IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ඉඹුල්ගොඩ වීරයා බිහිවෙයි

විප්ලවය අත් නොහළ මහමුදලිගේ මුනුපුරා-03

ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සමඟ.

1956 මහා මැතිවරණයේදී ඔහු ගම්පහ ආසනයේදී ලබාගත් වැඩි ඡන්දය තිස් දහසකට ආසන්න වූවේය. එය දෙවැනි වූවේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අත්තනගල්ලේදී ලැබූ වැඩි ඡන්දයට පමණි. එතුමාගේ රජයේ ඇමති ධුරයක් භාර නොගත් නමුදු රජය තුළ අගමැතිතුමා ආරක්ෂා කිරීමට සිටි ප්‍රබලයකු වූවේ ගම්පහ මන්ත්‍රීවරයාය. 


භාෂා ප්‍රශ්නය උග්‍රවී රටම අවුල්වීගෙන යද්දී රජය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම අත්සන් කර ගැටලුව නිරාකරණය කිරීමට උත්සාහ කරද්දී සමහර බලවේග එයට විරුද්ධව කොළඹ සිට නුවර දක්වා පාගමනක් සංවිධානය කරනු දක්නට ලැබුණි. අගමැතිතුමාගේ උපදෙස් පරිදි කිරිල්ලවල කන්ද කපාපු හන්දියේදී තම හිතවත්  පිරිසක්ද සමග ඉදිරියට ගිය ඇස්. ඩී. එම පාගමන නැවැත්වීමට නායකත්වය දුන්නේය. එය ඉදිරියට ගියා නම් විශාල ලේ වැගිරීමක් සිදුවනු ඒකාන්ත බව දැන සිටි අගමැති බණ්ඩාරනායක මහතා තම සතුට පළ කළේ ඉඹුල්ගොඩ වීරයා යන උපහාරය ඇස්. ඩී. ට පුද කරමිනි.


චීන පිලේ කටයුතු කරද්දී එහි ක්‍රියාකාරියෙකු වූ රෝහණ විජේවීර නමැති තරුණයෙකු ඇස්. ඩී. දැන සිටියේය. ඔහු සෝවියට් දේශයේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියදී සෝවියට් චීන න්‍යායික අර්බුදයේදී චීනයට පක්ෂව අදහස් දැක්වීම නිසා වීසා අවලංගු කර සෝවියට් දේශයෙන් පිටමං කර සිටි තරුණයෙකි. දක්ෂ කථිකයකු හා සංවිධායකයකුද වූ ඔහු චීන පිලට සම්පතක් විය. එහිදී ද මතභේද ඇති කර ගැනීම නිසා ඔහු එයින්ද නික්ම ගොස් ජනතා විමුක්ති පෙරමුණ නම්වූ නව දේශපාලන බලවේගයක් තනා එයට නායකත්වය දුන්නේය.


මේ වන විට මෙරට ක්‍රියාත්මකවූ සම්ප්‍රදායික වමේ පක්ෂ දෙක වන ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය මාක්ස්වාදී විග්‍රහයට අනුව ධනවාදී පක්ෂයක් ලෙස සලකනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතව සමගි පෙරමුණක් ලෙස ක්‍රියා කරමින් සිටියේය. සම්ප්‍රදායික පැරණි වමේ පක්ෂ දෙක තදින් විවේචනය කළ විජේවීර මහතා ධනපති හා රදල නායකත්වයකට යටවී ක්‍රියා කරන නිසා නිවැරදි මාක්ස් ලෙනින්වාදී නිර්ධන පංතියේ නව පක්ෂයක් වශයෙන් නිවැරදි දැක්මක් සහිත තම පක්ෂය සමග එක්වන ලෙස ශ්‍රී ලාංකීය නිර්ධන පංතියට ආරාධනා කළේය. එයින් කෝපයට පත්වූ පැරණි වමේ නායකයෝ අලුත බිහිවී ඉදිරියට එන නව රැඩිකල් මතධාරී බලවේගය ලංකාවේ වමේ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා අටවන ලද සී.අයි.ඒ. උගුලක් යයි චෝදනා කළහ. එය කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පතෙහි පළ වූයේ “ජ.වි.පෙ. යනු සී.අයි.ඒ කෙමනක්” යන සිරස්තලය සහිතවය. මෙයින් දේශපාලන ලෝකයේ අවධානය ජවිපෙ කෙරෙහි යොමු වූවේ වපර ඇසිනි. මෙහිදී රෝහණ විජේවීර මහතාගේ මතකයට නැගුණේ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාවයි. ඔහු වහා ඇස්. ඩී. හමුවී මෙම සාහසික චෝදනාවට පිළිතුරු දෙන ලෙසත් තමා සී.අයි.ඒ. කාරයකු නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් තමා ගලවා ගන්නා ලෙසත් පැවසීය. ඇස්. ඩී. යනු දේශපාලන කුහකයෙක් නොවේ. එනිසාම ඔහු ජවිපෙ වේදිකාවට නැගී ජවිපෙ සී.අයි. ඒ බළල් අතක් නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ හයිඞ් පිටියේ පැවති මහ රැලියක් අමතමිනි. ඒ හැර රටක විප්ලවීය අවධිය මෝරා එනවිට සී.අයි.ඒ. ඔත්තුකරුවන් මැදිහත්ව ප්‍රතිවිප්ලවය ක්‍රියාත්මක වී සමූලඝාතන ඇති කරන බවත් ඇස්. ඩී. ප්‍රකාශ කළේය. මෙහි විපාකය වූයේ 1971 අප්‍රේල් 05 වැනිදා ජවිපෙ සන්නද්ධ අරගලය දියත් වීමෙන් පසුවය. වසර තුනකට වැඩි කාලයක් සිරගතව සිටිමින් විජේවීර සී.අයි.ඒ. ඔත්තුකරුවකු නොවේ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සන්නද්ධ අරගලයකට දායකත්වය දුන්නේය යන චෝදනාවට මුහුණ දීමට ඔහුට සිදුවිය. අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ අප්‍රියෙල් මහ නඩුවේ 20 වැනි විත්තිකරු වශයෙන් දීර්ඝ නඩු විභාගයකට ලක්විය. පසුව ඔහු නිදහස් විය.


එම යුගයේ ලොව පුරා ජනප්‍රියවූ මාඕ සේතුං සභාපතිතුමාගේ රුව රැගත් පදක්කමක් බොහෝ විප්ලවවාදීහු පැලඳ සිටියහ. ඇස්. ඩී. නඩුවට උසාවියේ පෙනී සිටියේද මෙම පදක්කම පැලඳගෙනය. එය දුටු අග්‍රවිනිශ්චයකාර එච්. ඇන්. ජී. ප්‍රනාන්දු මැතිතුමා ඔබ පැලඳ සිටින පදක්කම කුමක්දැයි විමසුවේය. මැතිතුමනි එය චීන විප්ලවයේ අසහාය නායක මාඕ සේතුංතුමාගේ රුව ඇතුළත් සංකේතයකැයි පිළිතුරු දුන්නේය. එහි අරුත කුමක්දැයි විනිසුරුවරයා නැවත විමසුවේය. හැට කෝටියක් වූ චීන ජනතාවගේ විමුක්තිය සැලැස්වූවේත් එයට මග පෙන්වූයේත්, නායකත්වය දුන්නේත් මෙම මාඕ සේතුංතුමාය. ලෝකයේ ඕනෑම රටක නිදහස විමුක්තිය පතා සටන් කරන ජනතාවගේ පරමාදර්ශී නායකයා එතුමා වන බැවින් මම එය පලඳින්නෙමියි. ඇස්. ඩී. නැවතත් පිළිතුරු දුන්නේය. අගවිනිසුරුතුමා සිනාමුසු මුහුණින් නිහඬ විය. බණ්ඩාරනායක මහතා චීනයට ආදරය කළේ යම්කිසි වරප්‍රසාදයක් ලබා ගැනීමට හෝ මූණිච්චාවට නොවේ හදවතින්මය. 


සත් වසරක් රට පාලනය කළ සමගි පෙරමුණු රජය 1977 දී අන්තපරාජයකට පත්විය. සමසමාජ කොමියුනිස්ට් පක්ෂ බිංදුවට බැස්සේය. ඔවුන් අවුරුදු තිස් ගණනක් නියෝජනය කළ බළකොටු පවා පරාජය වී තිබුණි. ආසන 90ක් හිමිව තිබුණු. ශ්‍රීලනිපයට ජය ලැබුණේ ආසන අටකි. ඒ අට දෙනා අතර බණ්ඩාර නායකවරුම තිදෙනෙක් සිටියහ. එය අතිශය පුදුමයට හේතුවක් විය. එනම් හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය (අත්තනගල්ල), අනුර බණ්ඩාරනායක මහතා (නුවරඑළිය - මස්කෙළිය), ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා (ගම්පහ) වශයෙනි. ඒ අනුව තවත් දොළොස් වසරක් ඔහු ගම්පහ නියෝජනය කළේය. ඔහු ගම්පහ ජනතාව නියෝජනය කළ මුළු කාලපරාසය වසර තිහකි. 1989 දී එතුමා දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් විශ්‍රාම ගත්තේය.


ජනතාව ඔහු අමතක කළේ නැත. ඇස්. ඩී. ගේ කනිටු පුත් පණ්ඩු බණ්ඩාරනායක මහතා මැතිසබයට යැවීය. එම සේවා කාලය වසර විස්සකි. මෙසේ අඩ සියවසක් මුළුල්ලේ ඇස්. ඩී. පණ්ඩු පිය-පුත් යුගලය ගම්පහ ජනතාවට කළ සේවය අතිමහත්ය. ඇස්. ඩී. ගේ සේවය ගම්පහට පමණක් සීමා වූවේ නැත. ඔහු දමිළ ජනතාවගේ හෘදයාංගම මිතුරෙකි. යාපනයේ කුලවාදය ඉස්මතුව තිබෙන එක් වකවානුවක උතුරේ කුලහීන යැයි කියන ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ දැවැන්ත පෙළපාළියක් මෙහෙයවීය. ඒ 1967 දීය. මෙය මහත් ආන්දෝලනයකට හේතුවිය. කුලවාදීන්ගේ නායකයකුවූ සී. සුන්දරලිංගම් වවුනියාව මන්ත්‍රීවරයා විමසුවේ ගම්පහ මන්ත්‍රීවරයා යාපනයේ පෙළපාළි පවත්වමින් අපට අභියෝග කරන්නේ කුමන බලයක් මතද කියාය. මම ගම්පහට පමණක් නොව ලංකාවටම මන්ත්‍රීවරයෙකැයි ඇස්. ඩී. ප්‍රකාශ කළේය. ඒ ඇස්. ඩී. ගේ හැටිය.


මේ සා විශාල සේවයක් ඉටු කළ ඇස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ අපරිමිත මිත්‍රත්වය අගය කරමින් චීන ජනරජය ඔහුගේ ජය භූමිය වූ කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් ඉදිකර ඇත. එය නිරාවරණය කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙම ජූනි නව වැනිදා සිදු කෙරුණි. එම ප්‍රතිමාව දකින බොහෝ දෙනකුට ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් කරන ලද මහජන සේවය නැවත නැවතත් බොහෝ කලක් සිහිවෙනවා ඇත. එමෙන්ම රදල මහමුදලි වලව්වෙන් ජනතාව අතරට පිවිසි විප්ලවවාදියාගේ කීර්තිමත් නාමය සදානුස්මරණීය වනු නිසැකය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ



අදහස් (0)

ඉඹුල්ගොඩ වීරයා බිහිවෙයි

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12299 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6834 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14540 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14941 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 445 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site