IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හොර පෙම් කෙළිය හෙළි නොකරන්න තුන්දාහක පගාවක් දීලා

තම සැමියාට රහසේ නිවෙසින් බැහැරට ගොස් හොර සැමියෙකු සමඟ පෙම් බස් දෙඩු කාන්තාවකගේ හොර පෙම් කෙළිය අතට හසුවූ විට එය ප්‍රචාරය වීම වැළැක්වීමට එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකුට අදාළ කාන්තාව රුපියල් තුන්දහසක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය පිරවූ මල්ලක් තෑගි කළ පුවතක් වයඹ පළාතේ ගමකින් වාර්තා වේ.


සිද්ධිය දුටු පුද්ගලයාම කියූ අයුරින් සිද්ධිය මෙසේය.


මෙම පුද්ගලයා මාඔය අද්දර පිහිටි පුවක් ගසකට නැගුණේ විට කෑමට පුවක් කඩා ගැනීමේ අදහසිනි. වළල්ලක් අඹරා එහි ආධාරයෙන් අඩි 60ක් පමණ උසැති පුවක් ගසකට නැගුණු ඔහු පුවක් ඉත්ත ගෙඩි නොවැටෙන ලෙස ගලවාගෙන එක අතකින් ගෙන එක අතක වාරුවෙන් සීරුමාරුවට සෙමෙන් ගසෙන් බිමට බසිමින් සිටියදී පුවක් ගස මුල ඇසුණු ශබ්දයෙන් විමසිලිමත්ව බලද්දී පෙම්බස් දොඩමින් එකිනෙකා සිප වැළඳගනිමින් පසුවන පුද්ගලයකු හා කාන්තාව දුටු ඔහු ඊට බාධා වෙතැයි සිතා පුවක්ගසින් බැසීම නතර කර ගසේ මැදට වී වළල්ලේ වාරුවෙන් ගස බදාගෙන ගසෙහි රැදී සිටියේ ඔවුනොවුන් පෙම්බස් දෙඩීම නවතා පුවක් ගස මුලින් ඉවත් වෙතැයි සිතමිනි.


ඔහු සිතූ අයුරින් එසේ නොවී එය තවදුරටත් ඇදී යන්නට වූයෙන් ඔහුට ද තවදුරටත් පුවක් ගසේ රැඳී සිටීමට නොහැකි වූයෙන් පෙමින් වෙළුණු දෙදෙනාට ගස මැද සිට මෙසේ පවසන්නට විය.


මට නම් මීට වැඩි වෙලාවක් පුවක් ගසට වෙලා ඉන්න බෑ. වෙන දවසක ඔය වැඬේ කරගන්න. දැන් ගහ මුලින් අයින් වෙන්න මට ගහෙන් බිමට බහින්න ඕනෑ යැයි පවසත්ම හොර සැමියා කුළු මීමෙකු මෙන් කැලෑව අතරින් දිව ගිය අතර එම කාන්තාව පුවක් ගසට නැගි පුද්ගලයාට දෑත් එක් කරමින් බැගෑපත්ව තිබේ. අනේ මගේ මනුස්සයාට නම් මේ වගේ වගක් කියන්න එපා. මේක කාටවත් ආරංචි වෙන්න කියන්නත් එපා යැයි කියමින් සුහදව ඔහු සමඟ කතා බස් කරමින් පුවක් ගස මුලින් ඉවත්ව ගොස් තිබේ.


සිද්ධියෙන් දින කිහිපයකට පසු එම කාන්තාවගෙන් ඔහු හට කිරිපිටි පැකැට්ටුවේ සිට කුස්සියට අවශ්‍ය අඩුම කුඩුම ඇතුළත් රුපියල් තුන්දහසක් පමණ වටිනා ආහාර ද්‍රව්‍ය මල්ලක් නිවෙසට ලැබෙන්නේ එම රහස තවදුරටත් ආරක්‍ෂා කර ගැනීම තහවුරු කර ගැනීමටය.

(අලව්ව - ජයන්ත කුමාර දිසානායක)



අදහස් (0)

හොර පෙම් කෙළිය හෙළි නොකරන්න තුන්දාහක පගාවක් දීලා

ජනහිත Tuesday, 14 February 2017 11:57 PM

වැඩේ ජෝන් බාස්ට ගිහින්නේ, තමාගේ ස්වාමියට නොවෙයි දැන් ලෝකෙටම ගිහින්. ජංජාලයයි. පත්තරේ දැමමයින් රුපියල් තුන්දාහත් වතුරේ නේද. මීටපස්සේ පුවක් නොවෙයි මොන ගහක් යට වුණත් පෙම් කරනකොට වටපිටාව විතරක් නොවෙයි අර කේවට්ටයා වගේ ගස උඩත් බැලිය යුතුයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 15 February 2017 01:44 AM

දැන් රහස තවදුරටත් ආරක්‍ෂාවෙයි පත්තරෙත් පළවෙලා නිසා (නි)

:       0       0

සරත් Wednesday, 15 February 2017 01:45 AM

දැන් ඉතින් පුවක් කඩන්න ගහට නගින්න අවශ්‍ය නැහැ. නෝනගේ ගෙදර ඉස්සරහට ගිහන් පුවක් කඩනවා පොල් කඩනවා කියන්න. තව බඩු මල්ලක් ලැබෙයි (නි)

:       0       0

ජයාත් Tuesday, 14 February 2017 11:02 PM

සාමාන්‍යයෙන් පුවක් ගහෙත් දෙබලක් කිවුවට මේ මනුස්සයට නම් බඩු මල්ලක්ම ලැබිලා තියෙන්නේ. අනේ වාසනාවන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 27 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 763 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 774 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1138 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9455 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 873 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site