IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


පුතා පියාට ගෙනා උපන් දින කෑම පාර්සලය රිළවු උදුරාගෙන

තම බිරියගේ උපන් දිනයට සකසන ලද  රසවත් කෑම වේල ආයතනයේ සේවය කරන සදාදර සැමියා ඇතුළු ආයතනයේ සේවක පිරිසකට නොදී රිළා රංචුවක් එය භුක්ති විඳීමේ සිද්ධියක් ඇතුගල්පුරයෙන් අසන්නට ලැබුණි.
මෙම පවුලේ සියලු දෙනාගේම උපන් දින සාද සෑම වසරකම ජයටම නිවසේ සිට  සමරන්නේය.
එහෙත් මෙවර තම බිරියගේ උපන් දිනය සැමරීමට  පවුලේ අය එක් වුවත් සැමියාට ඊට සහභාගිවීමට නොහැකි විය.
ඒ ඔහු වසර අවසානයේ සේවය කරන ආයතනයේ තිබෙන කාර්ය බහුලත්වය නිසාය. එයට ඔහු නොගියත් සැමියා තම  ආයතනයේ සේවකයන්ද සමගින් ස්මාර්ට් පෝනයේ  වීඩියෝ ඔස්සේ ඒ අවස්ථාවේ එය නරඹමින් ඇයට සුබ උපන් දිනයට සුබ පැතුවේය.


එලෙස උපන් දිනය සැමරීම නිමා වුවද ඒ වෙනුවෙන් සකසන ලද කේක් හා විශේෂිත කෑම වේලෙන් කොටසක් තම සැමියාටත්, එහි සේවය කරන සේවකයන්ටත් යැවීමට බිරිය අමත නොකළාය.
ඇය නිවසේ සිට ඊට අදාළ පාර්සලයක් ලහි ලහියේ සැකසුවාය. එය තම පුතු අතට දුන්නාය.
පුත්‍රයා යතුරුපැදිය පණ ගන්නාගන කිලෝ මීටර් පනහක පමණ දුර ගෙවා දඹුල්ල-කුරුණෑගල මාර්ගය  ඔස්සේ පියා වැඩ කරන ආයතනය පිහිටි ඇතුගල ඉසව්ව කරා පැමිණ ගේට්ටුව  අසල නතර කළේය.
ගේට්ටුව වසා ඇත. පෙනෙන්නට කිසිවකු නැත. ඒ නිසා යතුරු පැදිය එහි නවතා  පුතු ඇතුළට ගියේය.
පියා හමුවූ පුතු අම්මා සැකසූ උපන් දින කෑම  පාර්සලය ගෙනා බව පැවසීය. කාටත් හොරා එය එවූ පුවත අසා ආයතනයේ සේවකයෝද පුතු වටා රොක් වූහ.
‘‘පාර්සලය කොයි.  එය යතුරු පැදිය මත. ඒ නිසා එය ගැනීමට රස කර කර කෑමට සියල්ලෝ ගේට්ටුව අසල නවතා ඇති යතුරුපැදිය කරා ළඟා  වූහ.’’
යතුරුපැදිය ඇත. එහෙත් කෑම පාර්සලය එහි නැත. වට පිට බැලූ ඔවුනට දැක ගැනීමට  හැකිවුණේ  අවට ගැවසෙන රිළා රංචුවක් එය ඩැහැගෙන ගොස් ආයතනයේ වහලය මත තබාගෙන ඇයගේ උපන් දිනය ජයටම රිළවුන් සමරන අයුරුය. 

 

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

පුතා පියාට ගෙනා උපන් දින කෑම පාර්සලය රිළවු උදුරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

ජැන්ඩියට ඇදලා රන් ගේමක් දීලා
2025 ජනවාරි මස 24 720 1

රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


වැලි මාළු දෙන්න ගිහින් හොඳවයින් අහලා
2025 ජනවාරි මස 23 899 0

හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ


කාසි කැටය වාෂ්ප වෙලා
2025 ජනවාරි මස 22 686 0

කැටයකට සිල්ලර කාසි එකතුකළ පුද්ගලයකුගේ කාසි කැටය හදිසියේ හමාගිය සුළඟකට හසුවී ගසාගෙන ගිය අරුම පුදුම සිද්ධියක් ගැන දකුණු පළාතේ අග නගරයෙන් අසන්නට ලැබු


කණ්ණාඩි කුට්ටමට රෙදි ගලෝගෙන
2025 ජනවාරි මස 21 956 2

කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ල


වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා
2025 ජනවාරි මස 20 911 0

ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබ


මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි
2025 ජනවාරි මස 18 748 0

සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 25 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 562 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 656 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site