වියළි කලාපයට අයත් ග‍්‍රාමීය නගරයක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකි. එහි සේවිකාවක් උදෑසනම වැසිකිළියටගොස් වහාම ආපසු ආවේ එහි කැමරාවක් වැනි යමක් සවිකොට ඇති බව පවසමිනි.
මේ කතාව ඇසූ සේවක සේවිකාවෝ මහත් කුතුහලයට පත්ව කළ කතාබහ ආයතනය භාර වෛද්‍ය නිලධාරියාගේ කනට ද ගියේය. ඔහුට තරු පෙනුණේ මෙවන් සිදුවීමක් නිසා වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් වූ බව මෙනෙහිවීම නිසාය.
කීප දෙනෙකු සමඟ කඩිනමින් එම ස්ථානයට ගිය වෛද්‍ය නිලධාරියාට මෙහි කිසියම් සත්‍යතාවක් පෙනුණි. වැසිකිළියේ කවුළුවක වූ මේ ”කැමරාවට” කොහු මිටකින් තට්ටු කළ සේවකයකු එය පසෙකට දැමූ පසු අවබෝධ වූයේ පෙරදින කාර්යාලයේ සිදුකළ ඩෙංගු මර්දන ශ‍්‍රමදානයේදී කසළ ගොඩක තිබූ අබලන් ”පෑන් විදුලි පන්දමක්” සහ පොකට් රේඩියෝවක කොටස් කිහිපයක් සේවකයකු මේ වැසිකිළි කවුළුවේ තබා ඇති බවක්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගේ හැසිරීම සාධාරණයි (දී)
මිනිස්සු සැකෙන් තමයි ලෝකේ දිහා බලන්නේ මේ වෙන වැඩත් එක්ක (දී)
තුන් බියට අමතරව අලුතින්ම එකතුවූ 'කැමරා බිය'. (දී)
තාක්ෂණයෙන් එන ප්‍රශ්ණ විසදීමට අපට හැකි විය යුතුයි.(නදී)
ලංකාවේ අය බියක් නැතිව ගියේ වැසිකිලියට විතරයි. ඒකත් නැති උනා.(නදී)
ඔය කැමරා මානසිකත්වය මානසික ව්‍යාකුල තාවයක් (දී)
අපේ ඔෆිස් එකේ අය දැන් වැසිකිලි යන්නේ නැහැ කැමරා වලට බයේ (දී)
එක කාලෙකදී බෝම්බ බිය දැන් වැසිකිලි කැමරා බිය.(දිල්)
දැන් අලුත් ප්‍රවන තවක් තියෙනවා මේ නොහදිච්ච වැඩේට (දී)
දැන් හැම තැනකම ඔය කැමරා බිය තියෙනවා , ඇදුමක් ගන්න සාප්පුවකට ගියත් ඔය විදිහමයි(දිල්)
ඇත්තටම බය හිතෙන්න ඇති ඒ ළමයාට (දී)
ඔය තරම ලොකු කැමරා හයි කරනවාද පිස්සු නැතිනම් (දී)
මා ගාව කැමරා ඩිටෙක්ටර් තියෙනවා අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නදී)
ඔව්වගෙ මොනවා බලන්නද්?(නදී)
කොහොම උනත් හැමෝම පරිස්සමින්, හැම තැනම කැමරා තියෙන්න පුළුවන්. නැත්තන් දන්නෙම නැතුව කොහේ හරි වෙබ් සයිට් එකක ඉන්න පුළුවන්.(නදී)
ඒකටවත් දැන් නිදහසක් නැද්ද ? (නදී)