(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
සියලූ පහසුකම් සහිත දෙමහල් නිවෙසක් කුලියට දීමට තිබේ යනුවෙන් පුවත්පතක පළකළ දැන්වීමක් ගැන විමසූ තරුණයකු නිවෙස පිහිටා තිබෙන්නේ වයිෆයි කලාපයක ද කියා නිවෙස හිමිකරුගෙන් විමසූ විට නෑ පුතා තෙත්කලාපයක කියා පිළිතුරු දුන් සිද්ධියක් ගම්බද ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
ලෝකය ශීඝ‍්‍රයෙන් දියුණුවෙමින් තිබෙන අතර නවීන තාක්ෂණික මෙවලම් භාවිතය ද සමාජයේ දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඒ අනුව විවිධ සන්නිවේදන ක‍්‍රම භාවිතය අපේ රටෙත් ව්‍යාප්ත වෙමින් ඇත. අලූත් පරපුරේ අය මේවා ගැන හොඳින් දන්නා නමුත් පැරැුන්නෝ වැඩි කොටසක් මේ ගැන නොදනිති.
මේ සිද්ධියත් එවැන්නකි. තරුණයා අන්කල් වයිෆයි තිබේද යනුවෙන් ඇසූ ප‍්‍රශ්නයෙන් අන්දුන් කුන්දුන් වූ ගෙහිමියා තව ඉදිරියට මොන ජාතියේ ඒවා සමාජ පරිහරණයට එක්වේදැයි සිතාගන්නට බැරිව නිහඬ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිනහවට කාරණයක් නොවෙයි.මේ අලුත් වචන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. (ස)
පිළිකාකාරක විකිරණ කලාපයක නෙමෙයිද කියලා ඇහුවේ නැද්ද? (නි)
වයි ෆයි කොහෙත් ඇත ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙත් ඇත. එත් ලංකාවේ අන්තර්ජාල සම්බන්දත ගැනීමට අවශ්‍ය ADSL 3G 4G කලාප වල විමසීමක් කර ඇති බව හිත ගත හැක. (බ)
ඕවා මොනවද? ඉරිදා රෑට එක්තරා නාලිකාවකට එන තරුණ තරුණියන් ගණනාවක් අවදානම් කලාපයකට යවනවා මානව අයිතීන් උල්ලංඝනය කරමින්. (නි)
අපේ ගමේ වැඩිහිටියෝ ඕවා දන්නේ නැතිවුණාට හොඳට මනුස්සකම අඳුනනවා. (නි)
අසා ඇති පැනයට නියම පිළිතුරක් ...බඩ පැලෙනවා මේවා කියවද්දී. (ස)
මේක සාමාන්‍ය දෙයක්. ඕනෑම කෙනෙක් දෙයක් ගන්නකොට වැඩි වාසි බලනවා. ඉතින් කවුද අකමැති ගන්න ගෙදර නොමිලේ අන්තර්ජාලය තියෙනවද බලන්න? (නි)
උත්තර දෙන්නා හඳුනාගෙන ප්‍රශ්න ඇසීම අසන්නාගේද වගකීමය (නි)
මම ලසිත් සමග එකඟ වෙනවා. හුඟක් වැඩිහිටියන් තාක්ෂණය ගැන දැනුවත්. මගේ මව (ගෘහනියක්) ඉතාම ආසාවෙන් කොම්පුටරය පාවච්චි කරන්න ඉගෙන ගත්ත (අවුරුදු 80) මගේ බිරිඳට අමතක වෙන කොට කියලත් දෙනවා. (ම)
පිරරටවල ජිවත් වන දරුවන් සිටින වයසක දෙමව්පියන් වයිෆයි සහ ස්කයිප් ගැන දන්නවා. මගේ පියා වයස 85 යි. නමුත් කතාව ස්කයිප් එකෙන්.(ම)
තාක්ෂණය කියන්නේ ඕනෑම කෙනෙකුට අතපත ගාල බැලුවොත් පරතෙරට නැති වුණත් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන් , සමහර අපේ මේකට දක්වන අකමැත්ත තමයි ප්‍රශෟනේ, එහෙම නැතුව අපේ ගම්වල ඉන්න වැඩිහිටියනේ දැනුම අවබෝෙධය නිසා නෙවෙයිද දරුවෝ අද ඉහලින් වජබෙන්නේ , (ම)
කොහෙද යන්නේ, මල්ලේ පොල් (නි)
රෙජි, ගම්වල වැඩිහිටියන්ට ඒ ගැන දැනුම අඩු ඇති. නමුත් ලසිත්ගේ අම්මා නගරබද කාන්තාවක් වෙන්න ඇති. අනෙක් ගුරුවරියක්ලුනේ. ඒ නිසා ඔය දේවල් වලට අවකාශය ඉබේම ලැබෙනවා. හැබැයි ඉතින් දැන් කාලයේ වැඩිහිටියනුත් තාක්ෂණය ගැන දැන් දැනුවත් කියන එක මම පිළිගන්නවා. නැත්නම් කොහොමද හැට පැනපු පිවිතුරු යහපාල මෙතන අපිට බැන බැන අකුරු කොටන්නේ ? (නි)
අහපු මිනිහා තමයි මෝඩයා. සමහර තරුණයෝ ඉන්නේ හොල්මන් ලෝක වල. බාහිර මෙලෝදෙයක් දන්නේ නැහැ. පොළවේ පයගහලා ඉන්න කෙනෙක් නම් මොළය කල්පනා කරලා අදහස් හුවමාරු කර ගන්නවා. (නි)
ලසිත්, ඔබගේ අමමා ඒ දේවල් දැනගත්තාට ගම්වල ජීවත්වන කීයෙන් කීදෙනාද ඔය දේවල් ගැන අහලා තියෙන්නේ. දැනගෙන තියෙන්නේ. (නි)
අහපු මිනිහත් මෝඩයෙක්නේ. ගෙවල් වල කොහෙද නොමිලේ වයිෆයි? ගෙහිමියා හොඳ උත්තරයක් දීලා තියෙන්නේ. (නි)
තාක්ෂණය ගැන දැන් වැඩිහිටියන් පවා දැනුවත්. මගේ අම්මාගේ වයස 70 ක් විශ්‍රාමික ගුරුවරියක්. අම්මා මගේ වයස 14 ක ළමයින්ට වැඩිය හොඳට මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංග වලින් පරිගණකයේ වැඩ කරනවා. (නි)
එයා ඒක තව පැහැදිලිව ඇහුවා නම් අන්කල් උත්තර දෙයි (නි)
මේක දාන්න තිබුනේ අර්ධ සුඛෝපභෝගී පහසුකම් සහිත කියලා. එතොකොට කවුරුවත් අහන්නේ නැහැ පහසුකම් ගැන. ඒසී ඇතත් දාඩිය දාගෙන කන් කරච්චලයෙන් යන හරියට අර පාරේ දුවන ප්‍රයිවෙට් බස් වගේ. (නි)
ඔය ප්‍රශ්නය අහන්න තිබුණේ වයසක කෙනෙකුගෙන් නොවෙයිනේ.ඔය කතාවෙන් ඒ මනුස්සයත් යම් දෙයක් ඉගෙනගත්තා, නවීන ලෝකය සම්බන්ධව, අර තරුණයාට පින් සිද්ධවෙන්න. (නි)
අද තරුණ පරපුර ඇසිය යුත්තේ මොනවද, නැත්තේ මොනවද යන්න පිළිබද නිසි අවබෝධයකින් තොරවීම අප සැමගේ අවාසනාවක්. (නි)