වරෙන්තුකරුවකු වූ සිය සැමියා පොලිසියට හසු නොවී බේරා ගැනීමට ඇඳේ මෙට්ටය යට දිගාවී සිටින සැමියා පිටට නොපෙනෙනසේ ඔහුගේ ඇඟ උඩ නිදා සිටින භාර්යාවක පිළිබඳව පුවතක් කොස්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
කෙනෙකුට කැති පහර එල්ල කිරීම සහ නිවසක් පොඩි කිරීම සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි වරෙන්තු කරුවෙකි. ඔහු කාලයක් තිස්සේ සිටම පොලීසිය මගහරිමින් සිටියේය. ඔහු සිය නිවසේ ඇතැයි යන්න පිළිබඳව නිවැරදි තොරතුරු පොලිසියට ලැබුණත් ඔහු ලෙහෙසියෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. නිවසේ ඔහු සිටිනවා යයි කී සැණින් පොලිසිය ඔහුගේ ගේ වට කළත් ඔහු අල්ලා ගැනීමට බැරිවූ වාර බොහෝය.
එදා කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජිත් ජයන්ත මහතා ඔහුගේ නිවස වට කළේ ලැබුණු තොරතුරකට අනුවය. ඒ අනුව ඔහුත් සමඟ ගිය පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසේ සෑම තැනම සෙව්වත් ඔහු සිටින ඉසව්වක් හෝ ඒ සඳහා හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය. සැකකරුගේ භාර්යාව වෙනදාමෙන් එදාද අසනීපවී කාමරයක ඇඳේ සිටියේ කෙඳිරි ගාමිනි. ඒ කාමරයට ගිය පොලිස් නිලධාරීන් සැමියා ගැන ඇහුවත් ඇය කීවේ තම සැමියා කාලයකින් ගෙදර නොආ බවය.
උකුසු ඇස් ඇති පොලිස් පරීක්‍ෂක විජිත් ජයතිලක මහතා ඇඳේ නිදා සිටින කාන්තාව අස්වාභාවිකව ඉහළ පහළ යනසේ ගැස්සෙනු දුටුවේය. මේ ගැන ඇතිවූ සැකය මත අසනීපවී සිටිනවා යයි කී කාන්තාවට ඇඳෙන් නැගිටින ලෙස විජිත් මහතා ඇයට කීවත් ඇය කීවේ තමාට ඇඳෙන් නැගිටීමට තරම්වත් සනීප නැති බවය.
තමන් සමග ගිය පොලිස් කාන්තාවක් මාර්ගයෙන් ඇය ඇඳෙන් බැස්සවූ විට කාලයකින් ගෙදර නොආ වරෙන්තුකරුවකු වූ ඇයගේ සැමියා ඇඳේ මෙට්ටය යට සිටිනු පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකි වූයෙන් මෙතෙක් කලක් සැකකරු නිවසේ සිටින බවට තොරතුරු ලැබුණත් සැමියාගේත් භාර්යාවගේත් මේ උපක‍්‍රමය නිසා ඔහු අත්අඩංගවට ගැනීමට නොහැකි විය.
පොලීසිය ආ සෑම දිනකම සැකකරු ඇඳේ තිබූ ඝනකම මෙට්ටය හාරා ඒ තුළට යන අතර ඔහුගේ භාර්යාව ඔහුගේ ඇඟ උඩ නිදා සිටිනුයේ ඔහුව පිටට නොපෙනෙන පරිදිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙට්ටය අස්සේ සැමියා සොරකම් කරන හොර බඩු හංගන කාන්තාවනුත් ඉන්නවා. ඒ නිසා අනියම් අන්දමින් හෝ සැමියාට නීතිවිරෝධී හෝ සමාජවිරෝධි වැඩකට අනුබලදීම ගුණයහපත් භාර්යාවකගේ ලක්ෂණයක් නෙමෙයි. (නි)
ජයනාත්,චිත්‍රපටි වෙනයි, සැබෑ ජීවිතයේ සිදුවීම් වෙනයි. මෙතන ඕනෑම කතාවක ගැහැණුන්ගේ පැත්තම ගන්නේ නැතුව වැරැද්දට වැරදියි කියන්නත් හරිදේට හරියි කියන මිනිහා තමයි මට නියම පිරිමියෙක් වාගේ පෙනෙන්නේ. මෙහි එන කාන්තාව කී සැරයක් පොලිස් නිලධාරින් බොරුවෙන් රවටා ඇද්ද? (නි)
වරෙන්තුකාරයෙක්ව මෙට්ටය අස්සෙ තියාගෙන රකින්න බහැ කියලාවත් දන්නෙ නැති ස්ත්‍රියක්. දරුවො ඉන්නවා නම් ඒ දරුවන්ටත් වැරදි ආදර්ශයක්. නීතියට ගරුකරන්න ඉගෙනගන්න ඕනෑ ගැහැණු පිරිමි කවුරුත්. (නි)
පිටබැද්දර ජයාට හිතට අල්ලන්නේ කාන්තා පුවත්මනේ. (නි)
පොලිසියට බාර වෙලා සහනයක් ලබා ගත්තනම් මීට වඩා හොඳයිනේ ... හැමදාම හැංගෙන්න බැහැනේ ...(බ)
අනේ මෙහෙමත් මෝඩ ගැහැණු? (නි)
දැන් අපරාධ කරන්න අඹු සැමි ජෝඩු පිටින් එකතුවෙලා. ඒ නිසා සැමියාව පොලිසියෙන් බේරාගැනීම පති භක්තියේ ලක්ෂණයක් ලෙස හැඳින්වෙන්න මෙතන කරුණු කාරණා මදි. සැමියා හෙවත් හවුල් අපරාධකාරයා නැත්නම් තමන්ට කන්න බොන්න ක්‍රමයක් නැතිවෙන බව සමහර චෞර භාර්යාවන් දන්නවා. (නි)
වරෙන්තුකරුවෙකු ආරක්ෂා කිරීම වැනි නීතිමය වරදක් සමස්ත කාන්තා පරපුරට වැරදි ආදර්ශයක්. (නි)
පිටබැද්දර ජයා , ඔය කලින් පුවතේදී පාඨක කාන්තාවන් බහුතරයක් අමනාප වුණේ මට තේරෙන හැටියට පිරිමි පාඨකයන් දෙන්නෙක් කාන්තාවන්ගේ වයස ඉලක්ක කරගෙන පොදුවේ ඔවුන්ව ඇමතූ නොමනා ආකාරයයි. එහෙම නැතුව පුවතේ බිරිය සැමියාට සැළකූ වැරදි විදිය අනුමතකළේ නැහැ. (නි)
දැන් මේ පිටබැද්දර ජයාගේ බවලතුන් සමග පැටළෙන ලෙඩේ ඉස්සර තිබුනේ පිවිතුරු යහපාලට. අනේ මන්දා වයසේ වැරැද්දක්ද කියලා. (නි)
මේ වගේ හිරේ විලංගුවේ වැටෙන කපටි වැඩ මොන ආදර්ශයක්ද? මෙහෙම භයානක තත්වයකට වැටෙන්න යන සැමියාව එයින් යහමඟට ගැනීම තමයි ආදර්ශය. (නි)
හිමාෂී ,වරක් පිටබැද්දර ජයා මෙහි ලියා තිබුනා මතකයි,එයා බිරිඳට කිවුවාලු උපයන දෙයින් බාගයක් දෙන්නම්, කැමති නම් යන්න කියලා. ගියේ නැහැ කියලා නහයෙන් අඬ අඬ හිටියේ. ඒකෙ පළියට තමයි මෙහි හැමෝගෙම වැරදි හොය හොයා යන්නේ. හැබැයි දෙන්නෙක් විතරක් පතිනියන්. (නි)
පිරිමියෙකුව හංගන්න පුළුවන් මෙට්ටයක් කියන්නේ මේක නිකන් සුල්තාන් රජුගේ මෙට්ටය වගේ එකක් වෙන්න ඇති. (නි)
මෙහෙම කරලා දැන් අන්තිමට මොනවද ලැබුණේ? (නි)
දැන් ඉතින් මේ පුවතේ කාන්තාවට හෝයියා නොකියන සියලුම බවලතුන් ගුණමකු, පති භක්තියක් නැති බවලතුන්ගේ ඝනයට දමන්න සුදානම් උදවියත් ඇති. (නි)
සමහරු පතිභක්තියට අර්ථකථනය කරන්නේ සැරපරුෂ සැමියාට යටත්ව ඕනෑම ශාරීරික මානසික පීඩාවක් ඉවසා දරාගැනීමයි. පතිභක්තිය යනු සාපේක්ෂ දෙයකි.පිරිමියාගේ පිරිමිකමට බයේ දක්වන යටහත්පහත්කමේ පති භක්තියක් කොහෙන්ද? කොන්ද කෙළින් පිරිමියෙකු සේ බිරියව බලෙන් මෙල්ලකර ලැබෙන යටහත්පහත්කමේ සහ පිරිමියාගේ කාරුණික මානුෂිකකමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන අවංක පක්ෂපාතබවේ වෙනසක් ඇත. (නි)
ඇයි උදයානි, පිටබැද්දර ජයාගේ නොමසුරු ප්‍රශංසාව? ඒකම මදැයි මේ කාන්තාවට මේ අලකලංචි මැද්දේ! (නි)
අන්න බිරින්දෑවරු.(හේ)
වැරදි කරපු වරෙන්තු කරුවාටත් වඩා මෙතන මාව වැරදි කාරයෙක් කරලනේ , බවලත් උදවිය ඉතින් ඔහොමම තමයි මොනවා කරනද ? බලමු ඊළග නිව්ස් එක මොකක්ද කියලා. (ර)
ඒක බිරිඳගේ ස්වාමි භක්තිය තමයි (නි)
නිදා සිටින රජතුමා මැස්සන්ගෙන් බේරාගන්න කඩුවෙන් කොටපු වඳුරා වගේ දැන් වැරදී කීයක්ද? සැමියා ආරක්ෂා කරනවා කියන්නේ වැරදිවලට උඩගෙඩි දීම නොවේ අපාය සහායක බිරිදක් (බ)
කොයි බිරිඳද කැමතිවෙන්නේ ස්වාමි පුරුෂයා ආණ්ඩුවේ බෝඩිමේ උළු ගනන් කරන්න යවන්න. හැම බිරිඳක්ම වාගේ වැඩි කැමැත්තක් දක්වන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක සහයෝගයෙන් ගෙදර වහලේ උළු ගණන් කරන්නනේ. (ස)
මොනවා ලිව්වත් හරි හෝ වැරදි සමහර දෙනෙකුගේ නොමනා කතා අහගෙන තමයි නතර වෙන්නේ. දැන් සමහරු හොයනවාද දන්නේ නැහැ මේ බිරිඳට වයස කීයද කියලා . 45 ට අඩු නම් මේනෝනා හරි . වැඩි නම් අසවල් නම්බු නාමයත් එක්ක මේ කාන්තාව වැරදි! (ස)
ඔය අපරාධකාරයාව අල්ලන්න උකුසු ඇසක්වත්, පොලිස් කාන්තාවක්වත් ඕනෑ නැහැනේ. පොලිස් සුනඛයෙකුට වැඩේ බාරදුන්නා නම්, කලින්ම අල්ලගන්න තිබුනානේ. (නි)
අනේ අපිට ඒ වගේ නෝනලා නැහැනේ (නි)
පේනවා නේද ආදරේ තරම! රටේ නීතියට වරෙන්තුකාරයෙක් වුණත් "මේ ඉන්නේ මගේ සුවාමියා නේද, මට පුළුවන්තරම් කල් මම මොහුව පරෙස්සම් කරගන්නවා" කියලා හිතපු මේ බිරිඳ, ස්වාමියා බත්පත ඇල්ලුවායි කියා ස්වාමියාව ප්‍රතික්ෂේප කළ බිරිඳ සහ ඒ කළ නොමනා පිළිකුල් සහගත ක්‍රියාව අනුමත කරමින් අදහස් දැමු සියලුම කාන්තා පාර්ශවයට ආදර්ශයක්ම වේවා! දැන් ඉතින් කබලට අබ දැම්ම ගානට පුපුරයි කට්ටියම (නි)
මේ වගේ මෝඩ ස්ත්‍රී රත්න නිසා තමයි පවුල් පිටින් විනාශ වෙන්නේ. සැමියා වරදක් කර පොලිසියෙන් වරෙන්තු කර ඇත්නම් නීත්‍යානුකූල විදියට පොලිසියට බාරවෙලා බේරෙන්න සැමියට කියන්නේ නැතුව දාගන්නවා මෙට්ටෙ යට. දැන් වරදවල් 2-3 වුණා. ප්‍රශ්නය දෙගුණ වුණා. (නි)
ස්වාමි පුරුෂයා කළ වැඩ වලට දඬුවම් ලැබෙන්න ඕනෑ. එහෙත් මේ බිරිඳ ස්වාමියා බේරගන්න කළ දෙය නම් නපුරු නරක ගැහැණුන්ට ආදර්ශයක්. ඒවගේම පිරිමිත් තේරුම් ගන්න තමන්ට ලැදි භාර්යාවන්ට ඉතා හොඳින් සළකන්න. අපිට හොඳ ගැහැනුන් ලැබීමට අපිත් පිරිමින් වශයෙන් පින්කරලා තියෙන්න ඕනෑ. භාර්යාවන්ට නරකට සළකන්න එපා. (නි)
පිටබැද්දර ජයා ස්ත්‍රි පාර්ශවයේ අයගේ වැරදි අඩුපාඩු හොයනවනෙ හරියට. (ස)
සැමියා බිරිඳගේ දෙවියාය. ඔහු වරදක් කලත් ඇය ඔහුව රකින්න ඇත්තේ ඒ නිසයි. (ස)
ජයා හිතන්නේ, බිරින්දෑවරු ස්වාමියාට වැඳගෙන මොන වැරදි තිබ්බත් එවා වහගෙන ඉන්න ඕන කියලා. (ර)
වැරදි කරුවන්ට උදව් කිරීමත් වරදක්. (ර)
මිනිසුන් කටුයුතු කරන්නේ තමන්ගේ නුවන හා අවස්ථාවේ ඇතිවන තත්වය අනුව. මේ බිරිද ඉතා හොද කාන්තාවක්. (ර)
හොරෙක් උඩ හෙරක්....! (නි)
ආදරණීය බිරිඳක් නම් කලයුතු වන්නේ මෙට්ටය යට සැඟවී සිටින පුරුෂයාව හංගාගෙන ආරක්ෂා කිරීම නොවෙයි. නොමඟ යනවිටම කරුණු පැහැදිලි කරදී අපරාද කාරයෙක් වීමට ඉඩ නොදී සමාජයට හිරිහැරයක් නොවන යහපත් පුරවැසියෙක් කරන එකයි. මේ කාන්තාව කර ඇත්තේ අපරාදයට උඩ ගෙඩි දීමකි. (ර)
පිටබැද්දර ජයා දකින්නෙම වැරදිම තමා. (ර)
දිනේෂ් කියන විදිහට බිරිඳ තමන්ට ලැදිනම් හොරකම් කරලා හරි භාර්යාවන්ට සලකන්න ඕනේ කියාද?? ඉනෝකා මහත්මියගේ අදහස අගය කරමි. (ර)
මඩොල් දුවේ, අපරාධකරුගේ බිරිද සැමියා ආරක්ශා කරගන්න කොපමන දේ කරනවාද? දූවේ හැන්ගිලා ඉන්නයි,අමාවක දවස් වල රෑට අවශ්‍ය කෑම බීම ඔරුවෙන් ගෙනත් දෙන්නෙයි, උපදෙස් දෙන්නෙයි ඇයම තමයි. (ර)
පිටබද්ද්දර ජයාගේ තියරියේ හැටියට අපරාධ වලට උල් පන්දම් දීමත් යහපත් භාර්යා ලක්ෂණයක්. (ස)
ඇතැම් විට සැමියාගේ හදිසි ආවේග වලට හේතුවත් බිරිය විසින් ඔහුව පිට උදවිය සමග කෝලාහල වලට යාමට පෙළඹ වීම විය හැක. මෙට්ටය අස්සේ තියා රැක ගත් පමණින් ඇගේ යහපත් කම තීරණය කල නොහැකියි. (හේ)
වරදට දඬුවම් කිරීම නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවයේ වගකීමක්. අද කාලේ වෙන දේවල් වල හැටියට වැරදිකාරයෝ නිදහස්වෙලා නිවැරදිකාරයෝ මිල මුදල් නැති නිසා සිරගෙවල් වල දුක් විඳිනවා. කවුරු කළත් වරද වරදමයි. දයාබර බිරිඳක් ,සෙනෙහෙබර මවක් කවදාවත් හිතන්නේ නැහැ තම පුරුෂයා, තම දරුවා වරදක් කළා කියලා. (නි)
ඒක එම ගැහැණියගේ ස්වාමි භක්තිය (නි)
ඉනෝකා, හරි ආදරණිය බිරියක් නම් කරුණු වටහා දී පොලිසියට බොරු නොකර උන්නා නම් සමහරවිට මේ ස්වාමියාට සමාවක් ලැබෙන්නත් තිබුනා. දැන් දඬුවම් දෙකක්නේ (නි)
පුපුරනවා, පුපුරනවා අබ ජයට පිටබැද්දරට. නමුත් එයා කියන කතාවේ සම්පුර්ණ ඇත්තක් තිබෙනවා. මේ වගේ දේවල් කරන අය කොච්චර ඉන්නවද? (නි)