දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සැකසූ දහවැනි ශ්‍රේණියේ වාර විභාග ගණිත ප්‍රශ්න පත්‍රයට අපූරු පිළිතුරු දෙකක් ලියූ සිසුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් වාර්තා වේ.
දකුණේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට ගණිත විෂය අරහංය. එය හරියට වහ කදුරු මෙන්ය. ඒත් ඔහු සෑම වාර විභාගයකදීම සැලකියයුතු ලකුණු ප්‍රමාණයක් ගණිතය විෂයට ලබා ගත්තේය. ඒ ඔහුගේ යහළු යෙහෙලියන්ට පිංසිදු වන්නටය. ඔහු එක්කෝ සිය යහළු යෙහෙළියන්ගෙන් ප්‍රශ්න පත්‍රයේ ඇති ගණන්වලට පිළිතුරු අසාගනී.
නැතහොත් ඔවුන්ගෙන් කොපිකර ගනී. එහෙත් මෙදාපාර දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දහවැනි ශ්‍රේණිය සඳහා සැකසූ ගණිත ප්‍රශ්න පත්‍රය ඉතා හොඳ මට්ටමක තිබුණේය. බොහෝ ගණිත ගැටලු තිබුණේ හොඳට හිතා මතා කිරීමටය. මේ නිසා සෑම ළමයෙකුටම තව කෙනෙකුට උදව්වක් හෝ කොපි කිරීමට අනුබලයක් ලබාදීමට කාලයක් නොතිබිණි.
මේ නිසා මේ සිසුවාට මෙවර ගණිත ප්‍රශ්නයට පිළිතුරු අසා ගැනීමට යහළුවන්ගෙන් උදව් ගැනීමට නොපුළුවන් විය. එමෙන්ම කොපිකර ගැනිීමටද අවස්ථාවක් නොවීය. ඒ ඔහුට උදව් කිරීමට කාටවත් වෙලාවක් නොතිබූ නිසාය. මෙයින් කෝපයට පත්වූ මේ සිසුවා ප්‍රශ්න පත්‍රයේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙලෙස ලිව්වේය. මේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනා ලොකු නයා කාපිය. අනෙක් ප්‍රශ්නයට ලිව්වේ මෙය බලන කෙනා පොඩි නයා කාපිය යන්නය. මේ පිළිතුරු දෙක ලිව්වේ ඔහුට වෙනත් කරන්න දෙයක් නොතිබූ නිසාය.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්ඩිතකම් නැතුව පාඩම් කරලා විභාගයට සූදානම් වුනා නම් නේද හොද. නිවැරදි ක්‍රමවේදයකට අනුව අලස නොවී අභ්‍යාස කලහොත් ව්භාග වලට සාර්ථකව මුහුන දියහැකි බව සමහර ළමයි දන්නෙ නැහැ. (හේ)
ප්‍රශ්න පත්‍රය බලපු කෙනාට මොනා හිතුනාද දන්නේ නෑ.(හේ)
පරණ කතාවක්..(රේ)
'දකුණේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට ගණිත විෂය අරහංය‘ ඉහත යෙදීම කිසිසේත් සුදුසු නොවේ. ‘අරහං' යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ , ලොව්තුරා බුදුවරයන් වහන්සේලාගේ පළමු බුද්ධ ගුණයයි.......!!! (බ)
මේවා අහන්න දකින්න වෙන අපිවත් දිවියම කාපිය!
මෙවැනි ළමයින්ට කරුණාව දක්වා, හොදින් සොයාබලා උගන්වුවහොත් හොඳ මාවතකට ගන්න පුළුවන්. .(රේ)
මේක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසුන් අතර හරි ප්‍රසිද්ධයි (නි)
මේවා හිනාවිය යුතු කාරනා නෙමෙයි. දරුවාගේ අඩුපාඩු හොයල බලලා හරිමාර්ගයට ගැනීමට උත්සහා කිරීම තමයි එම දෙමාපියන් ඇතුළු වගකිවයුතු හැමෝගෙම යුතුකම.(ම)
අනේ පව් ඒ ළමයා! (නි)