IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


හොරේ අල්ලන්න ගිහින් අතට තට්ටුවෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම


කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා වයඹට මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
ඇය රාජ්‍ය සේවයේ නියැලෙන විවාහක කාන්තාවකි. සැමියා රාජ්‍ය සේවයේ සිට නිසි වයසට පෙර වන්දි ලබාගෙන ඉවත්ව ගිය අයෙකි. 
දියණියන් දෙදෙනා විවාහ වී සිටින නමුත් බාල පුතු කොළඹ ප්‍රදේශයේ සේවය කරන්නේය.
මේ නිසා නිවසේ සියලු‍ දෙනා ඔහු ගැන නිතරම කරුණු විමසමින් පසු වන්නේ ඔහු පවුලේ බඩ පිස්සා නිසාය.
පෙර දින රාත්‍රියේ දී පුතුට හිටි හැටියේ අසනීප විය. මේ නිසා ඔහුට පසුදින වෘත්තිය පුහුණුවට යාමට බැරිය. ඒ බව දත් බිරිය සිය සැමියාට පුතා බලන්නට යන ලෙසට උපදෙස් දුන්නාය.
සැමියා ගමන යන්නට අදිමදි කළේය. ඒ ඔහු අතේ පිච්චියක් නැති නිසාය.
“සල්ලි නැති වුණාට කමක් නෑ. මම සල්ලි දෙන්නම්. ඔයාට තියෙන්නේ යන්න විතරයි. ”ඇය සැමියාගේ ගමනට අවැසි ඇඳුම් පවා පිළිවෙළකට සකසා දුන්නාය.
ඇයට නිවාඩු ගැනීමට බැරි නිසා සිය සැමියා මෙසේ ගමන යන්නේය. ඔහු කොළඹට යන්නේද ඇය සේවයට යන බස් රථයේම ය.
සැමියා ඉදිරි දොරටුවෙන් නැග වාඩි වුණේය. බිරිය පිටුපසින් නැග ඉදිරියට පැමිණ සිටියාය.


ඒ අතරේ බස් රථයේ කොන්දොස්තර මහතා ටිකට් පත් නිකුත් කරන්නට විය.
සැමියා කොළඹට ටිකට් ගත්තේ නැත. ඔහු අතරමඟට මුදල් ගෙවා ටිකට් පතක් ගත්තේය.
ඒ සැණින් බිරිය ඉදිරි දොරටුවෙන් බිමට බැස්සාය. ඒ ඇය සේවය කරන ආයතනයට යාම සදහාය.
බසයෙන් බැසගත් ඇයට සැමියා ගැන සැකයක් ඇති විණි. ඒ තමා සල්ලි දීලත් සැමියා කොළඹට ටිකට් ගන්නේ නැතිව අතරමඟට ටිකට් පතක් ගත් බව ඇසුණු නිසාය.
ඇය සේවයට යාම පසෙක තැබුවාය. කුලියට ත්‍රී රෝද රථයක් ගෙන බස් රථය පසු පස ලු‍හු බැන්දාය. ඒ ඔහු ටිකට්පත ගත් සීමාව ඇය හොදාකාරවම දන්නා වු බැවිනි.
ටික දුරක් ගිය ඇයට සැමියා බසයෙන් බැස එතැන ඉන්නවා දැක ගන්නට හැකි වුණි.
“ඇයි තමුසේ කොළඹ පුතා බලන්න යන්නේ නැද්ද? මොකටද මෙතැනින් බැස්සේ.” ඇය පුපුර පුපුරා යන කේන්තියෙන් විමසුවාය.
“යකෝ මම ගාව වාඩි වුණ එකාට හොරි වාගේ. කොච්චරවත් කහනවා. මගේ ගෑවුණොත් ඉවරයි. ඒකට බයේ තමයි මම බැස්සේ. මම ඊ ළග බසයෙන් කුරුණෑගලට ගිහිල්ලා. ඒ හරහා කොහොම හරි පුතා බලන්න යන්නම්.”සැමියා සිනා සෙමින් කීවාය.
කුලී රථ රියැදුරාටත් ඇයටත් කාරණාව වැටහිණි.
එහෙත් ආපසු යන ඇයට ත්‍රී රෝද රථයට ගාස්තුව ලෙසට රුපියල් 1500කට වැඩි මුදලක් ගෙවීමට සිදු විණි. ඒ මදිවට හොදටම පමා වු නිසා සේවා ස්ථානයට යාමට ද බැරි විය. 
 මීට වඩා නිවාඩු දාලා මං කොළඹ ගියා නම් ඒක ලාබයි කියලා තමා කරගත් ගොන්කම මෙනෙහි කර කර ඇය ත්‍රී රෝද රථයට ගොඩ වු සීමාවෙන් බැස ගෙදරට යාම සදහා තවත් බසයක් එනතුරා එතැන රැදී සිටියාලු‍.



අදහස් (0)

හොරේ අල්ලන්න ගිහින් අතට තට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හොරේ අහුවෙලා අම්බානට ගුටි කාලා
2024 දෙසැම්බර් මස 26 402 0

කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ


ලාබෙ බලන්න ගිහින් වැඩේ දෙල්වෙලා
2024 දෙසැම්බර් මස 24 896 0

බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.


හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා
2024 දෙසැම්බර් මස 23 737 0

වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.


සැමියාට කොකා පෙන්වා බිරීද මිස් කෝල් පෙම්වතා එක්ක ඉගිලිලා
2024 දෙසැම්බර් මස 20 1141 2

මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක


තොල් සායමට මිරිස් කුඩු දමා තරු පෙනිලා
2024 දෙසැම්බර් මස 19 852 0

තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු‍ දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.


මනාලියක් ඉල්ලා සීයා දැන්වීමක් දාලා
2024 දෙසැම්බර් මස 18 1083 0

තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 130 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site