ඉංගිරියේ සිට පිටකොටුව බලා දිවෙන බස් රියකි. මගීන්ගෙන් පිරී ඉතිරී තිබූ එහි සිටගෙන සිටීමටද අසීරුය. වයස අවුරුදු 70ක් පමණ පෙනුමැති වයසක මවක් ඉතා අසීරුවෙන් ආසනයක් අල්ලාගෙන එහාට මෙහාට පැද්දෙමින් සිටියද ඇයට අසුනක් දීමට තරම් කාරුණික හදවතක් ඇත්තෙක් බසයේ නොවීය. පාසල් සිසුන් මෙන්ම තරුණ පිරිස් ද විශාල සංඛ්‍යාවක් බසයේ සිටගෙන සිටි අතර ‘‘මේ අම්මට කවුරුහරි සීට් එකක් දෙන්න’’ යැයි කීප විටක්ම පැවසූ කොන්දොස්තර තැනගේ හඬද වාඩිවී සිටි කිසිවකුට හෝ නොඇසුනා සේය. මේ අතරේ සිටගෙන සිටි එක් පාසල් සිසුවකුගේ නෙත ගැටුණේ පාර දෙපස පසුවන සෑම බෝ වෘක්ෂයක්, බුද්ධ ප‍්‍රථිමා හා පන්සලක් ගානේ නැගිටිමින් යළි වාඩිවන කාන්තාවකි. සිසුවාට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ දර්ශනය දුටු විටය. ‘‘අම්මේ අන්න අර සීට් එකේ ඉන්න කෙනා ඉස්සරහා බහිනවා. අම්ම එතෙන්ට යන්න. එයා නැගිට්ට ගමන්ම ටක් ගාලා වාඩිවෙන්න. නැත්තම් වෙන කවුරු හරි වාඩිවෙයි.’’ ඔහු වයස්ගත කාන්තාවට පැවසුවේය. සිටගෙන සිටීමෙන් දැඩි සේ හෙම්බත්ව සිටි මහලූ කාන්තාව ද සිසුවා කී පරිදි වහා එතැනට ගියාය. සිසුවා බලාපොරොත්තු වූ පරිද්දෙන්ම ඊළගට හමුවූ පන්සලක් පසුවෙද්දී පෙරකී මගී කාන්තාව සම්පූර්ණයෙන්ම අසුනින් නැගිට්ටේ එතැනට උපහාර දැක්වීමටය. ලද ඇසිල්ලෙන් ප‍්‍රයෝජන ගත් මහලූ කාන්තාව වහා අසුනින් වාඩි වූයේ සිසුවගේ උපදෙස් අකුරටම පිළිපදිමිනි. ‘‘මම බහින්නේ නෑ. තව දුර යනවා. මගේ සීට් එක මට දෙන්න’’ මගී කාන්තාව ඇයට පැවසුවාය. ‘‘පන්සල් බෝ ගස් ළඟ නැගිට නැගිට වාඩි වෙනවට වඩා පිනක් ඔය අම්මට සීට් එක දුන්න එකෙන් ලැබෙනවා’’ යැයි සිසුවාගේ යහළුවකු දුන් පිළිතුර හමුවේ එම තැනැත්තිය කරබාගෙන සිටගෙන සිටියේ බසයේ සිටගෙන සිටි සෙසු පිරිසගේ උපහාසාත්මක සිනා හඬ මධ්‍යයේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොදයි
මෙවන් පාසල් දරුවන් ගැන අහන්න ලැබීමත් සතුටක්.
ඉතාමත් හොදයි
අපේ රටට ආඩම්බරයක් සහ හොද ආදර්ශයක් වැඩිහිටියන්ට
නියම මල්ලී, මාලනී බුලත්සිංහල මහත්මිය ගයන, දකිනවිට පල්ලියක් පන්සලක්, මතක් වෙනවා.
ඔය බස් එකේ ගිය අන්ත පිරිමි ගෑනුන්ටත් අන්තයි. සමහරවිට ඔය පිරිමින්ට ගෙවල්වල අම්මල හෝ සහෝදරයන් නැතිව ඇති. ඔය පාසල් දරුවාගේ දෙමව්පියෝ ඔය වගේ හොඳ ගුණගරුක දේවල් කියන දීලා ඇති. දෙමව්පියන්ටත් සන්තෝෂ වෙන්න පුළුවන් මේ වාගේ පුත්තු එන්න එක.
මේ වගේ දරුවන් අගය කරන්න ඕනේ. එවිට තවත් දරුවෝ මේ වගේ වැඩ කරන්න පෙළඹෙනවා. මගේ රටේ අනාගතය ගැන හිතුවාම ගොඩක් සතුටුයි. තෙරුවන් සරණයි.
මේ වගේ දරුවන් බිහි කරපු අම්මටත් වාසනා වේවා.
මේ වගේ දරුවන් බිහි කරපු අම්මටත් වාසනා වේවා.
බඩදරු අම්ම කෙනෙක් බස් එකට නැග්ගොත් සීට් එකක් දෙන්න ගැණු අද ඉන්නවද? හැම වෙලාවෙම ආසනය දෙන්නෙ පිරිමියෙක්.
අනිත් අය උපහාසාත්මකව හිනා වුනාට එයාලත් අසුනක් දුන්නෙ නෑ නේද ?
ඇත්තටම මේ ළමයි රටට වටිනවා
මෙන්න දරුවො
අනිත් අය උපහාසාත්මකව හිනා වුණාට එයාලත් අසුනක් දුන්නෙ නෑ නේද ?
හොද පාඩමක්
බොරුවට මිනිස්සුන්ට පේන්න වදිනවාට මෙහෙම වෙලා මදි