නිවසේ අත්තිවාරමට පස් දැමීමට අවශ්‍ය වූ තරුණයෙක් තමා හඳුනන පස් කපන පුද්ගලයකු සොයා ඔහුගේ නිවෙසට ගියේය. නිවැසියන් පැවසුවේ ඔහු ගම්මැද්දට ගිය බවය. ඉදිරියට ගිය තරුණයාට, මිනිසුන් රාශියක් වටවී සිටින තැනක ඔහුද සිටිනු දැක ගත හැකි විය. තරුණයා දුටු පස් කපන්නා “පොඞ්ඩක් ඉන්නැයි” පැවසීය.
එතැන මුදල් ඔට්ටුවට කුකුළන් කොටවන ස්ථානයකි. පස් කපන්නා පැමිණෙන තුරු තරුණයා අයිනට වී බලා සිටියේය. එකනෙහිම තරුණයන් කිහිප දෙනකු යතුරපැදිවලින් පැමිණි අතර කුකුළන් කෙට වූ පිරිස හතර අතේ දුවන්නට වූහ. එතැන ඉතිරි වූයේ අප තරුණයාත් වයෝවෘද්ධ අයෙකුත් පමණි. පැමිණියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන්ය. තරුණයා තදින් අල්වාගත් අයකුගෙන් “ඔයාලා කවුදැයි” හෙතෙම විමසීය.
“අපි පොලිසියෙන්. කුකුළන් කොටවන්න තහනම් කියලා දන්නැද්ද? නිලධාරියා ප්‍රශ්න කළේය. “සර් මම පස් කපන මිනිහෙක් එක්කරගෙන යන්න ආවේ. බලද්දි එයා මෙතැන. මම එයා එනකන් හිටියා.” තරුණයාගේ පිළිතුර විය. එවිට පොලිස් නිලධාරිහූ, “කුකුළන් කෙටෙව්වත් වැරදියි. බලන් හිටියත් වැරදියි” පවසා පොලිසියට රැගෙන ගොස් ඔහු පොලිස් කූඩුවේ දැමූහ. නීතිමය කටයුතු සඳහා පසුදින ඉදිරිපත් කරන තුරු දෙදෙනාටම පොලිස් කූඩුවට වී නිදි මරමින් මදුරුවෝ තලමින් සිටීමට සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාචරයේ හැසිරැනත් වැරදියි, අනාචාරයේ යෙදීමට අවශ්‍ය භාණ්ඩ ලඟ තබාගත්තත් වැරදියි ඒක නිසා මෙි පොලිස්කාරයො ටිකත් කූඩුවට දාන්න ඕන (බ)
සිවිල් ජනතාවගේ සාමය ආරක්ෂා කිරීමට නම් මුළු මහත් පොලිසියම හිරේ දමා අලුතෙන් පොලිසියක් නිර්මාණය කළයුතු විය. (බ)
ඇයි මේ ලිපිය කියවන අය පොලිස් නිලධාරීන්ට දොස් කියන්නෙ. ඔය වගේ තැනක් වැටලුවහම එතන ඉදල අහුවෙන හැමෝවම පොලීසියට ගෙනියනව තමයි. මේ තරුනයාට සාමාන්‍ය දැනීම නැද්ද. එහෙම නැත්නම් රටේ ලෝකෙ වෙන දේවල් දන්නෙ නැද්ද. මේ ලිපිය කියවන අයත් ආදර්ශයට ගන්න බූරු පොලවල්, හොර අරක්කු පොලවල්, ගනිකා මඩම් වගේ තැන් වල නිකන් හිටියත් අමාරුවෙ වැටෙනවා. (බ)
නීතියේ එහෙම තිබුනත් බුද්ධිමත් නිලධාරියෙක් හිටියා නම් කතාව සහසුද්දෙන් දැනගෙන මේ අහිංසකයව ගෙදර යවන්න තිබුනා. (නි)
තරුණයාට තිබුනේ "එහෙනම් මම පස්සේ ඇවිත් හමුවෙන්නම් "කියලා ගෙදර යන්න. අනික ඔය මිනිසුන්ට අහිංසක සතුන් කොටවලා සල්ලි හොයනවට වැඩිය නරකද රැකියාවක් හොයාගෙන හම්බ කරලා ජීවත්වුණා නම් (නි)
ඒ තරුණයා නොදැනුවත් කමින් හෝ කර ඇත්තේ වරදක්. නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවේ.ඔහු එතන රැඳී සිටීම නොකළ යුතුව තිබුනා. (බ)
ඇත්තම කතාව නම් අපේ පොලිසිය මුලින්ම අල්ලගන්නේ අහිංසකයෝ. පස්සේ තමයි නියම හොරු අල්ලන්නේ (නි)
චතුරට, චන්ද්‍රිකාට, මෛත්‍රීට අර හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න අපේ රට අසමත් රටක් වෙලා. පොලීසියටත් වැඩක් තියෙන්න එපැයි. ඉතින් මොකද වෙන්නේ.පොලිසිය තියෙන්නේ අහිංසකයන්ව හිරේ දාන්න (බ).
පොලිසියට උවමනා නඩුවකට අවශ්‍ය චූදිතයින්වයි. වැරදි කරපු කට්ටිය පැනලා ගිය නිසා මේ දෙන්නා නඩුවට හොඳටම ඇති. මොනවද මේ කතා අපේ පොලිසියනේ? (නි)