IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


හොර ගමනක් අතේ පත්තුවී ගෙදර ගිහින් වෙඩින් කේක් කන්න වෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සංචරණ සීමා පනවා තිබියදී සංචාරයක යෙදීමට යෙදූ උපක්‍රමය අතේ පත්තු වී අලි අමාරුවක වැටී ඒ වෙනුවෙන් වැය කළ මුදල් වතුරේ යාමට සිදු වූ පුවතක් පිළිබඳව දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ. 


ඔහු පවුලේ උදවිය සමග නුවර සිටින බාප්පාගේ නිවෙසේ සංචාරයක් සඳහා සූදානම් කළේය. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් සිය මොළේ බලෙන් ඒවා විසඳා ගන්නා අයුරු පවසමින් සිය ඇබේණියට ද වහසි බස් දොඩමින් සිටියේය. ඒ විතරක්ම නොව භාර්යාවගේ සනුහරේ අයට ද සිය මොළේ තරම පෙන්වීමට මෙය අවස්ථාවක් කරගෙන සිටියේය.


යොදාගත් පරිදි කුලියට ගත් වෑන් රථයකින් ගමන බලා පිටත් විය.


මේ වෑන් රථයේ යමින් සිටි පිරිස දුටු ආරක්ෂක නිලධාරීන් පිරිසක් වෑන් රථය නවතා, සංචරණ සීමා පනවා තිබියදී යනුයේ කොහේදැයි විමසා සිටියහ. ඒ සමගම වහාම ක්‍රියාත්මක වූ ඔහු මංගල කාඩ්පතක් පෙන්වූයේය.


ඒත් එක්කම කාන්තාවකගේ හා පිරිමි අයකුගේ නම් ගසා තිබූ මංගල කේක් එකක් ද පෙන්නුවේය. මංගල කාඩ්පත අතට ගත් නිලධාරියකුට ඔහුගේ හැසිරීම අනුව පොඩි පහේ සැකයක් උපන්නේය. මේ මංගල්‍යය නුවර වීම එයට හේතුවක් විය. 


මංගල කාඩ්පතේ සඳහන් ජංගම දුරකතන අංකයට ඔහු දුරකතන ඇමතුමක් ගත්තේ ඒ අනුවය. එයට සම්බන්ධ වූයේ කුඩා දරුවෙකි. “පුතා ඔයාලාගේ ගෙදර හෙට තියෙන මඟුල් ගෙදරට අපිත් එනවා” යයි නිල දරුවා කී විට “කොහේද අංකල් අපේ ගෙදර මඟුල් ගෙයක්?” යයි දරුවා කීවේය. වැඩේ අතේ මාට්ටු විය.


ඔහු නුවර බාප්පාගේ නිවෙසේ වැඩිහිටි අයට පවසා තිබුණේ, යම් අයෙක් මංගල්‍යයක් තිබේ දැයි ජංගම දුරකතනයට ඇමතුමක් දුන්නොත් එය ඇත්තක් බව පැවැසීමටය. ඔහුගේ කරුමයට මේ දුරකතන ඇමතුමට සම්බන්ධ වූයේ ඔහුගේ උපාය නොදත් කුඩා දරුවෙකි.


“හා මහත්තයා දැන් ගෙදර ගිහිල්ලා මේ හදාපු වෙඩින් කේක් එක ගෙදර අයත් එක්ක කන්න. මේ සංචරණ සීමා පනවා තියෙන්නේ ඔයගොල්ලන්ගේ වගේම රටේ ජනතාවගේ හොඳටයි.” කියමින් කාරණය ඉතාම හෙමිහිට පැහැදිලි කර දුන්නේය. ඒ එක්කම ඔවුන් ආපසු හරවා එව්වේ, “මේ වගේ බොරු වැඩ කර රටම අමාරුවේ නොදමන්න” යැයි කියමින් හොඳ උපදේශයක් ද දෙමිනි



අදහස් (1)

හොර ගමනක් අතේ පත්තුවී ගෙදර ගිහින් වෙඩින් කේක් කන්න වෙලා

himal Tuesday, 02 November 2021 02:23 PM

දැන් කවුද වෙඩින් එකේ කපන කේක් එහෙම දුර ඉඳලා ගෙන්වන්නේ මෙච්චර කල්පනා කරපු එකේ ඕක දන්නෙ නැද්ද? අනෙක දුරකථනයට ගත්තොත් මෙහෙම කියන්න කියලා තිබ්බා නම් ඒකට ළමයෙක් එන්න විදිහක් ඇත්තෙත් නෑ. ගෙවල් වල වෙඩින් ගන්නෙත් නෑ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 293 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 545 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 582 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 687 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 680 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1104 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 597 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site