“අපේ අම්මයි තාත්තයි මට නම් තියලා තිබුණේ විමලසේන කියලා. අම්මා දයාවතී. තාත්තා කරුණාපාල. මේ දෙන්නට හිටිය එකම දරුවා මම. අම්මා මානසික රෝගයකින් පෙළුණා. මාත් උපතින්ම මන්ද මානසික දරුවෙක්. මටත් හරි හැටි කතා කරන්න බැහැ. මට අවුරුදු දාහතක් වෙනවා. නමුත් මගේ වයසට සරිලන ලෙස සිරුර වැඩිලා තිබුණේ නැහැ. ඒ නිසා පාසල් ගියේ නැහැ. අපේ අම්මත් පාසල් ගිහින් තිබුණේ නැහැ. තාත්තා හෝඩියේ පංතියට විතරයි පාසල් ගොස් තිබුණේ. මුල් කාලයේ හොඳට හිටියත් පසුව මගේ රෝගී තත්ත්වයත් වැඩි වුණා. කොටින්ම කිවහොත් මාත් ශක්තිමත් දරුවෙක් නම් නෙවේ. මට මාසයකට සැරයක් වලිප්පුව හැදෙනවා.
කොහොම වුණත් අම්මා මට ගොඩක් ආදරෙයි. අම්මා මුල් කාලයේ දී ඇයට තිබූ මානසික රෝගයට ප්‍රතිකාර ගත්තා. නමුත් පසු කාලයකදී බෙහෙත් හරිහැටි ගත්තේ නැහැ. තාත්තා අම්මා ගැනවත් මා ගැනවත් එතරම් හොයලා බැලුවේ නැහැ. අපි පදිංචි වෙලා හිටියේ වතු ආශ්‍රිත දුෂ්කර ගම්මානයක. කටුමැටිවලින් හා වහලයට පොල් අතු සෙවිලි කළ කුඩා නිවසක් තමයි අපට තිබුණේ. තාත්තාට හරිහමන් රැකියාවක් තිබුණේ නෑ. තේ වතුවල දලු කැඩිල්ලෙන් ලැබෙන වැටුපෙන් තමයි පවුලේ බඩ වියත රැකගත්තේ. අම්මාගේ ලෙඬේ වැඩි වුණාම තාත්තා පේන්න බැහැ. තාත්තාට හොඳටම බැණ වදිනවා. නිවසට පවා එන්නට ඉඩ දෙන්නේ නැහැ. බැණලා එළවා ගන්නවා. ඒ හින්දා තාත්තා තේ වතුවල දලු කඩන්න ගිහින් දවස් තුන හතරකට පාරක් විතරයි ගෙදර එන්නේ. එහෙම ආවත් අපි ගැන වැඩිය හොයලා බලන්නේ නැහැ. ගෙදර ඉස්සරහ කාමරයට වෙලා ඉන්නවා.
අම්මා ඉවුම් පිහුම් වැඩ කළේ නැහැ. තාත්තා දවල් කාලයේම ගෙදර නැහැ. සමහරදාට ගෙදර එන්නෙත් නැහැ. සත්තුන්ට කෑම දෙනවා වගේ කාමරයේ ජනේලයෙන් තමයි කෑම පිඟාන දෙන්නේ. සමහරදාට ඒකත් ලැබෙන්නේ නැහැ. අම්මා කෑම පිඟාන විසි කරලා තාත්තාට හොඳටම බණිනවා. කොටින්ම කිව්වොත් තාත්තා මාත් අම්මාත් වෙනුවෙන් නියම අයුරින් වගකීම ඉෂ්ඨ කළේ නැහැ. තාත්තාට වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධයක් තිබෙනවා කියලා ගම පුරා ආරංචියක් ද පැතිර ගිහින් තිබුණා. ඒ විතරක් ද? තාත්තා යන යන තැන බෑගයක් කරේ දමාගෙන අරන් ගියා. ඒ බෑගයේ තිබුණේ ඉඩමේ ඔප්පු තිරප්පු ටික. කොහොම වුණත් අම්මා මාව තුරුලු කරගෙන තමයි නිදා ගන්නේ.
ඒ කාලයේ අම්මාගේ ලෙඬේ වැඩි වුණා. ඒ හින්දා මට හරියට කෑම බීම ලැබුණේ නැහැ. මං වැඩි කාලයක් හිටියේ බඩගින්නේ. අම්මත් එහෙමයි. මගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල නිසා මට වැඩි කාලයක් ආහාර නොගෙන ජීවත් වෙන්න බැරි වුණා. අම්මා මා තුරුලු කරගෙන ඉන්දැද්දිම මං මගේ ලෝකයට ගියා. එහෙම වෙලා දවස් දෙකක් යනකම් අම්මා මා තුරුලු කරගෙන කාමරයට වෙලා හිටියා.
තාත්තා ඇවිත් ජනේලයෙන් කාමරයට එබිකම් කරලා යනවා. ඔහු දැනගෙන හිටියේ නැහැ මං මැරිලා කියලා. දෙවැනි දවසේ කිසිදු සද්දයක් බද්දයක් නැති නිසා තාත්තාට තේරුණා මොකක් හරි දෙයක් වෙලා කියලා. ඔහු මේ ගැන පොලිසියට දැනුම් දීලා තිබුණා. ඊට පස්සේ පොලිසියේ මහත්තුරු ඇවිත් අම්මා මගෙන් ඈත් කරලා ගම්මුන් සමඟ එකතුවෙලා ඇය අංගොඩ මානසික රෝහලට පිටත් කළා. මගේ මරණය ගැන පොලිසියට ද ගැටලුවක් තිබුණා. මා මියගියේ ලෙඩක් හැදිලා ද නැතිනම් වෙනත් දෙයකින් ද කියලා ප්‍රශ්නයක් මතුවුණා. මේ ගැන හොයන්න පළාතේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත මගේ මළසිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මිනී කාමරයට රැගෙන ගියා. පශ්චාත් මරණ පරීක්ෂණය කළේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහත්තයා. ඔහු පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න කලින් අපේ ගෙදරට ගිහින් ස්ථානීය පරීක්ෂණයක් කළා. ඒ විතරක් නෙවෙයි තාත්තා ගැනත් ගම්මුන් ගොඩක් දේවල් කියලා තිබුණා.
මිනී කාමරයේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා මගේ සිරුර කපලා බැලුවා ආමාශයේ මුකුත් නැහැ. අනෙකුත් සාක්ෂි හා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය කරගත්තු තොරතුරු අනුව මා මියගිහින් තියෙන්නේ දිගු කලක් නිරාහාරව සිටීමෙන් ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් කියලා අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළා. අපේ වගේ රටක නිරාහාරව මිය යාම බරපතළ කාරණයක් කියලත් ඔහු කීවා. පොලිසියේ මහත්වරු මෙන්ම අධිකරණ වෛද්‍යවරයත් තාත්තාගෙන් ප්‍රශ්න කළා. තාත්තා වගකීම් පැහැර හැරලා කියලා ඔවුන් කීවා. ගමේ අය එකතුවෙලා තමයි මගේ මළගෙදර කළේ. නිරාහාරව ඉඳලා මිය යන්න එක්කෝ ඕනකමින් නොකා ඉන්න ඕන. නැතිනම් කෑම නොදී ඉන්න ඕනෑ. අන්තිමට අධිකරණ වෛද්‍යතුමා තීන්දු කළා දිගු කාලයක් නිරාහාරව සිටීම නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මගේ මරණය වෙලා කියලා.”
(රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි).
(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්. චාමින්ද)
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අම්මාගේ තුරුලේ මං මැරුණේ බඩගින්නේ
Ruksha Saturday, 14 July 2018 07:43 AM
මේ දරුවා මරුණා නම් කොහොමද මේ කතාව කිව්වේ? අනික මෙයාටත් අසනීපයක් තියනවනේ... අනේ මන්දා.
ප්‍රසාද් Saturday, 14 July 2018 01:38 PM
මේ කතාව කාටත් වැදගත් නමුත් ළමයෙක් ලියන රචනාවක් ලෙසින් ඉදිරිපත් කරන්නේ එලොව ගිය කෙනෙක් කියන විදිහටයි. මෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයකට මේ රචනාව ගැලපෙන්නේ නැහැ. කරුණාකර මරණ පරීක්ෂණයක් ලෙස ඉදිරිපත් කරන්න. මෙහි යම්කිසි මෝඩ ස්වභාවයක් පෙනේ....
Madhawi Sunday, 15 July 2018 10:45 AM
මිනිස්සුනේ හද පෙන්නුවම හද දිහා බලන්න, ඇගිල්ල දිහා නෙවෙයි. මේක රචනා කරලා තියෙන ශෛලිය වෙනස්, කොහොම වුනත් කතෘ තුමා හොද වැඩක්
රාජේශ් ඛන්නා Monday, 16 July 2018 05:15 AM
සාර්ථක ඉදිරිපත් කිරීමකි. එහෙත් අවාසනාවකට රටේ බහුතරය බුද්ධිමත් නොවේ.
lakmal Friday, 20 July 2018 03:22 AM
මේ වගේ දෙයක් අහන්න ලැබීමත් ඉතාම කනගාටු දායක දෙයක්. දරුවෙක් ඉන්න හැම අම්ම අප්පච්චි කෙනෙක්ම තමන්ගේ දේවල් වලට වඩා තමන්ගේ දරුවන් ප්‍රමුඛ කර සැලකියයුතු බව මෙයින් පැහැදිලි වෙනවා. පවුලක් විදිහට හැම වෙලේම සාමුහිකව තමන්ගේ තීරණ ගන්න ඕනේ.දෙමවුපියන්ගේ කිසිම වරදකට ළමයින් වන්දි ගෙවිය යුතු නැහැ.