IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


‘සැන්ඩි’ සිහියෙන් අලි අමාරුවක වැටිලා

කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත 


මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.
හිත හොඳ එකෙකි. මිතුරන් සමග සෙට් වෙන්න ඇත්නම් ඔහුට ඊට එහා දෙයක් නැත්තේය. කොහොමත් මිනිහා කැමැති කා සමගත් බෙදා හදා ගෙන කෑමටය. අඩියක් පුඩියක් ගහලා තමාගේ කෙරුම් කීමට ඇත්නම් ඔහුට කාලය අදාළම නැත. තැන නොතැන අවශ්‍යම නැත. අඩියක් දෙකක් තොලේ ගෑවෙන විට මිනිහා කාටවත් නම් මයික් එක නොදෙන්නේය. තනි අතේම මයික් එක තියාගෙන ඔහු රැස්ව සිටින මිතුරන් අමතයි. ඒ ඔහුගේ හැටිය.
එදා මිතුරන් කිහිප දෙනකු ඔහුගේ නිවෙසට රෑ පැමිණියේ බෝතලයක් සහ ඊට අවශ්‍ය බයිට් ද රැගෙනය. එය දුටු ඔහුගේ කටට කෙළ ඉනුවේ ඉබේටමය. පුරුද්දටය. ඔහුට ගෙන ඒමට තිබුණේ බෝතලයට කවලම් කිරීමට සැන්ඩිය. ඔහු එය නිවෙස ආසන්නයේ තොග වෙළෙඳසලෙන් මිලදීගෙන ආවේය. කට්ටිය සෙට් වූහ.
අපේ මිනිහාට ෂොට් එකක් දෙකක් වැටෙන විට මයික් එක අතේය.
කියූ පරිදිම ඔහුගේ වීර ක්‍රියා එකින් එක එළියට දමමින් සිටියේය. කාලය කෙමෙන් ගෙවෙමින් තිබිණ. බෝතලයේ පතුල ද නොපෙනුණේය. කට්ටියම සතුටින්ම විසිර ගියහ.
මිතුරන් ගිය පසු ඔහු මිදුලේ නතර කර තිබූ, යතුර කටේ තිබූ යතුරුපැදිය නිවෙසට දැමීමට අදහස් කළේය. යතුරුපැදිය මිදුලේ නොතිබුණේය. ඔහුට දෙලොව රත් විය. මිදුලේ තිබූ යතුරුපැදිය තමන් නිවෙස තුළ අඩි ගසමින් සිටිනා විටදී හොරෙක් ගෙන යන්නට ඇතැයි ද සිතුවේය. නැතහොත් තමන් සමග බොන්න ආ මිතුරකු විහිළුවට යතුරුපැදිය රැගෙන යන්නට ඇතැයි ද ඔහු සිතුවේය.
ඒ නිසාම ඔහු බොන්න ආ මිතුරන්ට දුරකතන ඇමතුම් ගනිමින් සිය යතුරුපැදිය ගෙන ගියේ දැයි අසා සිටියේය. මත් වී සිටි ඔහු යතුරුපැදිය රැගෙන යන්න ඇතැයි සැක සිතූ මිතුරන්ට ඔවුන්ගේ මවුපියන් ද සිහි කර කර කතා කළේය. මිදුලේ නතර කර තිබූ යතුරුපැදිය පිළිබඳව මධ්‍යම රාත්‍රිය වනතෙක්ම සොයා බැලු‍වත් ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක්වත් සොයා ගැනීමට ඔහුට නොහැකි විය.


යතුරුපැදිය මිදුලේ නතර කර තිබෙනා විට එයින් යතුර ඉවත් කරන ලෙස මේ මිනිහාට කොච්චර කිව්වත් පලක් නැතැයි කියමින් ද, මායියා ද ඔහුට බැන්නේ දෙබරයට ගල් ගැසුවාක් මෙනි.
උදේ පහට පමණ අනිවාර්යයෙන්ම යා යුතු රාජකාරි ගමන සිහි වූ විට දෙලොවම රත් විය. මේ සම්බන්ධයෙන් මායියාගේ මාර කරදරයෙන් ඔහුගේ ඔළුව හෙම්බවත්ව තිබුණේය. නිදාගැනීම හැර ඊට වෙනත් විකල්පයක් ඔහුට නොවීය. ඒ නිසාම යතුරුපැදිය සෙවීම පසෙකින් තියා නිදාගත්තේය.
ඊට පසු දින නිවෙස ආසන්නයේ තොග වෙළෙඳසල් හිමියා ඔහුගේ නිවෙසට පැමිණියේය.
“මහත්තයා ඊයේ රෑ යතුරුපැදිය අපේ කඩේ ඉදිරිපිට නවත්තලා තිබිලා. රෑ කඩේ වහන්න ගියාම තමයි අපි දැක්කේ. අපි හිතුවේ පණ ගැන්වී තිබූ මේ යතුරුපැදියෙන් එන්න ඇත්තේ අපේ කඩේ කොල්ලකන්න ආ කොල්ලකරුවන් වෙන්න ඇතියි කියා. මේ ගැන පොලිසියටත් දැනුම් දුන්නා. පස්සේ කඩේ සී.සී.ටී.වී. කැමරා දර්ශන දෙපැයක්ම නරඹලා තමයි යතුරුපැදියේ අයිතිකරු සොයා ගත්තේ.
කවදාවත්ම මහත්තයා අපේ කඩේට යතුරුපැදියෙන් එන්නේ නැහැනේ. එයා එන්නේ හැමදාම පයින්. බයිසිකලේකින් එන්න දුරක් නෙමෙයිනේ මේ දුර. ඔහු එදා කලබලයෙන් කලබලයෙන් කඩේට ආවා ලොකු සිසිල් බීම බෝතලයක් ගන්න. අරගෙන කලබලයෙන් ගිහිල්ලා තියෙන්නේ පයින්. මෙය අපේ කඩේ කැමරා පද්ධති පරීක්ෂාව කළාම දැක්කා. රෑ නිදි ඇතියි කියලා හිතලා තමයි අද උදේ මේ ආරංචිය කිව්වේ.” යයි වෙළෙඳසල් හිමියා කීවේය.
වැඩේ පැහැදිලිය. මායියා ඔහුට බැනගෙන බැනගෙන ගියේ අසිහිය ඇති මේ වගේ මිනිහෙක් සහේට ගත්ත එක තමාගේ පවක් කියමින්ලු‍.

 



අදහස් (1)

‘සැන්ඩි’ සිහියෙන් අලි අමාරුවක වැටිලා

ගුණරත්න Wednesday, 01 January 2025 03:07 PM

හරි විනෝදයි. ගැහැණු දැනගන්න ඕනෑ මේ වගේ දේවල් කියවලා හොඳට හිනහ වෙන්නේ නැතිව බණින්න නෙවෙයි...

:       1       6

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

උදව්වට ගිහින් අමාරුවේ වැටිලා
2025 ජනවාරි මස 03 576 0

මහ රෑ මහමගදී හමුවූ සුදු නංගිට උදව් කරන්න ගොස් අලි අමාරුවක වැටුණ කළු අයියා කෙනෙකු පිළිබඳව අපූරු කතාවක් රෑ කඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ. එම නගරය


රිළවු පන්නන්න ගිහින් බඩගාගෙන එන්න වෙලා
2025 ජනවාරි මස 02 909 1

දකුණු පළාතේ පිටිසර ගමක වත්තක් මැද පිහිටි නිවසක ජීවත්වන කාන්තාවක රිළවුන් එළවා දැමීමට ගොස් සිදු වූ සිද්ධියක් පිළිබඳ අපුරු පුවතකි.


‘සැන්ඩි’ සිහියෙන් අලි අමාරුවක වැටිලා
2025 ජනවාරි මස 01 865 1

මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.


පඹයා නිරුවත් කරලා
2024 දෙසැම්බර් මස 31 890 0

කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ග


නින්ද ගිහින් අතින් තට්ටු වෙලා
2024 දෙසැම්බර් මස 30 685 0

පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල ත


සුද්දා අන්දන්න ගිහින් තරු පෙනිලා
2024 දෙසැම්බර් මස 28 1015 0

සුද්දා අන්දන්න ගොස් තමන්ම ඇන්දුණු අපේ රටේ කළු සුද්දකු ගැන කතාවක් බලපිටිය මාදු ගඟ අවටින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 201 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site