IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අගමැතිට ආසනයත් අහිමි වෙයි

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ පැරැණි කතා-2

 

බලය යනු නියගලා විසක් බව කියනු ලැබේ. ඉතා යහපත් අදහස් උදහස් සහ ප්‍රතිපත්ති දරමින් සිට බලයට පත්වන අය ටික දිනකින්ම මෙම විසට ගොදුරුවී අන්ත  දුෂිතයෝ බවට පත්වෙති. මනස වියරු වී පිස්සු කෙළිති. නොදැනුවත්ව අපචාරයට ගොදුරු වෙති. සමීපයේ සිටින කේවට්ටයන්ගේ බසට මුලාවී අමාරුවේ වැටෙති. ලෝක දේශපාලන  ඉතිහාසයේ පවා මෙවැනි සිද්ධි බහුලය. දැන හෝ නොදැන  දහනායක මහතා ද මෙම තත්ත්වයට පත්වු බව  සිතාගත හැකිය. තුර්කියේ සිටි ගෝගියා භාෂා නමැත්තා ප්‍රකට මැජික්කරවකු විය. ඔහුගේ මැජික්වලට ලොවම වශී වී සිටි බව කියනු ලැබේ. දහනායක මහතා ප්‍රසිද්ධියේම කියා සිටියේ තමාද ගෝගියා පාෂා වැන්නෙකු බවය.


රාජ්‍යය සහ පක්ෂය යනු ආයතන දෙකක් වුවද  රාජ්‍ය නායකත්වයට පත් වූ වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද නායකයා බවට පත්වුවද ඔහු එම පක්ෂයේ නීත්‍යනුකූල සාමාජිකයකු වූවේ නැත. එනිසාම පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ ඔහු ගැන සැක කළහ.


බණ්ඩාරනායක අගමැතිතුමාගේ ක්‍රියා පිළිවෙත අගය කළ සමහර නායකයෝ නව අගමැතිවරයාට අප්‍රසාදය පළ කළහ. අගමැතිවරයා නව පක්ෂයක් ඇරඹීය. එය ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යැයි නම් විය. ආරාධනා ලැබුවා වුවත් ටී. බී. ඉලංගරත්න, මෛත්‍රීපාල සේනානායක, ඒ. පී. ජයසූරිය, ආර්. ජී. සේනානායක වැනි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු දහනායකගේ පක්ෂයට බැඳීම ප්‍රතික්ෂේප කළහ. මෙම හේතුව නිසා තමාගේ පක්ෂයට බැඳුණු මුදල් ඇමැති ස්ටැන්ලි ද සොයිසා වැනි අය ආරක්ෂා කිරීමට දහනායක මහතාට සිදුවිය. වරප්‍රසාද නිසා පක්ෂ නායකයා වටා ගොනුවන ළාමක බලවේග ඔහු වටා රොක්විය. අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයක් ඇතිකර එහි ස්ථිර ලේකම්වරයා ලෙස මුදල් ඇමැතිවරයාගේ සොහොයුරු සිඞ්නි ද සොයිසා මහතා පත් කිරීම සිදුවිය. එයද විපක්ෂයේ දැඩි විවේචනයට ලක්විය. 


මෙම සියලු කරුණු පදනම් කරගෙන විපක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා 1959 එක්තෝබර් 30 වැනිදා දහනායක ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළේය. එහි ප්‍රධානම චෝදනාව වූයේ බණ්ඩාරනායක ඝාතන නඩුවේ චුදිතයන්ව අත්අඩංගුවට ගැනීම අගමැතිවරයා විසින් වළක්වනු ලබන බවයි.


ආචාර්ය ඇන්. ඇම්. එම විවාදයේදී මෙසේ කීවේය.


මම අරලියගහ මන්දිරයට ගොස් දහනායක මහතා හමුවී බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, සී. අමරසිංහ සහ අනුර ද සිල්වා යන හතර දෙනා සිරභාරයට ගන්නා ලෙස බලකර සිටියෙමි. ඔවුන් සාක්කිකරුවන් ලුහුබඳිමින් සිටින බවට මට ඒ වනවිට තොරතුරු ලැබී තිබුණි. එහෙයින් ඔවුන් වහා සිර කළ යුතු යැයි මම කියා සිටියෙමි. මෙය මම අගමැතිට දන්වා පැය භාගයක් ඇතුළත එය බුද්ධ රක්ඛිතට දැන්ගන්නට ලැබී තිබුණි. බුද්ධරක්ඛිත සිර කළේ ඉන් දින දහයකට පසුවය. 


ඇන්. ඇම්. මෙසේ ද කීය.


පිලිප් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් ඉවත් වීමට සති තුනකට පමණ පෙර සෞඛ්‍ය ඇමැතිනියගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වුණි. මෙයට බුද්ධරක්ඛිත සහ දහනායක ද සහභාගි වූහ. “පිලිප් කැබිනට්ටුවෙන් නෙරපා දැමුවහොත් මාස දෙකක් ඇතුළත මම ඔබ අගමැති කරන්නෙමි.”යි බුද්ධරක්ඛිත මෙම සාකච්ඡාවේ දී දහනායකට කීය. මම කිව් දේ කරන මිනිහෙක්. මම එක අගමැතිවරයෙක් හැදුවා. මට පුළුවනි තව අගමැතිවරයෙක් හදන්න බුද්ධරක්ඛිත කීවාලු. ඇත්ත තමා ඔහු කිව් දේ කරන මිනිහෙක්.” 


“සැප්තැම්බර් 23 වැනිදා දහනායක මහතා නිවිතිගල මන්ත්‍රී ඩී. ඇෆ්. හෙට්ටිආරච්චි මහතා මුණ ගැසුණා. හෙට්ටි ඔබ දහගේ ඇමැති මණ්ඩලයට එකතු වෙනවාද?” දහනායක ඔහුගෙන් ඇසුවා. 


මෙසේ කියූ ඇන්. ඇම්. පෙරේරා මහතා හෙට්ටිආරච්චි මහතා දෙසට හැරී “එය ඇත්ත නේ”දැයි විමසුවේය. එය සත්‍ය බව හෙට්ටිආරච්චි මහතා පිළිගත්තේය. 


විවාදය අවසානයේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 43ක්ද විරුද්ධව ඡන්ද 48ක්ද ලැබීමෙන් විශ්වාසභංගය වැඩි ඡන්ද පහකින් පරාජයට පත්විය. එකල ව්‍යවස්ථාව අනුව සුළු ජාතික නියෝජනය සඳහා මන්ත්‍රීවරු හයදෙනකු පත් කිරීම සිරිතකි. එයිනුත් බහුතරය වූවේ යුරෝපීය ජාතිකයන්ය. එම ඡන්ද හය ලැබීමෙන් පසුව ද අගමැතිවරයාගේ වැඩි ඡන්ද ගණන පහක්වීම නිසා රජයට බහුතරය අහිමිවී ඇති බව සක්සුදක් සේ පැහැදිලි විය. 


තමා ආරක්ෂා කිරීමට ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිවරු පොකුරු පිටින් මධ්‍යම රාත්‍රියේ දී අගමැතිවරයා විසින් නෙරපා දමනු ලැබීය. 1959 දෙසැම්බර් තුන් වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර ඒ බව ඇමැති මණ්ඩලයවත් දැන සිටියේ නැත. තමන්ගේම පක්ෂය ලෙස ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවාගෙන තවදුරටත් දිගටම බලයේ සිටීම සඳහා ජනතාව අතරට ගිය දහනායක අගමැතිවරයාට හිමිවූයේ ආසන හතරක් පමණි. එතෙක් කලක් අපරාජිතව රැකගෙන සිටි ගාල්ල ආසනයෙන් ද ඔහු පරාජයට පත්ව තිබුණි. 


මහජන මතය හැසිරෙන ආකාරය ගැන නායකයන්ට අවබෝධයක් තිබිය යුතුමය. එමෙන්ම සඳහන් කළ යුතු තවත් කරුණක් ද වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරූ අය අතරින් දහනායක මහතා ඉතිහාසයට එක් නොවන්නේ මන්දැයි සමහර විචාරකයෝ තවමත් විමසති. මේ කතාව එයට ද පිළිතුරකි. එනම් ඉතිහාසයට එක්වන්නේ පක්ෂය සහ එහි ප්‍රතිපත්තිය ආරක්ෂා කළ නායකයන් විනා ඒවා විනාශ කළ පුද්ගල නාමයන් නොවන බවට වන ඓතිහාසික සත්‍යයයි. එය අතීතයට වර්තමානයට මෙන්ම අනාගතයට ද එක ලෙස බලපානු ඇත. එය සෑම පක්ෂයකටම ද පොදුය.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ



අදහස් (0)

අගමැතිට ආසනයත් අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site