”පොල් ගස කථා කරයි” මාතෘකාව යටතේ නිවැරැුදි උක්ත ආඛ්‍යාත යෙදු වාක්‍ය 4ක් ලියා දක්වන්න. යැයි අසා තිබුණු විභාග පිළිතුරකට කෑගල්ල ප‍්‍රදේශයේ පාසලක කුඩා දරුවකු ලියා තිබූ පිළිතුර මෙසේය.
සාමාන්‍යයෙන් පොල් ගසක් කථා නොකරයි. පොල් ගස කථා කළොත් ගසට ඇති දුක කියාවි. ඒ නිසා මට මේකට ලියන්න වෙන උත්තර නැහැ. විභාගය අවසන් වී දින කිහිපයකට පසු උත්තර පත‍්‍ර බැලූ පාසලේ විෂය භාර ගුරුවරයා සිඟිත්තා ලියා තිබුණු උත්තරය දැක අන්දුන් කුන්දුන් වී ගිය බව වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රශ්නය තුලින් පරීක්ෂා කිරීමට උත්සාහ කරන්නේ දරුවකුගේ නිර්මාණශීලී හැකියාවයි. ලෝකයේ සාහිත්‍ය කියා දෙයක් බිහිවෙලා තියෙන්නේ වින්දනාත්මක නිර්මාණ බිහිවෙලා තියෙන්නේ එවැනි නිර්මාණ කරුවන් සිටි නිසායි. මෙහි දක්වා තිබෙන අදහස් බොහොමයක් ගැන සංවේගයක් දැනෙනවා.සියල්ල තර්කානුකූලව පමණක් හැමෝම සිතුවා නම් කලාව කියල දෙයක් නොතිබෙන්න තිබුන.(බ)
පණ්ඩිත ළමයෙක්. මේ වගේ නිර්මාණාත්මක රවනා ළමයින්ට ලියවන්නෙ ළමයාගේ නිර්මාණාත්මක සිත සංවර්ධනය කරන්න මිසක් මේ වගේ මෝඩ, පණ්ඩිත උත්තර දෙන්න නෙමෙයි. (නි)
මේ ළමයා නිර්මාණශීලී නොවන කෙනෙක්. අද කාලේ ගොඩක් දෙනා හිතන්නේ ඔයවගේ මතුපිටින් බලලා තමයි (නි)
මම දකින්නේ නැහැ මේ ළමයගේ බුද්ධිමත්බවක්. මට පෙනෙන්නේ ළමයගේ නිර්මාණශීලීබවේ අඩුකම. අපි පොඩි කාලෙත් ඔය රචනාවම මම ලියලා තියනවා. අපි දන්නවා පොල් ගසට කතා කරන්න බැහැ කියලා. ඒ වුණාට නිර්මාණශීලිව ලියන්න අපිට උගන්වලා තිබුනා. (නි)
ඇත්තනේ කතාව (ම)
දැන් ගුරුවරු ඉගෙනීමට දුර්වල ළමයි ගැන හොයන්නේ නැහැ. එයාලා පුළුවන් ළමයි ගැන විතරයි හොයන්නේ. ඉස්සර අපිට උගන්වපු ගුරුවරු එහෙම නැහැ. එයාලා අපිට ඉගැන්නුවේ සල්ලි බලාගෙන නෙමෙයි. ඒකට දැන්? (නි)
රසික, ඔබගේ ප්‍රතිචාරය හරියටම හරි. (නි)
පොල්ගස් කතාකරනවද දරැවන්ට පොඩිකාලෙ ඉඳලම බොරුකියන්නඋගන්වන ගුරුවරුනට දඬුවම් කළ යුතුය (ම)
ළමයා නිවැරදිව පොල්ගස ගැන ලියා තිබෙනවා.පොල්ගස කතාකරන්නේ නැහැ කියන වාක්‍යයත් පොල්ගස ගැන ලියා ඇති වාක්‍යයත් හරි.එයින් ඔහු නවතින්නේ නැතුව තවත් වාක්‍ය ලියා ඇත්තේත් පොල්ගස ගැනමයි.පණ්ඩිතකමට දන්නවා වගේ අදහස් දැමූ කට්ටියම ගැනයි අදාළ ගුරුවරයා ගැනයි මම නම් අන්දුන්කුන්දුන් වුණා (නි)
තාර්කික න්‍යාය අනුව නම් මේ උත්තරය හරි බව පෙනුනත්,පොල් ගස කතා කළා නම් තමන්ගේ දුක කියන බව දැනගෙන හිටියත්, නිර්මාණාත්මකව හිතන්න ලියන්න බැරිකම හෝ අකමැත්ත නිසා මේ දරුවා මෙහෙම උත්තරයක් දීලා තියෙනවා. අපිත් පොඩිකාලේ ඉබ්බෙක් කථා කරයි කියලා රචනාවක් ලියන්න කියලා කිවුවහම ඒ ඉබ්බා කථා කළොත් කියාහිටින දේ ලිවුවේ ඉබ්බාට කතා කරන්න බැරි බව නොදැන නෙමෙයි. මේක නම් නොමේරූ බුද්ධියට හොඳ උදාහරණයක්. (නි)
ගුරුවරයෙක් ලෙස අදහස් දක්වමි. හදවත පරදා තර්කනය පෙරට ආ පසු තවදුරටත් මනුෂ්‍යයකු නැත. යන්ත්‍රයක් පමණි. මෙවන් දරු පරපුරක් බිහිවීමෙන් පෙනීයන්නේ පවතින අධ්‍යාපන පද්ධතියේ නිරුවතයි (නි)
බොලා හිතනවට වැඩිය මොලේ තියනවා බොලවූ ? (බ)
මේ ළමය හරිම පණ්ඩිතයෙක්. කිසිම නිර්මාණශීලි හැකියාවක් නැහැ. ඇත්තටම කලාව කියන්නේ මනඃකල්පිතයක්. ඇත්තටම වෙන දේවල් ලියන්න ගියොත් කලාවක් අද නැහැ.කලාව කියන්නේ තමන් මනසින් මවාගන්න දේවල් (නි)
මමත් නිකන් ඉන්න බැරි පණ්ඩිතකමට මේකට හොට දැම්මා. මමත් මේ ළමයාගේ නිර්මාණශීලිත්වයේ අඩුව ගැන කණගාටු වුණා. නමුත් ලියා ඇති පේළි වල නම් ව්‍යාකරණ දෝෂයක් නැහැ. (නි)
මෙතන අදහස් දාලා තියන සමහර අයගේ බුද්ධි මට්ටම හොඳට තේරෙනවා. මේ ප්‍රශ්නයේ අරමුණ ළමයාගේ නිර්මාණශීලිත්වය උරගා බැලීම මිසක් පොල්ගහ ඇත්තටම කතා කරනවද නැද්ද කියලා තීරණය කරන එක නොවේ. එහෙම බැලුවොත් ඔක්කොම සුරංගනා කතා, මහදැනමුත්තාගේ කතා ළමයින්ට තහනම් කරන්න ඕනෑ. මොකද ඔක්කොම බොරුනේ. (නි)
ලලීන්, ඔබ හරි. (නි)
ලියා තිබෙන වාක්‍යවල නිවැරදිබවක් තිබුණද ළමයාගේ නිර්මාණශීලිත්වය ගැන ගුරුවරයා මෙන්ම දෙමාපියන්ද සැළකිළිමත් වියයුතුයි.මන්ද මෙවැනි මාතෘකාවකින් බලන්නේ දරුවන්ගේ නිර්මාණශීලි හැකියාව මිසක් තර්කානුකූලව පොල් ගසට හෝ ගස්වලට කතා කරන්න පුළුවන්ද බැරිද යන්න නොවන බව අදහස් පළකර ඇති බොහෝදෙනා දැගත යුතුබව මගේ අදහසයි. (නි)
මට නම් හිතෙන්නේ මෙහි අදහස් දමා ඇති බොහෝ දෙනෙකුගේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැහැ කියලා (නි)
ළමයි අතර ඉන්න ගුරුවරු දැනගන්න ඕනෑ ළමයින්ගේ දැනුම් මට්ටම එකිනෙකට වෙනස් බව.මේ දරුවා හිතන්න ඇත්තේ ඇත්තටම ගස් කතා කරන්නේ නැහැ,ඇයි මම බොරු ලියන්නේ කියලා වෙන්නත් පුලුවන්. ඉතින් මේ ප්‍රශ්න පත්තරය හදපු ඇඳුරෝ දැනගන්න ඕනෑ හැම දරුවෙක්ටම නිර්මාණශීලි හැකියාවක් නොමැති නිසා "ඔබ පොල්ගසක් යැයී සිතා පොල් ගස කතා කරයි" කියන ආකාරයෙන් ප්‍රශ්නය නිවැරදිව ඉදිරිපත් කරන්න.මේ දරුවාගේ පණ්ඩිතකමක් නෙමෙයි.දරුවා බලලා තියෙන්නේ ඇත්ත කියන්නයි.හිතන්න මෙතන අදහස් ලියපු අයට කිව්වොත් නිසදැසක් ලියන්න කියලා කීදෙනෙක්ට ඒක කරගන්න බැරුව ඉවත් වෙයිද? ඇයි ඒ?අපි හැමොටම නිර්මාණශීලි හැකියාවන් එක ලෙස පිහිටන්නේ නැති නිසා. (නි)
ලලීන්, ඔබ හරි. (අ)
නෑ නියමයි (අ)
ප්‍රශ්න පත්තරය හදපු අයට වැඩිය මේ කුඩා දරුවට දැනුමක් තියෙනවා. (බ)
නියම උත්තරය! (නි)
නිර්මාණාත්මක් සිහින අනාගතය වේ (නි)
අසාමාන්‍ය ඉහළ බුද්ධි මට්ටමක් ඇති දරුවෙක්. යුරෝපයේ හරි ඇමෙරිකාවේ නම් දැනටමත් වෛද්‍ය පර්යේෂකයන්ගේ අවධානයට ලක්වෙලා. (බ)
පොල්ගස් කතාකරනවද දරැවන්ට පොඩිකාලෙ ඉඳලම බොරුකියන්නඋගන්වන ගුරුවරුනට දඬුවම් කළ යුතුය (බ)
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න කාලය හරි (ම)
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හරිම දුර්වලයි . එකට මම ඉන්න ඩුබායි, හරිම දියුණු ක්‍රමයක්. (ම)
නිර්මාණ ශීලිත්වයත්,කැටිව තර්කානුකුලව, ගස් ගල් සතා සීපාවා ඇතුළු පරිසරයට වෙන විනාශය පිලිබඳ සංවේදී මනසකින් යුතුව වැඩිහිටියන්ගේ දෙනෙත් විවර කරන්නට, පරිසරයට ආදරය කරවන්නට ...දෙනලද කදිම පණිවිඩයක් ගැබ්ව ඇති බව නොහැගේද ? (ම)
මෙම ගුරුතුමා අන්දුන් කුන්දුන් නොව ලැජ්ජා විය යුතු වන්නේ ළමයා දී ඇති පිලිතුරු තර්කානුකූල මෙන්ම උක්ත ආඛ්‍යාතය නිවැරදි වීම නිසාය. අගය කළයුතු ළමයෙකි. (අ)
ඉතාම බුද්ධිමත් තර්කානුකුල පිළිතුරක්නේ දරුවා දීල තියෙන්නේ. මේ බුද්ධිය මොට්ට කරන්න නරකයි. (ම)
මෙතන හැමෝම කියල තියෙන්නේ, ළමය හරි කියලනේ. නැහැ. වැරදි. මේ ළමයාගේ උත්තරේ හරියට දැන් කලේ තියෙන සිංදුවල පද රචනය වගේ. වන්ග්‍යය,.කියනේ දේ අහලවත් නැතිව ඇති. එක අතකින් මේවට ගුරුවරුත් වග කියන්න ඕනේ. (අ)
අද ළමයි හරි බුද්ධිමත්. මේ කාලේ ළමයි එක්ක තර්ක කරන්න බැහැ අපිට (නි)
මෙහෙමත් ළමයි (අ)
ඒ ළමයා කියන්නේ ඇත්ත (නි)
මම මෙම ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. ලංකාවේ පාසල් වල කුඩා කල සිටම මෙවැනි නිර්මාණාත්මක රචනා ලිවීමට හුරු කරනවා.මේ ගුරුතුමා එලෙස උගන්වා නැත්නම් පන්තියේ අනිත් ළමයිනුත් මෙවැනි උත්තර ලියා ඇති. (නි)
ළමයාගේ බුද්ධි මට්ටම නොවේ, ළමයා අවට ඉන්න අයගේ නූගත්කමයි මට නම් මේකෙන් පෙනෙන්නේ. පොල් ගස කතාකරයි කියන්නේ සිසුවා තමන් පොල් ගසක් ලෙස සිතා මෙම වැකි 4 ලිවිය යුතුයි (නි)
මට පෙනෙන විදියට මේ ළමයාට දැනුම අඩුකමක් තියනවා. (නි)
ෆර්සාන්, ඔබේ පිළිතුර ගැන මම සතුටුයි (නි)