(තිහගොඩ - උපසේන ලියනගම)
සහල් මිල ඉහළ යාමත් සමග තම කමතේ වූ වී ගොඩක් ආරක්ෂා කර ගැනීමට සී.සී.ටී.වී. කැමරාවක් සවි කළ ව්‍යාපාරික ගොවියකුට කමතට ආ හොරු රංචුවක් අල්ලා ගැනීමට හැකිවීමේ රසබර පුවතක් රජරට පැත්තෙන් අසන්නට ලැබුණි.
ඔහු උප නගරයක් ආශ්රිත යකඩ බඩු හා වාහන අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයකු වූ අතර සොර බිය නිසා තම ව්‍යාපාරික ස්ථානයේ සී.සී.ටී.වී කැමරා සවිකොට තිබුණි. ව්‍යාපාරයට තරමක් දුරින් තිබූ තම කුඹුරු යායේ කමත දක්වා මෙම සී.සී.ටී.වී කැමරා දිගු කරන ලද්දේ එහිද ආරක්ෂාවටය. පසුගියදා අසල්වැසියකු පැමිණ කීවේ කමතේ වූ වීගොඩවල් ආශ්රිත පිදුරු කිසිවකු ඉවත්කොට ඇති බවකි. විමතියට පත් ඔහු වහාම සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කළ විට පෙනී ගියේ බලු රංචුවක් එහි පොරකමින් සිටි බවක්ලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරු අල්ලන්න ඇටවූ කැමරාවේ