කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
හේ කා සමගත් සුහදය. කාර්යාලයේ ද ජනප්‍රිය අයෙකි. ඕනෑම කෙනෙකුට උදව්වට එන්නේ අනාරාධනයෙන්මය. ඒ ඔහුගේ හැටිය. ඔහුගේ ප්‍රියමනාපකමටත් මේ ක්‍රියා පිළිවෙතටත් එම කාර්යාලයේම සේවිකාවකගේ හිත ගියේ ඔහුට ද හොරෙනි. ඔහු විවාහවී තිබුණත් ඇයට එය වගේ වගක් නොවීය. ඔවුන් දෙදෙනාගේ ඇසුර කිට්ටුම ඇසුරක් දක්වා වර්ධනයවීමට ද ගියේ කිට්ටුම කාලයකි. මුලදී මුලදී මෙය කාර්යාලයේ කාහටත් රහසක්ව පැවතිය ද කල්යත්ම එය ප්‍රසිද්ධ රහසක් විය.
මේ ප්‍රසිද්ධ රහස කටින් කට ගොස් ඔහුගේ භාර්යාවගේ කනට ද රිංගුවේය. මේ ප්‍රශ්නයෙන් නිවසේ ප්‍රශ්න පැන නැංගේ ද ඊට පසුවය. භාර්යාව මේ සම්බන්ධය නතර කරන ලෙස මුලදී මුලදී ඔහුට බොහෝම කරුණාවෙන් කීවාය. සැරවැර කරද කීවාය. එහෙත් එය නවතින පාටක් දක්නට නොවූ තැන ඔහුගේ භාර්යාව මේ සම්බන්ධයෙන් සිටියේ මළ අතේ තියාගෙනය. කොයිවෙලාවේ හෝ ඔහුගේ යතුරු පැදියේ යන මේ තැනැත්තිය අතටම අල්ලාගෙන නෙළා අවට සිටිය වුන් ඉදිරියේ ලජ්ජා කිරීමටය. මේ සඳහා ඇයගේ නැගණියන් දෙදෙනාද සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටීම මේ කාර්යට ඇයට ලොකු තල්ලුවක් විය.
ඔහු කාන්තාවක යතුරු පැදියේ නංවාගෙන යන්නේ යැයි ලැබුණු තොරතුරකට අනුව ඇය සිය නැගණියන් දෙදෙනා ද සමග ත්‍රිරෝද රථයක නැගී නගරයට ගියේ කුඩ තුනක් ද කිහිල්ලේ ගසා ගෙනය. නගරයේ ඔවුහු තිදෙනා රැක සිටියහ. ඒ කුඩ තුන ද කෙළින්කර ගෙනය. ලැබුණු තොරතුර නිවැරදිය. ඔහු කාන්තාවක සිය යතුරු පැදියේ නංවාගෙන පැමිණෙමින් සිටියේය. අක්කලා, නගෝලා යතුරු පැදිය ඉස්සරහට පැන කිසිදු ඇහිල්ලක් බැහිල්ලක් නැතිව ඔහුගේ යතුරු පැදියේ සිටි කතට කුඩ ප්‍රහාරය එල්ල කළහ. ඒ සමගම ඔහුත් ඇයත් යතුරු පැදියත් සමගම බිමට වැටුණහ. ඒත් අක්ක නගෝ ගේ ප්‍රහාරය නම් නොනැවතිණ. යතුරු පැදියේ සිටි කතගේ හිස් ආවරණය ගැලවී විසි වී ගියේය.
තමන් මේ නෙළා ඇත්තේ ඔහුගේ අනියම් භාර්යාවට නොවන බව මේ අක්ක නගෝලාට ඒත්තු යන විට සිදුවී ඇති දේ හමාරය. මේ කාන්තාවන් නෙළා ඇත්තේ හදිසි අවශ්‍යතාවයක් සඳහා ඔහුගේ සහයෝගයක් ඉල්ලා ඇති තමන් හොඳින් අසා ඇති එම කාර්යාලයේම සේවිකාවකටය. පසුව දැනගත් විට ඔවුන් ඇයගෙන් වැඳ වැඳ සමාව ඉල්ලුවත් ඇයට මේ කාන්තාවන් තිදෙනාට දෙන්න තරම් සමාවක් ඉතිරිව තිබුණේ නැතිලු.
කාන්තාවකගේ අමනුෂ්‍ය දෝෂය ඉවත්කිරීමට ආ ප්‍රධාන කටිටඩියා ඇතුළු ඔහුගේ ආවතේවයට ආ ගෝලයන් දෙදෙනකුට ගම්වැසියන් පන්න පන්නා ‘ගුටිපූජාවකින්’ සංග්‍රහ කිරීමේ
බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක ගොවියකුගේ ගෙවත්තෙහි ඇති රට දෙල් ගසෙහි මෙවර විශාල වශයෙන් දෙල් හට ගෙන තිබිණි. මේ සැරේ නම් ගාණක් ගත හැකි ගොවියා සිතුවේය.
වැරදි වෙලාවක වැරදි කෙනෙකුගේ යතුරු පැදියේ නැගී ගොස් නැති වරදකට වටෙන්ම අම්බානකට කන්න සිදුවූ කතක් පිළිබඳ පුවතක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබිණි.
මග හැරුණු දුරකතන ඇමතුමකින් හිතවත් වූ පෙම්වතා සමඟ පැනගිය කාන්තාවක නැවත ගෙදර කැඳවාගෙන යමින් සිටි සැමියාට අතරමග දී පහර දී ත්‍රිරෝද රථයකින් පැමිණි මිස් ක
තොල් රතුපාට කරන ලේලියට නැන්දම්මා දුන් දඩුවමින් ලේලියට තරු පෙණුනු පුවතක් ගාලු දිසාවේ දුෂ්කර ගමකින් අසන්නට ලැබේ.
තමාට බිරිය සලකන්නේ නැතැයි පවසා පුවත්පතක මංගල දැන්වීමක් පළ කර කාන්තාවක් සොයා ගැනීමට පුවත්පත් දැන්වීම් කාර්යාලයකට කිහිලිකරු ආධාරයෙන් ගොස් ඇතැයි කියන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
හොරේ අල්ලන්න ගිහින් හොරා වෙලා