(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි )
සංචරණ සීමා තහනමෙන් රිංගා ඌව පළාතේ සංචාරයක යෙදුණු බස්නාහිර පළාතේ පිරිසක් වනෝද්‍යානයක සතුන් බලමින් විනෝද වෙද්දී ඔවුන් පසුපස අලියකු පැන්නීම නිසා සිදුවූ අලි ජංජාලයක් පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබිණි.
පළාත් සංචරණ සීමා බලපැවැත්වුවද උපක්රමශීලීව පළාත් සීමා පසුකරගත් පිරිස සෆාරි ජීප් රථයක නැඟී වනෝද්‍යානයට ඇතුළු වන විට සැඳෑ කාලය ළංවෙමින් පැවතිණ.
වනෝද්‍යානය තුළ වැවක් අසබඩ ඇති සංචාරක බංගලාවක් කලින් වෙන්කර ගෙන තිබූ බැවින් එහි ගොස් සිත්සේ කා බී විනෝදවී වැව සිසාරා හමන සිසිල් සුළඟේ පහස විඳිමින් හොඳ නින්දක් ලැබීම සියලු දෙනාගේම බලාපොරොත්තුව විය.
අඳුර වැටීමට තවත් හෝරාවක් පමණ තිබූ බැවින් පිරිස රැගත් ජීප් රිය වනෝද්‍යානය මැදින් සෙමින් සෙමින් ඉදිරියට ඇදුණේ පිරිසට වන සතුන් හොඳින් දැක බලා ගැනීමට අවස්ථාව සලස්වමිණි.
මේ අතර වන ලැහැබක් අතර සිටි අලියෙක් ටිකෙන් ටික වේගය වැඩිකරමින් වාහනය දෙසට දුවන්නට විය.
පිරිස අතර සිටි ළමයින් සහ කාන්තාවන් විලාප නගන්නටත් තවත් සමහරු දෙවියන් යදින්නටත් වූහ.
කෑකෝ ගැසීමත් සමඟ රියැදුරා ද වාහනයේ වේගය වැඩි කළේය.එහෙත් අලියා ද වේගය වැඩිකරමින් ලුහුබඳියි.
තැනට සුදුසු නුවණින් කටයුතු කළ රියැදුරා පිරිස නිශ්ශබ්ද කරවා වාහනය හිටිවනම නතර කළේය. ඒ සමඟම අලියාද පැමිණි වේගයෙන්ම වනය ඇතුළට රිංගා ගියේය.
සැනසුම් සුසුමක් හෙළු ෑ පිරිස රැගත් වාහනය නවාතැන් පොළට පැමිණියේය.
හොඳ නින්දක් ලබන්නට සිහින මවමින් පැමිණි පිරිසෙන් වැඩි දෙනෙකුට අලි භීතිය නිසාම නිදි වර්ජිතවම රැය පහන් කරන්නට සිදුවුණාලු.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර ගමනක් ගිහින් අලි පරිප්පුවක් කාලා