කොළඹ නගරයට ආසන්නයේ පිහිටි ආපනශාලාවක සේවය කරන ගම්බද තරුණයෙකි. මෙහි රාත‍්‍රියට ඉතිරිවන රොල්ස්, පැටිස්, කට්ලට්ස් වැනි කෙටි ආහාර පාර අයිනේ තිබූ කසළ බඳුනට දැමිය යුතු බව ආපනශාලාවේ හිමිකාරිය පවසා තිබිණි. මෙසේ ඉතිරිවන ආහාර කුණු බඳුනට දැමීම තරුණයාගේ සිරිත විය.
දිනක් ඔහු ඉතුරුවූ ආහාර බෑගයකට දමා විසි කිරීමට යෑමේදී අවට ආයතනවල සේවකයෝ දෙදෙනෙක් ඔහු අමතා ”මල්ලි ඕවා ඩස්ට්බින් එකට දාන්න එපා. ඒක අපරාදෙනේ. අපිට කන්න දෙන්න. අපේ බඩත් පිරෙනවා. ඔයාට පිනුත් ලැබෙනවා.” යැයි කීහ.
ඒ අනුව දිනපතාම තරුණයාගේ කාරුණික අනුග‍්‍රහයෙන් ඉතිරිවන ආහාර කුණු බඳුනට යනු වෙනුවට අහළ පහළ සේවකයන්ගේ කුස තුළට යැවිනි. දිනක් පැටිස් දහයක් රොල්ස් පහළොවක් අඩංගු පාර්සලය කුණු බඳුනට නොදා අවට සේවකයින්ට දෙනවිට ආපනශාලාවේ හිමිකාරියට හසුවිය.
”මම තමුසෙට කියලා තියෙනවා නේද ඉතිරිවන කෑම කාටවත් දෙන්න එපා ඩස්ට්බින් එකට දාන්න කියලා. අහුවුණොත් එදා දවසේ පඩිය කපනවා.” ඇය කේන්තියෙන් පැවසුවාය. ”අනෙක ඔහොම කෑම නිකන් හම්බුවෙනකොට ඔය මිනිස්සු හැමදාම කෑම ලැබෙන්න ඕනෙ කියලා ප‍්‍රාර්ථනා කරනවා. එතකොට අපේ කෑම හැමදාම ඉතිරි වෙනවා” ඇය ගෝරනාඩු කළාය. තරුණ සේවකයාට දුක හිතිණි. පසුදින සිට ඔහු රැුකියාවට පැමිණියේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ හෝටල්වල මේසයේ ඉතුරුවන ආහාර ආපසු බෙදු භාජනවලටම දානවා ඒවා නැවත විකුනනවා . එක වැරද්දක් බව දන දැනත් ලාබය පිණිස එය කරනවා. නුගේගොඩ හෝටලයක මේසයට තබන කෑම, ඉතුරු වුනොත් කෑම කාපු අයටම ගෙනියන්න පාර්සල් කර දෙනවා. නැත්නම් විසිකරනවා .එ්ක හොඳ වැඩක්. මාළු හොද්දේ මාළු ඉතුරුකර හොදි ගත්තත් බිලට දමා මාළු කැල්ල විසිකරනවා ඒක හොඳ වැඩක්. අවැසි දේ පමණයි ඉල්ලිය යුත්තේ (බ)
නන්දලාල්,ඔබතුමා විතරයි විෂය මුලික කරුණ තේරුම්ගෙන කතාකරලා තියෙන්නේ. (නි)
කෑම විෂ වුණොත් කවුද වගකියන්නේ? (නි)
හිතක් පපුවක් නැති, අසරණයාගේ බඩගින්න නොදන්නා කුහක ගැනියෙක්. මේ අවන්හලේ නම දැම්මා නම් එම ආයතනය වර්ජනය කිරීම ඉතාම සුදුසු කාර්යයක් නේද ? (අ)
රෑ වෙනකම් ඉඳල ඉතුරු කෑම කන්නේ දුප්පතෙක්. සල්ලි තියෙන අය තමන්ට ඕන වෙලාවට ඇවිත් සල්ලි ගෙවල කනවනේ. ඒ අය රෑ වෙනකම් ඉන්නේ නැනේ. ඉතින් හෝටල් අයිතිකාරියගේ තර්කෙ වැරදියි. රෑ වෙලා හරි කන්න බලාගෙන ඉන්නේ ඒවා කන්න පුළුවන් නිසානේ. ඒ නිසා මේ තරුණයා කලදේ හරි. ඔහු කාරුණික හදවතක් තියෙන කෙනෙක්. මේ නිසා බිස්නස් අඩුවෙනවා කියන්නේ පුහු තර්කයක්. (නදී)
බස් හා දුම්රියවල විකුණන ආහාර හා බීමවල කල් ඉකුත්වන දිනය බලලම ගන්න විශේෂයෙන් හවස්වරුවේ හා රාත්‍රියේ කල්පැනපුවා දීලා ඉක්මනට මාරුවෙනවා දරුවන්ට අරන් දෙන්න එපා .ලේබල් නැති ආහාර පාන මිලදී ගන්න එපා ගමනක් යන විට මිල දී ගන්න ආහාරවලින් කෑම විස වුනොත් ලොකු ආමරුවක (බ)
විකිණෙන ගාන බලලා කෑම හදන්න හෝටල් වලට බැහැනේ. මේ නිසා කෑම ටිකක් ඉතුරු වෙනවාවමයි. නමුත් නිකන් දෙන්න ගියාම ඇත්තටම අපි වුණත් දන්නවා නම් රෑ 10 ට නිකන් ලැබෙනවා කියලා ඒකම කන්න බලා ඉන්නවනේ. ඒ නිසා කඩහිමිකාරිය කියූ කතාවත් ඇත්ත. නමුත් කළයුත්තේ කෑම කල් පැන්නා නම් විනාශ කරන එක සහ හොඳ කෑම නම් නරක්වීමට පැය කිහිපයකට පෙර සිට ඉතා අඩු මිලකට ලබාදීමයි. (නි)
සල්ලි ඔබේය නමුත් සම්පත් සමාජයේය (බ)
නිකන් දුන්නම පිං සිද්ධ වෙන්නේ තමන්ගේ දෙයක් පිනට නිකන් දුන්නම. අනුන්ගේ දේවල් පිනට දුන්න කියලා පිං සිද්ධ වෙන්නේ නැහැ. (ර)
හොඩක් හොටෙල් වල ඕක තම වෙන්නේ .. ඇමෙරිකාවේ වාර්ෂික තිරිඟු අතිරික්තය මුහුදට දාන්නෙත් එකයි (ම)
ඔය පොඩි වෑන් වල විකුණන හුඟක් කෑම පරණ ඒවා. හුඟක් කළුවෙලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න. (නි)
සමහර රටවල හවසට ආපන ශාලා, හෝටල් , රෙස්ටුරන්ට් වලින් ඉතුරුවෙන කෑම බීම එකතු කරගෙන ගිහින් කැමති කෙනෙකුට කන්න කියලා නගරේ මේස පුටු දාලා තේ එහෙම හදලා දෙනවා ස්වෙච්ඡා සේවයක් හැටියට. කෑම බීම විසිකරනවට වැඩිය නරකද කාගේහරි කුසගිනි නිවන එක? මෝඩ මිනිස්සු එලොව මෙලොව දෙකටම කරගන්නේ අවැඩක්මයි! (නි)
බඩගින්න දරාගන්න අමාරු කරුණක්, එ්ත් අහකදාන්නේ නරක් වුන කැමනම් විසිකරන එක හොදයි. එ්ත් බඩගින්නේ ඉන්න කෙනෙකුට ආහාරයක් දෙන්න තියනවනම් ගොඩක් ලොකු පිනක්.බඩගින්නේ ඉන්න කෙනෙකුට කුස පිරෙන්න ආහාරයක් ලැබුනොත් දැනෙන සතුට බලන්න බඩගින්නේ ඉදලම බලන්න ඕන. (බ)
ගම වල ගොඩක් මිනිසුන් බඩට නොකා අනෙකාගේ බද ගැන හිතනවා. නුභේ මිනිසත්කම හේතුවෙන් ජයම වේවා කියා මා පතනවා! (ම)
ලෝක අහාර සමුළුවක ඇතිවුන දෙබස් කීපයක් අන්තර්ජාලයේ තිබුන .සමුළුව මෙහෙයවන ලොක්ක අහනවා ලෝකයේ අනෙකුත් රවවල් වල ඇති අහාර අහේනිය පිලිබදව ඔබගේ අදහස් මොනවද කියල. ඉතියෝපියානු ජාතිකයා අහනවා අාහාර කියන්නේ මොනවද කියල ?යුරෝපිය නියෝජිතයා අහනවා (මිනිහ හරිම පෘෂ්ටිමත් )අහාර අහේනිය කියන්නේ මොකද්ද කියල ?ඇමරිකානුව අහනවා අනෙකුත් රටාවක් කියන්නේ මොනවද කියල ?අරාබි ජාතිකයා අහනවා අදහස් කියන්නේ මොනවද කියල ? (ස)
ලෝකයේ සමහර බුෆේ එ්කෙන් කෑම අරන් කාලා ඉවරකළේ නැත්නම් දඩ ගහනවා .සිංගපුරුවේ මා වැඩ කළ හෝටලයේ එග්සෙගටිව් චෙෆ් මරුමුසෙක් ඉතිරිවෙන කෑම සේවකයෝ කනවටවත් කැමති නැහැ .ව්‍යාපාරික පැත්තෙන් නම් එහෙම හිතන එක සාධාරණ වෙන්න ඇති .එ්ත් ලෝකේ කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද ? (බ)
කතාව සම්පුර්ණ ඇත්ත.අපේ අය නිකන් දෙනවා නම් කන්න රුසියෝනේ (නි)
කොච්චර හොද හෝටලයක්ද? පරණ ඒවා රත්කරලා විකුණන්නේ නැතුව විසිකරනවා. (නි)