දිගුකලක් බස්නාහිර පළාතේ උසාවියක ලිපිකරුවකු ලෙස සේවය කොට විශ්‍රාම ලද ඔහු දෙදරු පියෙකි. දරුවන් දෙදෙනාම අගනුවර ඉහළ රැකියාවල නිරත වූ අතර ගෙදර සිටියේ ඔහු හා බිරිය පමණකි.
පසුගියදා රෝගී තත්ත්වයක් නිසා වෛද්‍යවරයකු වෙත ගියත් වෛද්‍යවරයා කීවේ, මෙය තරමක් ගැටලුසහගත නිසා රෝහල්ගත විය යුතු බවය.
තම දරුවන්ද බිරියද දැනුම්වත් කිරීමෙන් පසු රෝහලට ඇතුළුව වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව රෝගය සොයාගත් පසු තම දරුවන්ගේ උදව්වෙන් සති එක හමාරක් පමණ ප්‍රතිකාර ලබා ඔහු නිවසට ආවෙන් ගමේ හිතවතුන් නිවසට ආවේ ඔහුට සුබ පැතීමටය.
එසේ පැමිණි කාන්තාවන් කීප දෙනකු “ලියන මහත්තයාට හැදුණු ලෙඬේ මොකක්දැයි” ඇසූවිට ඔහු කීවේ, “ඒක කිව්වට උඹලට තේරෙන්නේ නෑ. ඉංගිරිසි ලෙඩක්. ඉංගිරිස් අකුරු ඉලක්කම් තියෙන ලෙඩක්” කියා මහත් ආඩම්බරයෙන් පැවසීය.
(තිහගොඩ උපසේන ලියනගම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සුන්ට ඉංග්‍රීසිනම් ලෙඩක් උනත් කමක් නැහැ. (ර)
ඕකට හේතුව තනිකරම හීනමානය. නැති ලොකුකමක් ළංකර ගන්න අපේ මිනිස්සු කරන්නේ ඉංග්‍රීසි පොඩ්ඩක් එහෙට මෙහෙට කරන එක. සුද්දා 1948 අපිට නිදහස ලබා දුන්නත් ඒ හදපු කළු සුද්දෝ ටික නම් තවම ඉන්නවා වගෙයි. තමන්ගේ දෙයක වටිනාකමක් නොදන්නා මෙහෙම මෝඩ මිනිස්සු! (නි)
තවමත් ඒරොප්පෙට ආවඩන ගතිය අඩුවෙලා නැහැ. ඉංග්‍රීසි කියන්නෙත් තවත් භාෂාවක් කියලා ලිපිකරුවෙක් වෙලත් තේරුම්ගෙන නැති හැඩයි. (නි)
මනස තියෙන්නේ තාම 20 වැනි ශත වර්ෂයේ. (නි)
දැන් ඉන්න අාදිවාසිකයොත් ඉංග්‍රීසි දන්නා එකේ එ්ක කිවුවා නම් ඉවරනේ "සීනි සීනි, එ්ත් කඩේ නැහැ“ කියලා.