සිසුන්ට අත්බනන හෙවත් ජංගම දුරකථන මුළුමනින්ම තහනම් කළ විද්‍යාලයකි.
විදුහල්පතිවරියගේ උපදෙස් මත විද්‍යාලයේ සාරධර්ම සහ විනය භාර ඇදුරු මඬුල්ල එය තදින්ම ක‍්‍රියාවට නැංවූයේ විද්‍යාලයේ ගුණධර්ම සංවර්ධනයට විදුහල්පතිවරියට උපරිම සහය ලබා දෙමිනි.
එදින පටන් පොත් බෑග් පරීක්‍ෂා කිරීමට අමතරව සිසුන්ගේ සහ සිසුවියන්ගේ සාක්කු පරීක්ෂාව ද අදාළ අංශ භාර ගුරු මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබීය.
ඉන් සතියක් ගත විය.
විද්‍යාලයේ සිසු සිසුවියන්ට මුළුමණින්ම තහනම් වූ ඇතැම් සිසුන් ළඟ රහසේ ජංගම දුරකථන තබාගෙන ඇති බවත් ඔවුනොවුන් බ්ලූටූත් තාක්ෂණය මගින් බොහෝ දෑ හුවමාරු කරගන්නා බවත් විදුහල්පතිනියට දැන ගැනීමට ලැබිණි.
ඇය මේ පිළිබඳ අනෙක් අංශයන්ටද නොදන්වාම රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළාය.
මොහොතකින් විද්‍යාලයේ සෑම පන්තිකාමරයකටම ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව සහ ශිෂ්‍යනායකයා පන්තියක් ගානේ ගොස් යම් පරීක්‍ෂාවක නිරත විය. ඊටත් මොහොතකින් පසුව ඇය ඒ සෑම පන්තියකට ගොස් සිසු-සිසුවියන් කිහිප දෙනෙකුගේ නම් වශයෙන් කියා ඔවුන් ගේ ළඟ ඇති ජංගම දුරකථන ඉල්ලා සිටියේය.
එයින් පුදුමයට පත්වූ සිසුන් මොහොතකින් තමා සඟවාගෙන සිටි සියලූ දුරකථන විදුහල්පතිනියට ලබා දුන්නේය.
‘‘කොහොමද මැඩම් හරියටම ඔය ළමයි ෆෝන් ගේනවා කියලා දැන ගත්තේ’’
සාරධර්ම හා විනය භාර මඩුල්ලේ එක් ගුරු මහත්මයෙක් විදුහල්පතිනියගේ කි‍්‍රයාව ගැන මහත් විමතියෙන් ඇසුවේය.
”ඇයි අනේ ඔයාලට තේරෙන්නේ නැද්ද ඔය ෆෝන් වල බ්ලූටුත් වලින් ගනුදෙනු කරන කොට අහල පහළ තියෙන අනෙක් ෆෝන්වලත් ඒ නම් සටහන් වෙනවා මම ශිෂ්‍යනායකයින් දෙන්නෙක් යවලා මගේ ෆෝන් එක දීලා ඒවා හොයා ගත්තා.
ඒ අනුව ලබා ගත්ත නම් තියෙන අයගේ දුරකථන තමයි මම අර ගත්තේ..... විෂ නසන්න විෂ පාවිච්චි කරන්න ඕන කියලා අහලා තියෙනවානේ.....”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුලුවන්නම් වැලිකන්න විදුහලේ විදුහල්පතිනියට කියල දෙන්න.(නදී)
දැන් ඔය දුරකතන ටිකට මොකද කළේ? (නි)
ලෝකය සමග ඉදිරියට යන්න. ලෝකයේ දියුණු රටවල ළමයි ඉන්ටර්නෙට් ෆෝන් පන්තියේ පාවිච්චි කරනවා (නි)
ඇත්ත. ඒක ඇත්ත.ලෝකයේ සමහර රටවල පරිඝණක තාක්ෂණයෙන් තමයි පාසලේ ඉගෙන ගන්නෙත්. (නි)
සම්පත් නියම කතාව. ඕක තමයි ඇත්ත කතාව. (නි)
පැතුම්, අගය කරන්න නම් අගය කරන්න තරම් වටිනා වැඩක් කරන්න එපැයි (නි)
වැඩේ නම් හොඳයි. ඒ වුණත් අනේ මන්දා.හොඳට හිටිය මැඩමුත් නරක්වෙයි ඔය බ්ලූ බලන්න ගිහින්. (නි)
ලන්කාවේ එන්න එන්න හින්සනය,ලමා අපචාර,කුඩා දරුවන් පවා,අපචාර, වලට යොමුවන,කාලයක,ඔවුන් ඒවායින් මුදවන්න, එම විදුහල්පතිනිය ගත් උත්සාහය අගය නොකර ඈයව, අවමානයට,ලක් කරමින්,අනෙක් රටවල,තාක්ෂනය, සමග සසදමින්,මෙම ක්‍රියාව, අඩු තක්සේරු කිරීමට් ඈතමුන් පලකල විවෙච්න,ඉතාම කනගාටුදායකයි......අද ජාතින් ආගම් අතර, බේද ඈති කරන ඇත්තෙන්ම ක්‍රියාකලයුත්තෙ,අප, සිංහල බෞදයන්ගේ, සීග්‍රයෙන්,පිරිහෙන, ගුණධර්ම නැවත යතා තත්වයට ඈති කර යහපත් සමාජයක් ඈති කිරිමයි(නු)
විදුහල්පතිනිය මෙසේ කලාට නවීන තාක්ෂනය පාසල තුලට ගලා ඒම නවතාලිය නොහැකිය . විදුහල්පතිනියගේ ක්‍රියාව වෙනත් දියුණු රටවල් නොකෙරෙන්නකි. (ස)
හුඟාක් අය කියල තියෙන්නේ පිටරටවල නම් අරහෙමයි මෙහෙමයි කියලා ලමයින්ව පාසල් යවන්නේ පාඩම් කටයුතුවලටයි. පාරේදී අපි දකිනවා අද සෙල් පෝන් එකක් අතේ නැත්තන් කරන්න කිසි දෙයක් මතකෙට එන්නේ නැති 'ජීවීන්' කොටසක්. ඒ නිසා භාවිතාව නොදන්නා ලමයින්ට, පාසල් කාලය තුල ජංගම දුර කථනයක කරන්න තියෙන්නේ මොනවද? අද අපේ රටට වෙලා තියෙන විනාශය තමයි. රට ගිහින් එන අය! එයාලා හිතන් ඉන්නේ පාරවල් නැති උණත් උමංදුම්රිය (මෙට්‍රො) තියෙන්න ඕන කියලා! වගේ මන්ද මානසිකත්වය!(නු)
අයිත් ලේසි නෑ. (ස)
එයත් ලේසි නැහැ...(නු)
ගුරුතුමිය තාක්ෂණය තැනට සුදුසු ලෙස පාවිච්චි කරන්න දන්නවා අපේ අනිත් අය වගේ නෙමෙයි තාක්ෂණයත් තියෙනවා මොලයත් තියෙනවා හැබැයි ඒ දෙක පාවිච්චි කරන්න දන්නේ නැති අයනෙ ගොඩක් ඉන්නේ.(නු)
ඉතාම නුවණක්කාර ක්‍රියාවක් ඇත්තෙන්ම අගය කළ යුතුයි..!(නු)
තාක්ෂණයෙන් ප්‍ර යෝජන ගන්න ඕන ඒක ඇත්ත.. හැබැයි ඒකටත් ණුවන තියෙන්න ඕන..!(නු)
ඇමරිකාවේ හරි ඕස්ට්‍රේලියාවේ හරි කරන දේවල් හරිම දේවල්ද? අපි කරන්න ඕනේ ඒ අය කරන ඒවාමද? (නදී)
සම්පත් ඔයා දන්නවද දරුවෝ ඕවා ළඟ තියාගෙන මොනවද කරන්නේ කියලා (නි)
තාක්ෂණය දියුණු රටවල ඕවා අල්ලන්න ස්කෑනර් තියෙනවා (නි)
මේක ලංකාව මිසක් ඕස්ට්‍රේලියාව නෙමෙයි. පිටරට වලට ගියහම අපේ අය ගොඩ සුද්දෝ වෙනවා. (නි)
අගය කළයුතු දේ අගය කරන්න බැරි කුහක මිනිසුන්... (නි)
ලෝකයේ මෙච්චර මෝඩයෝ තොගයක් ඉන්න බව දන්නේ අද.(නදී)
බොහොමයක් සංවර්දිත රටවල දරුවෝ බෙල්ල කපා ගන්නේ නැතිව තාක්ෂනය භාවිතා කරනවා. වයස 18 අඩු ලමියි බාවිතා කරන උපකරණ අනවශ්‍ය විදියට බාවිතා කිරීමෙන් වැළකෙන විදියට සකස් කරලා තමා ආයතන විකුනන්නේ. අපේ රටවල වැඩ චාරයක් නැහැ. ෆොනේ එකක් ගත්තත් තිත්ත කුණුහරුප බලන්නේ පුළුවන්. ලෝකය තාක්ෂනය අතින් ඉදිරියට යනවා. අපේ දරුවෝ ලින් ගෙම්බෝ වෙනවා.(නදී)
අනේ මන්දා වැඩේ හොදයි. ඒ උනාට ළමයින්ගේ මානසිකත්වය ගැනත් හිතලා වැඩ කරන්න.(නදී)
ගුරුතුමී හොදයි.(නදී)
සමන් හරි. මෙරටේ මිනිසුන්ගේ කුහකකම කොපමණද කියනවා නම් තමන්ගේම ළමයින්ටවත් ඉදිරියට එන්න දෙන්නේ නැහැ. (නි)
ජංගම දුරකථන පාසලට ගෙනගියාට වරදක් නැහැ කියලා අදහස් දැක් වූ අයට මම දෙන පණිවිඩේ තමයි. මම උගන්වන විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ළමයෙක් ළඟ ජංගම දුරකථනයක් අහුඋණා. ඒ කේ තිබුණේ නිල් චිත්‍රපට කිහිපයක්. මෙවැනි ළමයින් ට, සමාජයට හානියක් වෙන්නෙ නැත්ද? කියලා ඔය කියන අයගෙන් දැන ගන්ඩ කැමතියි. කොහොමත් පාසල් ළමුන් ට ජංගම දුරකථන අවශ්‍ය නෑ. විදුහල්පතිනිය හරි(නු)
මේ රහස හොයාගත්ත විදිය නොකියා ඉන්නයි තිබුණේ (නි)
මැඩම්, මීට එහා ගිය වැඩ තියෙනවා (නි)
විශිෂ්ට කාර්යයක්. (නි)
මැඩම්, වැඩේ නම් හොඳයි. ඒත් බොහොම ප්‍රාථමිකයි. මැඩම්ට අහු නොවුනු බ්ලූටූත් වලින් පනිවුඩ හුවමාරු කරගන්න තවත් බොහෝ දුරකතන පාසලේ ඇති. තියන බව දන්නෙ නැති නිසා ඒව අහුවෙන එකක් නැහැ. (නි)
මගේ දරුවා අතට මම ෆෝන් එකක් දීලා තියෙන්නේ ගොඩක් හේතු නිසා. නවීන තාක්ෂණයට අපි බය නැහැ. කාර්ය බහුල අපට ඕනෑ වෙලාවක එයා සම්බන්ධ කරගන්න පුළුවන්. මැය මගේ දරුවාගේ පාසලේ නොවුනේ වෙලාවට. නැත්නම් මම මැයට මෙම වැඩේ ගැන ගොඩක් ප්‍රශ්න දානවා. මම හිතන හැටියට ඉතාම අවම සුදුසුකම් ඇතිව ගුරු වෘත්තියට පිවිසෙන්න පුළුවන් එකම රට ලංකාව. මේ තියෙන්නේ උදාහරණ. හසරක් දන්නේ නැති ගුරුවරු. (නි)
මල්ලි දන්නේ නැතිද බ්ලූ. කටෙත් තියෙනවා තමයි ටූත් නම්. අම්මපා හැබෑව. බ්ලූ කියන්නේ අපේ පක්ෂේ පාට නේ මල්ලියේ. (නි)
නියම වැඩේ තමයි. (නි)
ගරු මාතාවෙනි, සුබ අනාගතයක්! (නි)
බ්ලුටූත් වලින් බ්ලු මොනවහරි ලැබූ නද ලොකු නෝනට?
සංජීව, ඔන්න ඔන්න ඉතින් මෝඩයා වෙන්න යනවා (නි)
යොහාන් , ඇත්තමයි. (නි)
ඔහොම තමයි වෙන්න ඕනෑ. (නි)
ඔය වයසේදී ඔයවගේ ඒවා නොබලපු අය උපදෙස් දුන්නොත් හොදයි. හැබයි එහෙම වුනොත් උපදෙස් දෙන්න කවුරුත් නැති වෙන්නත් පුළුවන්.(නදී)
මීට පස්සේ ළමයි බිලූ ටූත් වලට එයාලගේ නම් වෙනුවට ටීචර්ලගේ නම් දාගනියි.(නද)
කාංචන, ඉතින් ඔයාගේ දු දරුවන්ටත් ඕවා දීල සියල්ල කියලා දෙන්නකෝ (නි)
ඕක මොකක්ද? ඔහොම කරලා කියද හොයාගත්තේ? අනිත් ඒවා අල්ලගන්න නම් ඔය විෂ මදිවෙයි මැඩම්. (නි)
කාංචන, හොරෙක් වුණත් කවදාවත් කැමති නැහැ තමන්ගේ දරුවත් හොරෙක් වෙනවා දකින්න. හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. විදුහල්පතිතුමියට මගේ ආචාරය. (නි)
මගේ කටෙත් තියෙනවා ටූත් නම්. බ්ලූ නම් අනේ මන්දා? (නි)
කාංචන, මේ පුවත වැරදියට තේරුම් අරන් නේද? මේ ළමුන් නරක දර්ශන බලපු කතාවක් නොවේ කියන්නේ. කොහොම වුණත් විනයගරුක ළමුන් පිරිසක් පාසලෙන් එලියට දමන්න ගුරුතුමිය ගන්න උත්සාහය ප්‍රශංශනීයයි (නි)
බ්ලු ටූත් වලින් ෆොටෝ හරි ටෝන්ස් හරි යවන කෙනා සම්බන්ධ කරගන්නකොට අදාල දුරකනතයේ අයිතිකාරයාගේ නමද වැටෙන්නේ? නැත්නම් කෝඩ් එකද? අනික ඩිවයිස් 10 ක් විතර සම්බන්ධ වුනාට පසුව තවත් ඒවා සම්බන්ධ වෙන්න මුල් 10 න් කිහිපයක් මැකිය යුතුයි නේද? (නි)
කොහොමද ටිකිරි මොලේ? (නි)
හරිම අසාධාරනයි වැඩේ. බ්ලු ටූත් නැති ෆෝන් හම්බ වෙලා නැතුව ඇති නෝනට. (නි)
කැමරා බ්ලු ටූත් නැති සාමාන්‍ය ෆෝන් වලට අවසර දුන්නොත් හොඳයි. මොකද කාලේ හැටියට වෙනස් වෙන දේවල් තියෙනවා, ෆෝන් අද අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා (නි)
ඇය හොද ගුරුතුමියක්. අගය කළ යුතුයි. සුබ පැතුම්! (නි)
හොඳ වෙලාවට අපි ඉස්කෝලේ යන කාලේ අපේ විදුහල්පතිලට ඔය දැනුම තිබුණේ නැහැ. බ්ලූ ටූත් ආපු අලුත නිසා (නි)
සිද්දිය සරලයි ක්‍රියාව අගය කළ යුතුයි.(නදී)
මේ දාල තියෙන අදහස් දිහා බලපුවහම ලංකාවේ මිනුස්සුන්ගේ සිතුම් පැතුම් ගැන හිතා ගන්න පුළුවන්. කීප දෙනෙක් ඇරෙන්න අනිත් සියලුම දෙන ගැන කකගාටුයි. ඇත්තටම එම ගුරු මාතාව රටට වාසනාවන්. අපි පොඩි කාලේ මේ දේවල් අඩුයි. එනිසා තමි අපි මෙහෙම හරි ජීවත් වෙන්නේ. අපිට වගකීමක් තියෙනවා මේ අහිංසක දරුවෝ විනාසයෙන් රැක ගන්න. තෙරුවන් සරණි සැමට.(නදී)
මේ රටවල් වල නම් ජංගම දුරකතන වලට අමතරව ළමයින්ට ඇපල් අයිපෑඩ් අනිවාර්ය දෙයක් කරලා තියෙන්නේ. එහෙම කරන්නේ මේ රටවල් වල කුහක මිනිස්සු නැති නිසා සහ මේ රටවල් තාක්ෂනය සමග ඉදිරියටම යන නිසා.(නදී)
අද කලේ සිද්ද වෙන දේවල් බැලුවම ජංගම දුර කතනයක් ලග තිබුනට වරදක් නැහැ.,එක තමන්ගේ ආරක්ෂාවට හොද දෙයක්.(නදී)
පවන් ජංගම දුරකථනය ලග තබා ගනිමීදී ඔය කියන ආරක්ෂාව ලැබෙනවා තමි. නමුත් එය පාසලට සුදුසු නෑ.(නදී)
මේ වගේ කුහක නුගත් මිනිස්සු ඉන්නකම් කවදාවත් ලංකාව දියුණු වෙන්නේ නැහැ. මෙහෙ නම් අවුරුදු 12 විතර අයත් ජංගම දුරකථන භාවිතා කරනවා. ඒක දැන් මුලික අවශ්‍යතාවයක් වෙලා. ඉස්සර ළමයි ලියුම් ලියලා දෙනවා. දැන් ළමයි එස්.එම්.එස් ගහනවා. එහෙම කරනවා කියලා පොත්,දුරකථන තහනම් කරන එක නෙවෙයි කරන්න ඔනේ උපකරණ හරි ආකාරව භාවිතාකරන්න කියාදීමයි.(නදී)
ජංගම දුරකථන භීතිය ප්‍රින්සිපල් ළඟ තියෙන ලෙඩක්. ඒ අයට ඕන කෙසේ හෝ විදුහලේ ඉන්න කාලය තුල ළමය ෂේප් එකේ තබා ගැනීම. සමාජෙට ගියාට පස්සේ මොනවා උනත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. හරි නම් වෙන්න ඕන උපකරණ ප්‍රවේසමෙන් භාවිත කරන අයුරු සමාජ ගත වීමට පෙර පුහුණු කිරීමයි. මෙහෙම හණමිටි ගුරුවරු ඉන්නේ ලංකාවේ. දරුවන් කි දෙනෙක් දිවි නසා ගත්තද මේ ප්‍රින්සිපල් ලා නිසා.(නදී)
මම නම් මේ වැඩේට දැඩිව විරුද්ධයි. ඕක මහම මහා මෝඩ වැඩක්. තාක්ෂණයට වැට බදින එක නෙමෙයි කරන්න ඕනේ තාක්ෂනයෙන් ප්‍රයෝජන ගන්නයි. මේ දුරකතන ළමයින් ගන්නේ දෙමාපියෝ දැනුවත්ව. පාසලේ ප්‍රධාන කාර්ය ගුණ නැන ලබාදීම. ළමයින් දැනුම්වත් කරන්න ඕනේ අනිසි බාවිතයෙන් වලකින්නයි. .තකතීරු වැඩ නිසා ළමයි මානසික ගැටලු වලට ලක්වෙලා. ඒ විතරක් නෙවෙයි කී දෙනෙක් දිවි නසා ගත්තද? (නදී)
සමහර අයට මම කියන්නේ හැම දේම නරක විදියට හිතන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙන්න?(නදී)
ඔබ වැනි ගුරුවරියන් තව තවත් බිහිවේවා! ඔබට ජයෙන් ජය විදුහල්පතිනියනි. (නි)