(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මංගල උළෙලට පෙර දිනයක යුවළකගේ ඡායාරූප ගැනීමේ (ෆ්‍රී ෂූට්) යෙදී සිටි ජායාරූප ශිල්පීන් කණ්ඩායමක සාමාජිකයෙකු මනාලියගේ සැඟවුණු තැන් හොර රහසේ වීඩියෝ කරන්නට ගොස් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරුව පොලිස් කූඩුවේ ද ලැගීමට සිදුවූ පුවතක් සීදුවට නුදුරු පෙදෙසකින් පසුගියදා වාර්තා විය.
විවාහය ලියාපදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩගැස්ම අනුව ඊට පෙර දෙදෙනාගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ඒ සඳහා කණ්ඩායමේ සාමාජිකයන් සිවු දෙනෙක් පැමිණ විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ.
කණ්ඩායමේ ප්‍රධාන ශිල්පියා මනාලයාට ඉදිරිය බලා සිටින ලෙසත් මනාලිය පිටුපසින් පැමිණ ඔහු හා ළංවෙන ලෙසටත් උපදෙස් දුනි. එසේ රැඳී සිටින අතර එක්වරම පිටුපසින් මනාලියගේ පරුෂ වදන් සමග පහරදීමක හඬ ඇසිනි. මනාලයා පිටුපස බලද්දී මනාලිය ඡායාරූප ශීල්පී කණ්ඩායමේ සාමාජිකයකු පෙරළාගෙන පහර දෙනු දුටුවේය.
මේ මිනිහා හොරෙන් මගේ ....... වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හඬමිනි. මනාලයා එකී පුද්ගලයා අත වූ ජංගම දුරකතනය උදුරා ගත්තත් ඒ වනවිටත් එහි දර්ශන මකා දමන්නට ඔහු සමත්වූයේය.
මනාලයාද පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. මැකුණු දර්ශන ආපසු ලබා ගන්නා ක්‍රම විධි දන්නා මිතුරකු ගෙන්වාගෙන දුරකතනය පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවකදී මනාලියන්ගේ අනවශ්‍ය තැන් වීඩියෝ කර ඇති දර්ශන දැකීමට ලැබිණි.
මිතුරන් හා එක්ව අතින් පයින් හොඳට සංග්‍රහ කළ මනාලයා මේ පුද්ගලයා පොලිසියට බාර දීමටද පියවර ගනු ලැබීය. මේ හේතුවෙන් ඡායාරූප ගැනීමේ අවස්ථාව මග හැරී ගියත් සමාජයට වින කරන පුද්ගලයකු හඳුනා ගැනීමට ලැබීම සම්බන්ධයෙන් යුවළ මහත් සතුටට පත්ව සිටියහ.
නීතියේ ප්‍රතිපාදනවලට අමතරව දිනයේ තමන්ට සිදුවූ පාඩුව අය කර ගන්නටද මනාලයා දැන් කටයුතු කරමින් සිටී.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ෆ්‍රී ෂූට් වරද්දාගෙන මනාලියගෙන් ගුටිකාලා
Lakmal Saturday, 18 July 2020 06:54 AM
කරන්නන් වාලේ ෆ්‍රී ෂූට් වගේ සමයං කරන අයට මෙහෙම වෙන්ඩ ඕනෑ.
Ravi Saturday, 18 July 2020 10:19 AM
මනමාලි, ඔයා බබා එතකොට... හොඳ වැඩේ...
ශාන්Tuesday, 21 July 2020 02:10 AM
දැන් මෙතන මොකද්ද මනමාලිගේ වරද? ඒයා දැක්ක නිසා නේද මෙහෙම හරි බෙරුනේ? හැම දේටම ගැණුන්ට වරද පටවන ඔබතුමන්ලා සමාජ ප්‍රශ්නයක්. ඔබතුමාල නිසා තමයි කාන්තා විමුක්තිකාරයො සධාරණිකරනය වෙන්නේ
LakmalSaturday, 25 July 2020 05:31 AM
හැමදේකදීම ගෑණුන්ගේ පැත්ත ගන්න ඔහෙලා තමයි සමාජ ප්‍රශ්නේ....
ChathuraThursday, 23 July 2020 01:24 AM
මනමාලි විමසිල්ලෙන් හිටපු නිසා තමයි ඕක අල්ලගන්න පුළුවන් වුනේ. අපි දන්නෙත් නැහැ අපේ ඒවත් අරගෙනද කියලා.