මාතර මොරවක් කෝරළයේ ඈත ගම්මානයක් වූ දියදාව ගම්මානය අර්ධ නාගරීකරණයට පත්වෙමින් තිබෙන සුන්දර ගම්මානයකි. තේ ආර්ථිකය සමග ජීවිත ගෙන යන මෙම ගම්මානයේ වැසියෝ සිරිත් විරිත් අකුරට ඉටුකරන චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස පවත්වාගෙන යන පිරිසක් වූහ.
නව වසර සමරමින් කැවුම් කිරිබත් සකස් කිරීම නොකඩවා සිදුකරන ගම්වැසි නිවෙස්වල මෙම වසරේ උදාව සැමරීමට කිරිබතක් සකසා ගැනීමට අවශ්‍ය පොල් කිරි ලබා ගැනීමට පොල් හිඟවීම සහ මිල අධික වීම කාටත් ප්‍රශ්නයක් වී තිබිණි.
මවක් දියණියක් සහ රෝගී වැඩිහිටි ඥාතියකු ජීවත් වන නිවසක් මේ ගමේ වූ අතර එම නිවසට අහල පහල නිවෙස් හිමියෝ අලුත් අවුරුද්දට හිතවත්කම් අලුත් කර ගැනීමට යන එන අවස්ථාද විය.
එදා අලුත් අවුරුදු දිනය වූ නිසා එම නිවසේ උදේ ආහාරයට කිරිබත් සකස් කිරීමට දියණියට සිදුවිය. ඇය සහල් සකස් කර ඉතා හොඳින් කිරිබත පිසීමට පොල් සෙවුවද නිවසේ පොල් බෑයක්වත් සොයා ගැනීවට නොහැකි විය. පොල් සොයා ගැනීම අසීරු කරුණක් බව දැනගෙන සිටි දියණිය පොල් කිරි වෙනුවට යෙදිය හැකි කිරි දියරයක් ගැන කල්පනා කළාය.
‘අම්මේ කිරිබත් හදන්න පොල් නෑ. දියණිය මවට කීවාය.
‘පොල් නැතුවට මොකද කරන්නේ? ඉස්සර අපේ ආච්චිල පොල් වෙනුවට කැකුණ ඇට මද අඹරල කෑවලු. අද කැකුණ ගස් නෑ. ඇටත් නෑ.
ඉන්පසුව ඇයට අදහසක් පහල විය. ඇය කිරිබතට පෝෂ්‍යදායි කිරි දියරක් එක් කර කිරිබත සැකසුවාය. උදේ ආහාරය ගැනීමට පැමිණි මවත් ඥාතියාත්, දුව සකස් කර ඇති කිරිබත කෙසේ සෑදුවේද? විමසුවද ඇය පිළිතුරක් නොදුන්නාය. තිදෙනාම කිරිබත් කා සුපුරුදු ලෙස නිවසේ තම තමන්ගේ කටයුතුවල නිරත වූහ.
දහවල් කාලයේ අසල නිවසක වැඩිහිටියෙක් අලුත් අවුරුදු තෑගි ද රැගෙන එම නිවසට ආවේය. වැඩහිටි ඥාතියාගේ හිතවතෙකු වූ ඔහු සෑම අලුත් අවුරද්දකටම මෙම නිවසට පැමිණීම සිරිතක් විය.
අසල්වැසියාට සංග්‍රහ කිරීම සඳහා සූදානම් වූ නිවසේ මව බිස්කට් කෙසෙල් ගෙඩි ආදිය ගෙනවිත් තබා බීමට කටහද කිරිකහටදැයි අසල්වැසියාගෙන් විමසීය. කිරි කහට එකක් හොඳයි ඔහු කීය.
මව කුස්සියට ගොස් තේ සෑදීමට සූදානම්ව කිරිපිටි ටින් එක කොහේදැයි සොයා බැලුවාය. ඇයට එය සොයා ගැනීමට නොහැකි තැන දුවට කතා කර ඒ ගැව විමසුවාය.
‘කිරිපිටි ඉවරයි. මම උදේ කිරිබත හදන්න ටින් එකේ තිබුණ කිරිපිටි ටික ඔක්හොම ගත්ත. අන්න ටින් එක හෝදල එළියෙ වළං මැස්ස උඩ යයි කීවාය.
අම්මට යකා නැග්ගාය. ‘කොහොමද යෝදියේ මම අර මනුස්සයාට කිරි කහට එකක් දෙන්නෙ. වස ලැජ්ජාවක් නේ අලුත් අවුරද්දේ ගෙදරට ආපු මනුස්සයට කිරි කහට එකක් දෙන්න බැරි වුණාම? මව තරහින් පුපුරමින් කහට තේ එකක් හදාගෙන අසල්වැසියාට දීමට ගෙන ගියාය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දුවගේ අවුරුදු කිරිබතෙන් වැඩිහිටියාට වස ලැජ්ජාවක්