වෙළෙඳ සැණකෙළියේ හොල්මන් මන්දිරය තුළ මළ මිනියක චරිතය නිරූපණය කළ පාසල් සිසුවකුට මිනී පෙට්ටිය තුළ දී පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තාවේ.
හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේ මේ දිනවල වෙළෙඳ සැණකෙළියක් පැවැත්වෙන අතර පාසල් සිසුහු පිරිසක් එහි හොල්මන් න්දිරයක් පවත්වා ගෙන යති.
ආලෝකය නොමැති ලෙස හොල්මන් මන්දිරය අඳුරු කර ඇති අතර තුවාලකරු මිනී පෙට්ටිය තුළ මළ මිනියක් ලෙස වැතිර සිටින අවස්ථාවේ අඳුරේම පැමිණි තවත් සිසුවකු මෙලෙස පහරදීම සිදුකොට පලාග�ොස් ඇති බව සැලවේ.
පහර කෑමෙන් පසු එම සිසුවා ඒ බව එහි සිටි පොලිස් නිලධාරින්ට දන්වා ඇති අතර පහරදීම සිදුකළා යැයි සැක කෙරෙන තවත් සිසුවකු හොල්මන් මන්දිරය නරඹමින් සිටි ජනතාව විසින් අල්ලා පොලිසියට බාර දී ඇති බව ද වාර්තාවේ.
හක්මන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක අංශ දෙකක සිසුන් පිරිසක් අතර ඇති ගැටුමක් හේතුවෙන් මෙලෙස පහරදීම සිදුකර ඇති බව පැවසෙන අතර සිදුවීම සම්බන්ධයෙන් හක්මන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හොල්මන් මන්දිරයේ මළ මිනියටත් අම්බානක නෙළලා
leckmich Tuesday, 10 January 2023 02:32 PM
දෙක වදිනකොට මිනිය නැගිටලා දිවුවාලු,මේක නම් මැරෙන්නවත් නිදහසක් නැති රටක්