(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක වැඩිහිටියන් සඳහාවූ සමිතියක සංවත්සර මහ සභාව පසුගියදා පැවැත්වූයේ උත්සවාකාරයෙනි. එහි මූලික කටයුතු අවසන් කොට ඊළඟ වර්ෂය සඳහා නව නිලධාරීන් පත්කර ගැනීමේ අවස්ථාව උදාවූ විට එතෙක් සිටි කාරක සභාවට දැඩි විරුද්ධතාව දැක්වූ කථිකයකු ”මේ කාරක සභාව නම් තවත් පත්කර ගන්න එපා. මේකෙ ඉන්න අයගෙන් බාගයක්ම හොරු තක්කඩි” කීවේ කෝපයෙනි.
එහෙත් ඒ කාරක සභාව විශාල වැඩ කොටසක් කර තිබූ නිසා සභාවේ වැඩි දෙනකු ඒ කතාවට එරෙහිවීම නිසා සභාපතිට සභාව පාලනය කිරීම අසීරුවිය. මේ නිසා එම කථිකයාට තම චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට සභාපතිවරයා දැඩි නියෝගයක් දුන්නේය.
කළ හැකි වෙනත් දෙයක් නොවූයෙන් එම කථිකයා නැගිට ”හරි මේ කාරක සභාවෙ ඉන්න බාගයක්ම හොරු තක්කඩි නොවෙයි” කී විට සභාපති ”අන්න හරි” කීවත් ඔහු කිවේ පැරැණි කතාවම නේදැයි කෙනකු කී විට නැවත එය නිවැරදි කිරීමට කීවත් ඔහු ඒ වනවිට සභාවෙන් පැනගොස් තිබුනාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා වුණත් "කථිකයා" දක්ෂයා. (නි)
නියමයි නියමයි ..... (නි)
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඔයවගේ විවේචනයක් දිගින් දිගිටම එල්ල කරනකොට විවේචනයට ලක්වූ ඇමති කථිකයාට කතාව නවත්වන්න කියල කීපව්ටක්ම ඉල්ලුවට පස්සේ කථිකයා කතාව ඉවර කරලා ඇහුවලු "මගේ කතාව ඉවරයි දැන් මොකක්ක්ද කියන්න තියෙන්නේ" කියල. ඇමති කිව්වලු දැන් වැසිකිලිය හෝදගන්න කියල. (නදී)
කාලෙකින් හිනා යන කතාවක් කිව්වා (දිල්)
කට කෑවත් ඇත්ත කියලා.වැඩිහිටි සමිති කියලා වයසක ඔක්කොම ඕවාට යනවා.හැම මාසෙම කොහේ හරි යනවා.සල්ලි එක් කරනවා.උත්සව තියනවා.ධර්ම දේශනයක් තියන්න.අල්පේච්ච වෙන්න.සිත සන්සුන් කර ගන්න මේවාට වයසක මනුස්සයින්ට කියලා දෙන්න ඕන.දරුවොන්ට දෙන්න සල්ලි නැතිනම් අන්තිමට මොකද වෙන්නේ?(හේ)
දෙයියෝ සාක්කි වලින් අහපු හොඳම කථාව මේකයි කියල මට හිතෙන්නේ (බ)
නියම කතාවක් මෙහි සභාපතිටත් හොඳටම රිදිලා වගේ.බලාගෙන යනකොට හැමතැනම හොරුනේ ඉන්නේ.තවද සභිකයෙකු යම් යෝජනාවක්,අදහසක් ඉදිරිපත් කෙරුවොත් එය ඉල්ලා අස්කරගන්න කියලා කියන්න සභාපතිට බලයක් නැහැ.(හේ)
මේක කියවලා මට නම්, හිනාකාලා පණ ගියා.(හේ)
මේක පරණ කතාවක් මොඩ් කරලා අරන් තියෙන්නේ.(හේ)
චමින්ද, මට තනියෙනුත් හිනා. (ර)
කට ඇති පුතෙක්. මුකරිකමේ වටිනාකම. (ර)