සන්නිවේදන ආයතනයකට සම්බන්ධ ප‍්‍රචාරක නිලධාරීන් පිරිසක් පසුගියදා අගනුවර ආසන්න උපනගරයක සමීක්ෂණයකට ගියේ අදාළ උපකරණ ද රැගෙනය.
ප‍්‍රබල ඇන්ටෙනා සහිත නිවසක් දුටු ඔවුහු එහි ගොස් විමසීම් කළත් නිවසේ කිසිවකු නැති බව පෙනුණි. එහෙත් මොහොතකින් ඉදිරිපස දොර විවෘතකොට මැදිවියේ වූ කාන්තාවක් එබී බැලූවාය.
‘‘සමාවෙන්න, මෙහේ ඉන්ටර්නෙට් පාවිච්චි කරනවාද?’’ ප‍්‍රචාරක නිලධාරියෙක් ඇයගෙන් විමසීමි.
‘‘ඉන්ටර් නෙට්! කියා එයම උච්චාරණය කළ ඇය මදක් සිතා ඔව් ඔව්’’ කීවාය.
හොඳයි බලමු කියා ඔවුන් ගෙට ඒමට තැන් කළත් කාන්තාව ඊට එකඟ නොවූවාය.
මහත්තය, නෝන දෙන්නම ගෙදර නෑ. දරුවොත් ඉස්කෝලෙ ගිහිං ’’ ඇය කීවාය.
කමක් නෑ ‘‘කියූ නිලධාරියා තම ආයතනය ගැන විස්තර කොට ‘‘ඉන්ටර් නෙට්’’ පාවිච්චි කරන්නේ කවුදැයි’’ විමසීය.
‘‘අපි ඔක්කොම, මටත් එකක් ළඟදි ගෙනත් දුන්නා. මෙහෙ නිදාගන්න බෑ. හරියට මදුරුවො. ඒකයි’’ ඇය කීමෙන් කරුණු තේරුම්ගත් නිලධාරීන්ට තරු පෙනුණලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලෝකේ දියුණුවන විදියට අපි හැමෝම ඒ ගැනු කෙනා වගේ (අ)
ඇති ඔයින් ගියා... (නි)
ඔව් ඔව් බෙන්තර මහේෂ්, ඔයා හරි. (නි)
"ඉන්ට, නෙට් එක දාන්න" (නි)
නියම කතාව.(හේ)
මෙතන චන්දිලා දෙතුන් දෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා,තමන්ගේ නමට ගමක හෝ රටක හෝ වෙන අකුරක් අමුනගෙන තමන්ගේ අදහස් දමන්න මෙතන කෝලම් මඩුවක් නොකර. (ස)
මැදපෙරදිග ඉන්න අයට නුවරඑළිය මතක් වෙන්න කිසිම වුවමනාවක් නැහැ මොකද.., දැන් මේ රටෙත් ඔන්න සිතල පටන් ගත්ත.(බ)
මැදපෙරදිග ඉන්න අපිට නුවරඑළිය ගැන කියනකොට ඇඟම කූල්වෙලා යනවා (නි)
සරත් ඔයාගේ කොමෙන්ට් එක නියමයි, නුවරඑලිය වගේ පැතිවල ගියාම ඉන්ට, කන්ට, බොන්ට, වගේ වචන තමයි ඇහෙන්නේ (රේ)
දැනට කාලයකට පෙර (1999 - 2000) මිනින්දෝරු මහත්වරු ටිකක් ගොස් තිබෙනවා පිටිසර ප්‍රදේශයක මැනුම් කටයුත්තක් සඳහා. දුරකථන සහ විදුලිය කොහොමත් නැති, ජල පහසුකම් අඩු ප්‍රදේශයක තමා මේගොල්ලෝ රෑට නවාතැන් අරගෙන තියෙන්නේ. මදුරුවොත් යහමින් ඉන්න නිසා කට්ටියම නින්දට යන්නේ ටිකක් ප්‍රමාද වෙලාලු. මෙහෙම ඉන්නකොට එක දවසක් අපේ යාලුවෙකුට ඇහෙනවලු ඈත ගෙදරකින් "ඉන්ටනෙට්එක දාන්න, ඉන්ටනෙට්එක දාන්න" කියලා තරුණ කාන්තාවකගේ කටහඩක්. මිනිහට හරි පුදුමලු විදුලිය නැති මෙහෙ මොන අන්තර්ජාලද කියලා. පස්සේ හෙමිහිට හොයලා බැලුවමලු තේරුනේ ඒ ගෙදර ඉඳලා තියෙන්නේ අලුත බැඳපු ජෝඩුවක්ලු. අර ඇහිලා තියෙන්නේ " ඉන්ට, නෙට් එක දාන්න" කියලලු. (නි)
සරත් මල්ලි කියන්නකෝ අනේ පරණ කතාව.., දෙයියෝ සාක්කි කියන්නේ සතුටු වෙන්න තීරුවක්නේ (රේ)
අන්තර් ජාලය කියලා සිංහල වචනයක් තියනවනේ. (ර)
සරත්, ලියන්නකෝ ඒ පරණ කතාව. අද රූපවතී නෝනා බයිට් වෙනවා වගේ, පොඩි ගතියකුත් තියෙන්න ඕනේ නේ. (ර)
අර කිව්වත් වගේ, බවලතියක් තනිපංගලමේ ගෙදරක ඉන්න වෙලාවේ ගෙවල් ඇතුලට බලන්න අහන එක හොදද? කොහොම උනත් රට තොටේ ගැන දැනුමක් තියෙන ගැහැණු කෙනෙක් නිසා හොදයි. (ර)
මටත් පරණ කතාවක් මතක්වුණා. පස්සේ ලියන්නම්. (නි)
කමක් නැහැ. ඉන්ටර්නෙට් කෙසේවෙතත් මදුරු දැල ගැන පමණක්වත් දැනුවත් වෙලා සිටියනේ ඒ කාන්තාව. අපි ඇයට අනුකම්පා කරමු ..! (නි)
නියම කතාවක්! (නි)
ගෙදරට ආවේ හොරු කට්ටියක් නම් නියමෙටම තියෙයි (නි)
ඒක නම් ඇත්ත නිමල්. රූපවතී හිතාගෙන ඉන්නේ එයා තමයි සියල්ලදත් කියලා (නි)
මට පේන හැටියට අනුකම්පා කරන්න ඕනේ රුපවතීටයි. ඇයි. ඉතින් රුපවතී කට ඇරියොත් දෝස් මුරයමනේ. (බ)
අනේ රුපවති නෝනේ, ඔයාගේ අනුකම්පාව ඒ අම්මට ඕනි නෑ. අනික බොරු සෝබනේට ජීවත් වෙන අයට වඩා අපේ ආච්චිලා සීයලා සමාජේ ගැන මොන තරම් දේවල් දන්නවද? ඒවාට අපහාස කරන්න එපා රුපවති නෝනේ. (ර)
කාරණේ මොක උනත් මෙහෙම ගෙවල් ඇතුලට යන්න හදන එක හරිද ? අද කාලේ සිද්ධ වෙන අභාග්‍යන් දිහා බලද්දී. (ර)
කොහොමත් ඉතින් රුපවති තමයි , සභාවේ සියල්ල දත් බවලති. ! අනෙක් උදවිය මෝඩ පහේ කියලා හිතා ගෙන ඉන්නවා ඇත්තේ. (ස)
පව් මේ කාන්තාවගේ කතා විලාසයෙන් පෙනී යන්නේ ගෙදර වැඩපළවලට උදව්වට ඉන්න කෙනෙක් වාගේ. තමන්ට තේරෙන නෙට් එක ගැන තමයි එම කාන්තාව කියලා තියෙන්නේ. ටෙනිසන්ටයි රුපවතීටයි මැජික් වුනාට. (බ)
රුපවති සියල්ල දත් එක්කෙනෙක් ! එයා ගේ අනුකම්පාවට මේ ලෝකේ ඔක්කොම පාත්‍ර වෙනවා. (ස)
එම කාන්තාව ඉන්ටර්නෙට් ගැන නොදන්නා එකමයි හොඳ. දැන ගත්තානම් එයාගේ කාලයත්, මුදලත් නැති වෙනවා. (ස)
නවීන තාක්ෂනය ගැන මේ කාන්තාවට දැනුමක් නොතිබුනත් දැන් කාලයේ වෙන දේවල් වල හැටියට නන්නාදුන අය ගෙට නොවද්ද ගත්ත එකෙන් මට නම් පෙනෙන්නේ කාන්තාවට යමක් කමක් තේරෙන බවක්. (ස)
මේක හරි කතාවක්නේ ලෝකෙ හැමෝම හැම දේම දැනගන්න ඕනෙමද? ඒ කාන්තාව ප්‍රායෝගික නුතන සමාජයේ සීමාවන් හඳුනාගෙන ජීවත් වෙන්න දන්නවා. (ස)
රූපවතී නගා සමඟ මාත් එකඟයි. මේ නවීන ලෝකයේ අප නොදත් දේ කොපමණද? (නි)