IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


අන්තරේ කතන්දරේ

 

“අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය” හෙවත් “අන්තරේ” යන නම නොකියවමින් වර්තමානයේ දේශපාලනය ගැන කතා කළ නොහැකි තරම්ය. එපමණටම “අන්තරය” මෙරට ජාතික දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් රඟ දක්වනවා සේම ජාතික දේශපාලනයට ප්‍රබල බලපෑමක් කරමින් තිබේ.

 

“අන්තරය” තුළ නියෝජනය වන්නේ සරසවි ශිෂ්‍යයෝ වෙති. ශිෂ්‍යයා යනු “විප්ලවයේ ගිනි සිළුව” වේ. තවකෙනෙකුගේ මතයට අනුව ශිෂ්‍යයා යනු “විප්ලවයේ බෆරය” වේ. පෙරහැරේ කස කාරයෝ ශිෂ්‍යයෝම වෙති. සරසවි ශිෂ්‍යයාට අත තැබීම වෙනත් සාමාන්‍ය පුරවැසියකුට අත තැබීමකට වඩා ප්‍රබල සමාජ කම්පනයක් නිර්මාණය කිරීමට සමත්වීම එයට හේතුවය. “විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්” වීම තුළම නිතැතින්ම ඔහුට දැවැන්ත සමාජ ගරුත්වයක් ඇති වේ. “උගත් ළමයි” සාමාන්‍ය ජනයා එසේ කියති.

 

 


“අන්තරය” නිර්මාණය වී තිබෙන්නේ සියලු සරසවිවල ශිෂ්‍යයන්ගේ නියෝජනයෙනි. එහි තනතුරු සඳහා පත්වන්නේ ශිෂ්‍යයන්ගේ ඡන්දවලිනි. 1976 දී අන්තරේ උප සභාපතිවරයකු වූයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහය. ඔහු එම තනතුරට පත් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යයන්ගේ ඡන්දවලිනි. එහෙත් “අන්තරය” මෙහෙයවීමේ වරම හිමිවන්නේ එහි බහුතර බලය හිමිකර ගන්නා ශිෂ්‍ය කණ්ඩායමටය. 1976 වසරේ සිට 2012 වසර දක්වා අන්තරය මෙහෙයවීමේ වරම ජනතා විමුක්ති පෙරමුණට හිමිවන්නෙත් 2012 වසර සිට මේ දක්වා අන්තරය මෙහෙයවීමේ වරම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හිමිව තිබෙන්නේත් ඒ අනුවය.


පොදුවේ සරසවි ශිෂ්‍යයාට අදාළව ඉහළ සමාජ ගරුත්වයක්, පිළිගැනීමක් ලැබීමට බලපෑ ප්‍රධාන සාධකය 1971 අප්‍රේල් කැරැල්ල විය. කවර දේශපාලන විවේචන, මතිමතාන්තර, අදහස් උදහස් තිබුණ ද 71 අප්‍රේල් අරගලය යනු අයුක්තියට, අසාධාරණයට, අවනීතියට එරෙහිව සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත්වූ යුක්තිය හා සාධාරණත්වයේත්, නීතියේත් හඬම වේ.

 

 


ඒ කැරැල්ලේ මූල කඳවුර වූයේ විශ්වවිද්‍යාල වේ. එමෙන්ම එම කැරැල්ලේ ගාමක බලය වූයේත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ය. දේශපාලනය යනු බඩ රස්සාවක් යැයි හඳුනාගත් සමාජයක පොදු මානව අරමුණු වෙනුවෙන් දිවි පිදීමේ වඩාත් දුෂ්කරම මාර්ගය තෝරාගත් සරසවි ශිෂ්‍යයා වෙනුවෙන් දැන උගත් මෙන්ම ප්‍රගතිශීලි ජනයාගෙන් හිමිවූයේ ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයකි.


ජාතික තලයේ දේශපාලනයට වඩාත් දියුණු බලපෑමක් කිරීමේ අවස්ථාව අන්තරයට හිමිවන්නේ එම පසුබිම තුළයි.


මෙරට, සමාජ ආර්ථික හා දේශපාලන දේහයට අන්තරය කිඳා බසින්නේ 80 දශකයේ ආරම්භයේ සිටය.


එයට බලපෑ සාධක ගණනාවකි. 1977 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූයේ එතෙක් මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් අත්පත් කර නොගත් හයෙන් පහක බලයක් ද සමගිනි. එතෙක් පැවැති සමගි පෙරමුණු රජයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවූයේ ආසන 7ක් පමණි. එය 8ක් බවට පත්වූයේ හාරිස්පත්තුවේ දෙවැනි මන්ත්‍රීවරයා වශයෙන් ස්වාධීනව තේරී පත්වූ ආර්.පී. විජේසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීමත් සමගය.

 

 


ඉහත දේශපාලන පරිසරය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හිමි වූයේ ද අප්පාපිල්ලේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණටය. 77 මහ මැතිවරණයේදී එතෙක් පැවැති පාලනයේ කොටස්කාරයන්ව සිටි  “රත්තන්” හෙවත් වමේ පක්ෂ සේදී ගොස් තිබිණි.


හයෙන් පහක ආණ්ඩුවකට එරෙහිව විපක්ෂයේ තරම එපරිදි විය. මෙම දේශපාලන පරිසරය තුළ “ගැහැනියකු මිනිසකු කිරීමත්, මිනිසකු ගැහැනියක බවට පත් කිරීමත්” හැර අන් සියලු දේ කළ හැකි බලගතු විධායක ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂය නිර්බාධකව නිර්මාණය කළේය.


පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා අත්තනගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇය දේශපාලන බිමෙන් ඉවත් කර තැබීමට එජාපය කටයුතු කළේය.
මෙම පරිසරය තුළ විපක්ෂය තව තවත් දුර්වල විය. හයෙන් පහක බලයක් හරහා ආණ්ඩුවකට එරෙහිව සටන් කිරීම “කළු ගලේ ඔළුව හප්පා ගැනීමක්” ලෙස අර්ථ දැක්වීම් බහුල විය.


අත්අඩංගුවේ සිටි ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු නායකයන් නිදහස් කළ ද නිදහස් වූ ළදරු අවස්ථාවේදීම හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවක් සමඟ සටන් කිරීමට නොහැකිය.


හොඳම උදාහරණය වූයේ 80 ජූලි වැඩවර්ජනය වේ. එම වැඩ වර්ජනයට සහාය දීමෙන් ජනතා විමුක්ති පෙරමුණ වැළකී සිටියේය. එහෙත් වැඩවර්ජනය ඇරැඹිණි. ආණ්ඩුවේ නායකයන් වේදිකාවල සිට ප්‍රකාශ කළේ “සේවයට වාර්තා නොකළහොත් එම සේවකයන් කනත්තට තල්ලු කරන” බවය.


හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවකට පිට්ටනියේ තනියෙන් ක්‍රීඩා කළ හැකි විය. ඒ අනුව කී පරිදිම සේවයට වාර්තා නොකළ සේවකයන් සේවය හැර ගියා සේ සැලකිණි. එම තීරණයත් සමග මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේදී ජීව ගුණය සිඳී ගියේය. හයෙන් පහක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව සටන් කිරීමට තිබූ බලවත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය අඩපණ වීමත් සමඟ ආණ්ඩු විරෝධී සටන් ගින්නෙහි ලු අයිස් කැටයක් මෙන් දියවී ගියේය.


අන්තරය වඩාත් වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.

 


හයෙන් පහක බලයක් සහිත බලවත් ආණ්ඩුවකට එරෙහිව ජන බලවේග පෙළ ගැස්වීමට සමත් වූයේ අන්තරය විසිනි. ඒ අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි සටන මගිනි. පාර්ලිමේන්තුව වටකර එයට කඩා පැන සිදුකළ අරගලයක ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ධවල පත්‍රිකාව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.


මහා සටන් ව්‍යාපාරයක් ලෙස රූපාන්කරය වී ආණ්ඩු විරෝධී අරගලයේ ගිනි සිළුව බවට පත්වීමට අන්තරය සමත් වූයේ එම සටනින්ය. එදා අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉදිරිපත් කරමින් අන්තරය සමඟ මුහුණට මුහුණලා ගැටුණ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ අද රටේ අගමැතිවරයා වී සිටියි. අන්තරය ද වීදි සටන් අවුළුවමින් සිටියි.


ඒ අන්තරයේ ගමන් මඟ මෙතැන් සිට ඉදිරියට.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

අන්තරේ කතන්දරේ

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 73 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site