IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඉන්දිරාට විවෘත සටනක්

ජනවරම ඇඟේ හලාගත් ආණ්ඩුවක කතාවක්-2

ඉන්දිරා ගාන්ධි අගමැතිනිය තම පියාටද වඩා ප්‍රගතිශීලි මතවාදයක පිහිටා රට පාලනය කරන බව පෙනෙන්නට තිබුණි. සෝවියට් දේශය සහ බටහිර කඳවුර අතර සීතල යුද්ධය තදින්ම පැවති මෙසමයේ ගාන්ධි මැතිනිය තරයේම සෝවියට් ප්‍රතිපත්තියට අනුකූලතාව දැක්වූවාය. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බිහිවෙමින් පැවති නව නිදහස් රාජ්‍යයන්ට තම ආශිර්වාදය පුද කළ ඇය සමාජවාදය අගය කරන නායිකාවක් ලෙස ප්‍රකට වූවාය. එහෙත් ඇයගේ රජය තුළ සිටි පැරණි පෙළේ නායකයෝ බොහෝ දෙනෙක් බටහිරට පක්‍ෂ අය වූහ. විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පමණක් නොව දේශීය ආර්ථික සැලසුම් සම්බන්ධයෙන්ද මතභේද ඇතිකර ගත්හ. මෙම මතභේදය බොහෝ දුර ගිය ආකාරයක් දක්නට තිබුණි. 


ඉන්දියාවේ ජනාධිපති ධුරය හිස් විය. උප ජනාධිපතිවරයා කොන්ග්‍රස් පක්‍ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිරිතය. ඒ අනුව එවකට උප ජනාධිපති වී. වී. ගිරි මහතා ඉදිරිපත් කිරීමට කොන්ග්‍රසය බලාපොරොත්තු වූ නමුදු බටහිරට පක්‍ෂ පැරණි නායක පිරිසට අව්‍ය්‍ය වූයේ කතානායක සංජීව රෙඞ්ඩි මහතා ජනාධිපති තනතුර සඳහා ඉදිරිපත් කිරීමටය. එසේ නම් කරන අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ සභා දෙකේ සහ ප්‍රාන්ත ආණ්ඩුවල මන්ත්‍රීවරුන් විසිනි. එම යුගයේ මෙම මන්ත්‍රීධුර අති බහුතරය කොන්ග්‍රස් පක්ෂය සතුව පැවති නිසා කොන්ග්‍රස් අපේක්ෂකයා පත්වීම නිසැකවම සිදුවිය. මෙවර මෙම සටන ඉන්දිරාට එරෙහි විවෘත සටනක් බවට පත් විය. කොන්ග්‍රසයේ නියෝජ්‍ය නායක මොරාජි දේශායි එහි සභාපති නිජලිංගප්පා හිටපු සභාපති කාමිරාජ් නාඩාර් ඇස්. කේ. පතෙල් ආදී නායකයෝ තම අනුගාමිකයන්ද සමග සංජීව රෙඞ්ඩිට සහාය දැක්වූහ. අවසානයේ ජයග්‍රාහකයා වූවේ ඉන්දිරා ගාන්ධිගේ ආශිර්වාදය ලැබූ වී. වී. ගිරි මහතාය. මෙම සිදුවීම පක්‍ෂයේ දෙපිරිස අතර නොහොද නෝක්කාඩු වර්ධනය වීමට හේතුවිය. 


අතීතයේ සිටම ඉන්දියානු රාජ්‍යය තුළ වෙනම පරිපාලනයකින් යුතු වෙනම කුඩා රාජ්‍ය සිය ගණනක පරිපාලන ව්‍යුහයක් පැවතියේය. මේ වන විට මහාරාජාවරුන් විසින් පාලනය කරන රාජ්‍ය පන්සිය හැට දෙකක් පැවති බව කියනු ලැබේ. මොවුන්ගේ පාලන ඒකක මධ්‍යම ආණ්ඩුවට එකතු කර තිබුණු නමුදු රජයෙන් විශාල වරප්‍රසාද ඔවුන්ට හිමිව තිබුණි. ඉන්දිරා මොවුන්ගේ මෙම වරප්‍රසාද අවලංගු කළාය. කෝටි සංඛ්‍යාත දිළින්දන් නොයෙකුත් දුක් පීඩාවන්ගෙන් පීඩා විදිද්දී මෙම රාජකීයන්ගේ සුඛෝපභෝගි සල්ලාල දිවිපෙවෙතට ජනතාවගේ බදු මුදල්වලින් උපකාර කිරීම යුතු නැතැයි අගමැතිනිය තරයේ කියාසිටියාය. කොන්ග්‍රස් පක්‍ෂය තුළ මතභේද උග්‍රවිය. උප අගමැති මොරාජි දේසායි ඇතුළු බලගතු පිරිසක් රජයෙන් ඉවත්ව විපක්ෂයට එක්වූහ. මේ පිරිස ජනතා පක්‍ෂය නමින් දේශපාලන බලවේගයක්ද සංවිධානය කළහ. 


අගමැතිනියගේ බාල පුත්‍රයා වූ සංජේ ගාන්ධි තරුණයා රජයේ බලවතෙකු ලෙස කටයුතු කරන අයුරු දක්නට ලැබුණි. ඔහුගේ සමීපතමයෝ කැබිනෙට්ටුවේද පරිපාලනයේද සෑම අංශයකටම ඇඟිලි ගසන්නට වූහ. එය සීමාව ඉක්මවා යන සෙයක් පෙනුණි. රජයේ ජ්‍යෙෂ්ඨයෝ කෝපයට පත්වූහ. විපක්ෂයෙන් නොයෙකුත් චෝදනා එල්ලවිය. අධික පුත්‍ර ස්නේහය නිසා අගමැතිනිය කිසිවක් නොකළාය. ලෝකයේ අධිකම ජනගහනය පවතින රටක් වූ ඉන්දියාවේ උපත් පාලනය පිළිබඳව වැඩසටහනක් දියත් කෙරුණි. එහි හොඳ නරක විග්‍රහ කෙරුණේ දේශපාලන කෝණයෙණි. ආගමික පූජකවරු උද්ඝෝෂණ ආරම්භ කළහ. රජය මගින් බදු වැඩිකිරීම් සිදු කරන ලදි. දැඩි නියඟයෙන් පෙළෙමින් ආහාර හා බීමට ජලය පවා නැතිව සිටි පුරවැසියෝ කෝපයට පත්වූහ. රට පුරා මහා උද්ඝෝෂණ ඇරඹුණි. ආණ්ඩු විරෝධී සටන් රැල්ලක් බවට පත්වීමට ගත වූවේ කෙටි කාලයකි. රජයට ඉල්ලා අස්වෙන ලෙස ඔවුහු බල කළහ. රට පුරා උපවාස සත්‍යග්‍රහ පෙළපාළි ආදිය දක්නට ලැබුණි. එහෙත් රජය සමග එක මල්ලේ ලුණු කෑ සමහර ඇමතිවරු ඉල්ලා අස්වී විපක්ෂයට එක්වූහ. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වූවේ රජය දූෂිත බවයි. අගමැතිනිය ඒකාධිපති වියරුවෙන් කටයුතු කරන බවටද ඔවුහු චෝදනා කළහ. මෙම උද්ඝෝෂණ මාලාව වැඩීයත්ම අගමැතිනිය මර්දනය දියත් කළාය. හදිසි නීතිය ක්‍රියාත්මක කළ ඇය විපක්ෂ නායකයන් සියලුම දෙනා සිරභාරයට ගැනීමට නියම කළාය. මෙය ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වූයේ නිතැතිණි. විරෝධතා දස ගුණයකින් වැඩි ගියේය. ජනතා පෙරමුණේ නායක මොරාජි දේසායි, ජාන් සාන්ග් පක්ෂ නායක අතල් බිහාරි වජ්පායි පමණක් නොව ගාන්ධි මහත්මියගේ රායි බෙරළි ආසනයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ රාජ් නරේන් පවා අත්අඩංගුවට පත් විය. ප්‍රාදේශීය දේශපාලන නායකයන්, විරෝධතා නායකයන් සහ විරෝධතාකරුවන්ද බොහෝ සෙයින්ම සිරභාරයට පත් වූ බව කියවේ. සිර ගෙවල් පිරී ඉතිරී ගියේය. 


මෙම අර්බුදවලට අමතරව ලෝකයේ පැවති ආර්ථික අර්බුදයද දැඩි සේ ඉන්දිරාගේ පාලනයට එරෙහිව බලපෑවේය. 1973 ලෝක ආර්ථික පරිහානිය, තෙල් අර්බුදය, ආහාර හිඟය මෙයින් මුල් තැන ගත්තේය. ලංකාවේ පාන් පෝලිම්, මිරිස් පෝලිම්, රෙදි පෝලිම් යුගය මතක ඇති කෙනෙකුට පහසුවෙන් මෙම තත්ත්වය වටහා ගත හැකි වනුයේ ලංකාවේ ජනතාව මුහුණ දුන්නාටත් වඩා අපහසුතාවකට සුවිශාල ඉන්දියාව මුහුණ දුන් බව සැලකීමේදීය.


මෙවැනි වාතාවරණයක් රට තුළ පවතිද්දි 1977 මාර්තු මස මහා මැතිවරණය පැවත්වීමට යෝජිත විය. සටන ඉතා තීරණාත්මක බව ආරම්භයේ සිටම දක්නට තිබුණි.

 

 

 


මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ



අදහස් (0)

ඉන්දිරාට විවෘත සටනක්

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12298 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14940 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14540 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 112 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 90 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site