අදහස් හුවමාරුවට මෙන්ම වෙලාව බලා ගැනීමටත් ජංගම දුරකථනයක් භාවිත කළ ඇය දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක උසස් පෙළ විභාග අපේක්ෂක සිසුවියකි. විභාග ශාලාවට ජංගම දුරකථන ගෙනයාම තහනම් බව කීවිට ලොකු අයියා ඇයට අලූත් අත්ඔරලෝසුවක් තෑගි දුන්නේ විභාගයට ද සුබ පතමිනි.
උදේ විභාගයට යාමට සූදානම්ව ඔර්ලෝසුවේ වේලාව බැලූ ඇයට තවත් පැය එකහමාරක් ඇති බව පෙනිණි. අවසන් මොහොතෙත් තවත් ටිකක් පාඩම් කිරීමට පාසල් ඇඳුම පිටින්ම ඇය කාමරයට ගියාය. ටික වෙලාවකට පසු කාමරයට එබුණ අම්මා කීවේ ”ළමයො ගියේ නැද්ද? දැන් අටයි කාලයි” කියාය. යළිත් ඔර්ලෝසුව දෙස බැලූ ඇයට තරු පෙනුණේ කලින් වෙලාව බලද්දී මිනිත්තු හා පැය කටු දෙක මාරුවී හඳුනාගෙන ඇති බව වැටහුණු නිසාය. ඒ වනවිටත් සැබෑ වෙලාව අටට ආසන්නව තිබී ඇත.
කඩිනමින් විභාග ශාලාවට දිව ගියත් ඒ වනවිට විභාගය පටන්ගෙන තිබිණි. එහෙත් මිනිත්තු තිහකට වඩා ප‍්‍රමාද නොවීමේ වාසිය නිසා ඇයට විභාගය ලිවීමට අවසර ලැබුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැතුම්ගේ, වංචාවල කෑල්ල හැලුවේ මොකද දන්නේ නැහැ. පසුගිය ලිපියේ පහන් හොද උත්තරයක් දීල තිබුන නිසා වෙන්ට ඇති මයේ හිතේ...(අ)
ලංකාදීප පත්තරය මම හිතන විදිහට නම් ලංකාවේ හොදම පත්තරය කියන්න පුළුවන් මම ලංකාදීපයට සුබ පතනවා!!!!!!(දිල්)
දේවිකා, මොනම හේතුවකටවත් ජංගම දුරකථන දෙන්නත් එපා අනන්තර් ජාලයේ හැසිරෙන්න දෙන්නත් එපා. මේ කියන මම ඒ දේවල් මගේ දුවට දීලා මම හොද පාඩමක් ඉගෙන ගත්තා. මුහුණු පොත එයාලව විනාස කරනවා (නදී)
මම නම් අපේ දුවට කොච්චර ඉල්ලුවත් ජංගම දුරකතනයක් අරන් දෙන්නේ නැහැ. තවම වයස 15 යි. අනෙක ළමයින්ට අත්‍යවශ්‍ය නැති දේවල් ඉල්ලපු පමණින් අරන් දීලා ඒවායේ වියදම දරාගන්න බැරුව ජීවන වියදම වැඩියි කියලා ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. කාටද අද කාලයේ ගෙදර ජංගම දුරකතන බිල් තුන හතරක් එක මාසයේ ගෙවන්න පුළුවන්. (නි)
ඔරලෝසුවේ අංක රෝමානු ඉලක්කම් නියම වෙලාව 8 ට විනාඩි 2 අනෙක් පැත්තට අතේ බැඳ ගත්තු මේ ළමය දැක්කේ වෙලාව 6 පසුවී විනාඩි 10 ලෙස (නදී)
කොහොම හරි විභාහගේ ලිව්වනේ ඒ ඇති.කලබලේට ඔවැනි දේ කාටත් වෙනවා. (ස)
විභාගයට ලියන්න, වෙලාවට යන්න ඕනෑ කියලා හිතනවා වගේම, අපේ ලංකාවේ අය බොහෝ දෙනා අනිත් සෑම වැඩ කටයුත්තක්ම, වෙලාවට කරනවා නම් කොතරම් අගේද? (නි)
මම නම් ප්‍රසිද්ධ තැන් වල ජනකාය ඉදිරිපිට ජංගම දුරකථනය භාවිතය හරි පරිස්සමින් කරන්නේ. විශේෂයෙන්ම පුද්ගලික තොරතුරු අවට ඉන්න අයට දැනගන්න ලැබෙන කිසිම කතාවක් කරන්නේ නැහැ. (නි)
තව පොඩ්ඩෙන් හරි වැඩේ තමයි වෙන්නේ (නි)
කිව්වට පිළිගනීවිද දන්නෙ නැහැ.මම ජංගම දුරකතනයක් පාවිච්චි නොකරන කෙනෙක්. ඇත්තටම, පාවිච්චි කළා මාසයක් විතර.ඒ මාසෙන්ම මට ඇතිවුණා.පණිවුඩයක් කියන්න ඕනෑ කෙනා, ගෙදරට කතා කරලා කියනවා. (නි)
බෙන්තර ගඟෙන් එහා නිසා විශ්වාස කරන්න අමාරුයි (නි)
තාක්ෂනයත් එක්ක ඉදිරියට යන්න කියන්නේ අන්න ඒකයි (දී)
අපිට ජංගම දුරකතනයක් ලැබුනේ රැකියාවට ගොස් අවුරුදු තුනකට පසු ආයතනයට කන් කෙඳිරි ගාලා ණයකුත් ගත්තට පසු. ලේසියෙන් පහසුවෙන් හැම දෙයක්ම ලැබෙනකොට වගේම තමන් නවීන තාක්ෂනය භාවිතා කරන්න ඕන සීමාව දන්නේ නැති වුනාම ළමයින් අතින් මෙහෙම අත්වැරදීම් සහ සදහටම වැරදීම් වුනත් සිද්ධ වෙන්න පුළුවන්. (දී)
හ්ම්ම්!!! එහෙම වෙන්නත් පුළුවන්... (අ)
මේක "ඩිජිටල්" තාක්ෂණයට පුරුදුවෙලා කටු තිබෙන ඔරලෝසුවේ වෙලාව කියවන්න නොහැකිකමක්. (නි)
මටත් එහෙම වැඩක් උනා, දිනය පැටලීම නිසා. මම වෙන ගමනක් එදා බස් එකෙන් යද්දී මම දැක්ක මගේ යාලුවෝ විභාගයට යනවා. මට තරු පෙනුනා. වෙලාවට කාලසටහන් තිබුන නිසාත්, අයි.ඩී එකත් තිබුන නිසා, අවසර අරගෙන පාට අැදුමින්ම විභාගය ලිව්වා, මමත් හොදට පාස් උනා. අනේ මෙයත් හොදට පාස් වෙයි (නදී)
වෙන්න පුළුවන්. මම දන්නා කෙනෙක් විභාගෙට ගිහින් වාඩි වුනාමලු දන්නේ අයදුම්පත සහතික කොට නැති බව. කෙසේ හෝ ඇය පැය බාගයක් ඇතුලත අවශ්‍යතාව සපුරාගෙන විභාගයට මුහුණ දුන්නලු. (දිල්)
අපි මේකට හිනාවුණාට මේ කාරණය බොහොම බරපතළයි (නි)
මේක වෙන්න පුළුවන් දෙයක්.මම උසස් පෙළ කරන කාලේ මටත් ඔවැනිම දෙයක් වුණා. (නි)
බෙන්තර ගඟෙන් එහා පැත්තෙ අයත් අමාරුවේ වැටෙන වෙලාවල් තියෙනවා (නි)
මෙතන සිදුව ඇත්තේ ඔරලෝසුවේ කටු වැරැද්ද ගැනීමක් නොව ඉලක්කම් වරදවා වටහා ගැනීමකි.(දිල්)
අයියෝ! අපරාදේ නේද විභාගය ලියන්න බැරි වුණා නම් (නි)
මේක බොරුවක්නේ. මේකේ කියලා තියෙන විදියට අටට ලංවෙද්දී එයා පැය මිනිත්තු කටු මාරු කරන් වෙලාව බලන් තියෙන්නේ. එහෙම් නම් එයා තේරුම් ගන්න වෙලාව තමයි 11.40 කීයන එක. නමුත් විභාගය උදේ තිබිලා තියෙන්නේ. එතකොට උදේ පාන්දර වෙලාව 11.40 කියලා දැක්ක ගමන් වේලාව වැරදියි කියලා තේරෙනවනේ.(අ)...