විදේශගතව සිටි කතක් ශ්‍රී ලංකාවට පැමිණ ඉඩම් කොටසක් මිලට ගෙන නිවහනක් තනාගෙන ඇගේ මවද සමඟ කල් ගෙව්වාය.
මේ දිනවල පවත්නා ඉඩෝරය නිසා ඔවුන්ගේ ඉඩමේ පිහිටි ළිඳද සිදිගියේය.
ළිඳ ඉසිමින් ජලය ලබාදීමට කොන්ත්‍රාත්කරුවකු පැමිණියේය. ඔහු සේවකයන් යොදා ළිඳේ මඩ ඉවත් කොට පිරිසුදු කර දුන්නේය. ඔවුන් ළිඳේ කටයුතු නිමා කොට ආපසු යද්දී ළිඳේ වතුරට අගුරු කැට දෙකකුත් මල් දෙකකුත් දමන ලෙස උපදෙස් දුන්නේය.
පසුදා වනවිටද ළිදේ ජලය බොර ගතිය ඇරී නොතිබිණ. ඇය කොන්ත්‍රාත්කරුට කතා කළේය.
ඔහුද තවත් මුදලක් ලබාගත හැකි යයි සිතා නිවෙසට පැමිණියේය.
නෝනා ළිඳට අගුරු කැට දෙකකුත් මල් දෙකකුත් දැම්මද?
“ඔව්” මම ළිඳට දමන නිසා හොඳ ප්ලාස්ටික් මල් දෙකකුයි අගුරුයි දෙකම දැම්ම. ඈ කීවාය. කොන්ත්‍රාත්කරුට කාරණය වැටහිණි.
“නෝනා ළිඳ ඉස්සට පස්සේ ළිඳට දමන්නේ ඉද්ද මල් වගේ වනමල් දෙක තුනක්. ප්ලාස්ටික් මල් දමල වැඩක් නෑ........”
කොන්ත්‍රාත්කරු කරණය පැහැදිලි කරදී යන්නට ගියේ නැවත වනමල් වෙනුවට ප්ලාස්ටික් මල් නොදමන ලෙසට උපදෙස් දෙමිණි.
(දූනගහ - බටේපොළ විජයසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් මල් කොච්චර හොඳද? නරක් වෙන්නෙත් නැහැ. (නි)
අඟුරු කෑල්ලත් ප්ලාස්ටික් වලින්ම දැම්මා නම් ඔන්න ප්‍රතිඵල ගන්න තිබුනා. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
එයා රට ගියාට පස්සේ ගමේකම අමතකවෙලා ඇති (නි)
දැන් ඔක්කොම ප්ලාස්ටික් වෙලානේ තියෙන්නේ. මම හිතන්නේ ඔය රට ගියාම මොළෙත් ප්ලාස්ටික් වෙනවා සමහර අයගේ (නි)
උපුල්, ගමට නියඟය, ඉද්ද මල් නැහැ, ප්ලාස්ටික් තමයි... කියලා වැඩක් නැහැ. (නි)
කවුරු හරි පැහැදිලි කරලා දෙනවද අඟුරු හා මල් ලිඳට දැම්මහම කොහොමද වතුර උනන්නේ කියලා? නොදන්නා කමට අහන්නේ.(හේ)
වැඩේ එළිවුණා නේද? ගමේ ඔක්කොම දෙනා අද කතාවෙන්නේ මේ ගැනයි.
නර්මදා, සිංහල දන්නේ නැද්ද? නැත්නම් කියවන්න අමාරුද? අායෙත් කියවලා බලන්න (නි)
අගුරුවල පිරිසිදු කිරීමේ හැකියාවක් තියෙනවා , එත් මල්වල හෙම දෙයක් නැහැ , ඕක නිකන් සිරිතක් විදිහට කළාට , ළිදක මඩ වතුර පසුව පිරිසිදු වෙනවා එක තම ස්වබාවය, මේවා නිකන් බොරු මත විතරයි (අ).
ප්‍රදීප්, ඔයා තවම ළපටි වැඩියි ඕවා තේරුම් ගන්න. (නි)