. (නි)

:       0       0

සරත් Friday, 20 September 2013 04:40 PM

කුමාරිහාමි නගාට තරහා හිහිල්ලනේ, මම 'රා' ගැන කිවුවට තේරෙයිද මන්දා. (නි)

:       0       0

මදුක Sunday, 22 September 2013 01:15 AM

පිම්බුවාට බඩ අනේ ගෙම්බාගේ නැ හැඩ දකුණට බැන බැන සමහරු පචවෙනවා බොල ,,,,,,, ඇත්ත කියලා දැන්වත් පිළිගන්න ඔයාලා හණමිටි අදහස් ගෙනියන ගොන් හරක්ද ඔහෙලා ,,,// (අ)

:       0       0

චොප්පෙ අයියා Thursday, 19 September 2013 06:01 PM

කරිඤ්ඤන් ටිකක් ගැහුවා නම් ගස් යන්න ඕනෑ වෙන්නෙ නැහැනේ (නි)

:       0       0

ඕසදී Saturday, 21 September 2013 08:17 AM

කුමාරි හාමි, ඔයා බබෙක් නෙමෙයි මෝරපු කදක් බව අපි දන්නවා. සරත්ගෙන් අහගෙන මම එන්නද වත්තේ ගහේ රා මදින්න.(නදී)

:       0       0

රූපවතී Monday, 23 September 2013 02:16 PM

ඔය දිසාලා ගමේ කෙල්ලෙකුට වත් ඉන්න දුන්නේ නැහැ ...? හැමදාම පැය 24න් පැය 19 ක් ම ..වැවේ රස්තියාදු ගැහුවා. මට මට මල් කඩ කඩා ..?ඒ හින්දා අපේ අප්පච්චි මාව..පිටරට කටම දීග දුන්නා .. ? මොනවා කරන්නද දිසාට පෙර පින් නැතුවාට ..!! (ස)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Sunday, 22 September 2013 03:43 PM

තණකොල නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ නිරුවතින් (නි)

:       0       0

සකු Sunday, 22 September 2013 03:07 AM

මගේ චුටි බබෝ ඔයාට ගහක් මදින්නම ඕනද බබෝ? (අ)

:       0       0

තිලක් Thursday, 19 September 2013 06:27 PM

මගේ කිතුල් ගහකින් කව්දෝ හොරෙන් රා බොනවා. ඉතින් හොරා අල්ලන්නම බැහැ. අන්තිමට මුට්ටියට ජාපාල ඇට 2 ක් දාල තිබ්බා. රෑ අපේ බාප්පට අසනීපයි කියලා මමත් ගියා. මෙන්න බොලේ හොඳටම බඩ යනවා. ඊට පස්සේ මම බාප්පට දවස ගානේ අඬගහල රා ටිකක් දෙනවා. (නි)

:       0       0

රූපවතී Friday, 20 September 2013 11:06 AM

චතු නංගි, දිසා මාමට සනීප මදි එදා වැටුණු දවසේ ඉදලා.එනිසා ඕවා ගණන් ගන්න එපා. පව් අපිත් සනීප වෙනකම් මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

පහන් Friday, 20 September 2013 11:19 AM

චතු, ඔයා හරි. සාක්ෂරතාව කියන්නේ කියවීමේ හැකියාව නෙමෙයි .තේරුම් ගැනීමේ හැකියාව. දිසා ඒක කියන්න ඇත්තේ විහිලුවට. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 18 September 2013 02:55 PM

නෑ නෑ මේක බෙන්තර ගඟෙන් එහා වෙන්න බැහැ. එයාලා ඔහොම අහුවෙන වැඩ කරන්නේ නැහැ. (ස)

:       0       0

කුමාරිහාමි Wednesday, 18 September 2013 03:18 PM

ගහේ මුට්ටිවල තියෙන්නේ තෙලිජ්ජ. රා නොවේ.(නදී)

:       0       0

චන්ද්‍ර Sunday, 22 September 2013 09:27 AM

අපේ ගමේ රා විකුණන මදාවියා ඒකට තව මොනවාද සූර් එක වැඩි කරන්න එකතු කරනවා. ලාබ හින්ද මමත් බොනවා. ඒවාට කියන්නේ ඕඔන් සුරුස් කියලා. හේතුව බීපු ගමන් දිගටම බඩ යනවා. කිසි දවසක මට පණු අමාරුව නැහැ. (අ)

:       0       0

චන්දි Sunday, 22 September 2013 09:28 AM

ක..ක..ක..කව්ද බො..බො ..බොලේ මේ !!!ස..ස..ස..සකු ....? (අ)

:       0       0

සරත් Wednesday, 18 September 2013 03:49 PM

කුමාරිහාමි නගේ. 'රා' ගැන දැනීම නම් ටිකක් මදි වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 506 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 654 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1054 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9366 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 854 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 320 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1991 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site