IMG-LOGO

2024 දෙසැම්බර් මස 04 වන බදාදා


“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
ගෑස් සිලින්ඩරය මිලදී ගන්නට ගිය පුද්ගලයා රජයේ රැකියාවක නියුතුව සිට ඉන් විශ්‍රාම ලබා සිටි අයෙකි. හේ තම නිවස එකම දියණියට පවරා බිරිඳ සමග එහි වෙසෙන අතර ත්‍රීරෝද රථයකටද හිමිකම් කියන්නෙකි. අත්‍යවශ්‍යම ගමනකට එය පාවිච්චි කළ අතර නිතර ගමන් බිමන් යන්නේ පාපැදියෙනි. මොහුගේ එකම හා ප්‍රියතම විනෝදාංශය ලොතරැයි පත් මිලදී ගැනීමයි. මිය යන්නට පෙර කෝටියකට වැඩි දිනුමක් ඇදෙන බව හේ දැඩිව විශ්වාස කළ අයෙකි.
නිවසේ ගෑස් අවසන්වීම නිසා දියණියගේ ඉල්ලීම පරිදි ගෑස් අලෙවි කරන නිවස ආසන්නයේම තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලට යාමට සූදානම් වූ විට බිරිඳ පැවසුවේ ත්‍රීරෝද රථයෙන්‍් යාම සුදුසු බවය. “මහ දුරක් නෙවෙයිනෙ මම බයිසිකලෙන් ගේන්නම්”‍ යැයි කියමින් සිලින්ඩරයත් බැඳගෙන ගොස් ඇත. වෙළෙඳ සලට ගොස් මුදල් ගෙවූ පසු සේවකයෙකු පැමිණ ගෑස් කූඩුව හැර ඔහුට ගෑස් සිලින්ඩරයක් ලබාදී ඇත. ඒ සමගම ලොතරැයි පත් අලෙවිකරන යතුරුපැදිකරුවෙකු ද පැමිණ වෙළෙඳ සල ඉදිරිපිට නතර කර ඇත.
ලොතරැයි පත් අලෙවි නියෝජිතවරයෙකුද වන මෙම ලොතරැයි විකුණන්නා පසුගියදා කෝටි දෙකක දිනුමක් අලෙවි කර ප්‍රදේශයේ ජනප්‍රියවී සිටි අයෙකි. වෙළඳ සලට පැමිණ සිටි බොහෝ දෙනෙකු ඔහු වටකර ගත්තේ අදත් ඔහු කෝටි දෙකක් ගෙනත් ඇත යන විශ්වාසයෙන් යුතුව මෙනි.


ගෑස් ටැංකිය මිලට ගත් පුද්ගලයාද එය එසේම තිබියදී එතනට දිව්වේ තමාට හිමි කෝටි ගණනක දිනුම එම ලෑල්ලේ ඇතැයි යන විශ්වාසයෙනි. එක ටිකට් පතකින් කෝටියක් ඇදෙන බව විශ්වාස නොකළ ඔහු මහත් වෙහෙස දරා ටිකට්පත් පහක්ම තෝරා ගත්තේය.
අනතුරුව පාපැදියත් රැගෙන ගෑස් කූඩුව ළඟට පැමිණි ඔහුට දෙවියන් සිහිවූයේ ගෑස් ටැංකිය අතුරුදන්වී තිබූ බැවිනි. කරකියා ගතහැකි දෙයක් නොමැතිව ඔහු පශ්චත්තාපව සිටි අතර වෙළඳසල් හිමියා විසින් ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී රතු පැහැති ත්‍රීරෝද රථයකට ගෑස් ටැංකිය පටවන ආකාරය එහි නිරූපණයවී ඇත.
පසුව ඔහු පොලීසිය වෙත ගොස් සිද්ධිය පැමිණිලි කළ අතර එහිදී දැනගන්නට ලැබී ඇත්තේ අදාළ ත්‍රීරෝද රථය මෙම ප්‍රදේශයේ එකක් නොවන බවය. සිද්ධිය එසේ අවසන් වුවත් ගමේ කොල්ලො කුරුට්ටන් මගදි ඔහු හමුවූවිට “මාමට ළඟදී කෝටියේ දිනුමක් ඇදුන නේද ?”‍ යි අසනවිට මවුපියන් සිහිපත් කරන බවද තතු දත්තෝ පවසති.

 



අදහස් (0)

“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බාලගිරි ඉහළ ගෙදරටයි කියා බෝඩ් ගහලා
2024 දෙසැම්බර් මස 04 173 0

දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක ජීවත් වූ සහෝදරයන් දෙදෙනා කුඩා කල සිටම ඉතා සහෝදරත්වයෙන් සමඟියෙන් යුතුව ජීවත් වූ අතර තරුණ වියට පිවිසීමත් සමගම ඔවුන් ද


පෙම්වතිය බලන්න ගිය මනමාල සීයාට ගුටි පූජාවක්
2024 දෙසැම්බර් මස 03 1053 0

මැතිවරණ සමයේ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකා බෙදාදීමේ මුවාවෙන් පැරැණි පෙම්වතියක හමුවීමට ගොස් ඇයගේ මවගෙන් කොසු පහරක් කෑමට සිදුවීමේ පුවතක් ගාලු‍ දිසාවෙන්


“කෝටියේ දිනුමට“ ගිහින් ගෑස් සිලින්ඩරයත් නැතිකරගෙන
2024 දෙසැම්බර් මස 02 643 0

ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගිය පුද්ගලයකු හදිසියේ පැමිණි ලොතරැයි පත් අලෙවිකරුවකුගේ ලොතරැයි තෝරමින් සිටියදී මිලට ගත් ගෑස් සිලින්ඩරය අතුරුදන්වීමේ


ප්‍රෙග්නට් එස්.එම්.එස් එකෙන් බිරිද යකින්නියක් වෙලා
2024 නොවැම්බර් මස 30 742 0

සිය කාර්යාලීය සේවිකාවගේ කෙටි පණිවුඩයක් නිසා බිරියගෙන් ගුටි පූජාවක් ලැබීමට සිදු වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද


අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා
2024 නොවැම්බර් මස 30 432 0

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා


සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා
2024 නොවැම්බර් මස 30 250 0

සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 68 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 666 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 841 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site