IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කොළඹ ගිනි ගනී

ආණ්ඩුවක් දණ ගැස්වූ සටනක සටහන් 02 වැනි කොටස

රථවාහන සේවා කොමසාරිස් එල්. එස්. බී. පෙරේරා 12 වැනි දින බස් සේවය නිසි අයුරින් පවත්වාගෙන යන බව ප්‍රකාශ කළේය. පළාත් පාලන කොමිෂම් සභාවේ ලේකම් එම්. ඊ. පොන්සේකා මහතා 12 දින වැඩට නොඑන ට්‍රොලි බස් සේවකයන් රැකියාවෙන් අස්කරන බව සඳහන් කළේය.


මේ අතර සමස්ත ලංකා එක්සත් මෝටර් රිය සමිතියේ පානදුර ශාඛාව සවුත් වෙස්ටර්න් බස් සමාගමේ සියලුම සේවකයන් 12 වැනිදා වැඩ අත්හළ යුතු යැයි තීරණය කළ බවද 11 දින ලංකාදීපයේ පළවිය. හර්තාල් දිනයේ පොලීසියට සිය සහය දෙන බව ග්‍රාම සංවර්ධන ස්වේච්ඡා සේවකයන් දන්වා තිබේ. 


11 - ලංකාදීප.

 

සහල් වෙළෙන්දන් ආහාර පාලන දෙපාර්තමේන්තුවේ අවසරපත් නොමැතිව හෙට (12) කඩ වසා දැමුවහොත් බලපත්‍ර අවලංගු කරන බව ආහාර පාලක තැන නිවේදනයක් නිකුත් කරයි. මෙය සමුපකාර සමිති සඳහා ද ක්‍රියාත්මක බවද 12 දින නීතිය කඩ කළහොත් නඩු දමන බවද කියයි.

11 - ලංකාදීප

 

හර්තාලයට ආණ්ඩුවේ සූදානම පිළිබඳව 11 වැනි දින ලංකාදීපය ජනතාව දැනුම්වත් කළේ මෙලෙසිනි.


“යුද හමුදාව හා පොලීසිය හැරුණවිට කොළඹ දිස්ත්‍රික්කයට යොදා ඇති විශේෂ පොලිස් හමුදාවේ 111 දෙනෙක් පෙරේදා (9) කැප්ටන් බි්‍රන්ඞ්ලි මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. සිය බලයෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙසත් කරන හැමදේ ගැන පරීක්ෂාකාරි වන ලෙසත් ඒ මහතා පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


“ගිනි නිවන හමුදාව ගිනි නිවීම සඳහා පමණක් නොව අවශ්‍ය වුවහොත් සෙනඟ විසිරුවා හැරීම සහ ගිලන් රථ සේවය ද කරනු ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසිය කොළඹ හා අවට ප්‍රදේශවල සූදානමින් සිටී. බස් ගමනා ගමනය සඳහා පොලීසිය සෑහෙන තරමේ ආරක්ෂක කටයුතු යොදා ඇත.   


 

“භික්ෂූන් සිය නමක් හර්තාල්”

හර්තාලය නිමිත්තෙන් භික්ෂූන් වහන්සේලා සිය නමක් ද, මුළු දවසම නිරාහාරව කොළඹ නගරයේ උපවාසයක් පවත්වනවා ඇත. සත 25 ට පවා හාල් සේරුව ලබාගත නොහැකි දුප්පත් ජනයාට සත 70 ක් ගෙවීමට සිදුවෙන පරිදි හාල්  මිල ඉහළ නැංවීමට විරුද්ධව උප ශාන්ත ලෙසින් පවත්වන්නට යන මේ විරෝධය සංවිධානය කරන ලද්දේ කොළඹ සමාජවාදී භික්ෂූ සංවිධානය මගිනි.


හර්තාලයේ පළමු වෙඩි මුරය පත්තු කළේ 10 වැනි දින බව මාධ්‍ය සඳහන් කරයි. ඒ බලපිටියේ රන් දොඹේ ප්‍රදේශයෙනි. ලංකා සම සමාජ පක්ෂයේ බලපිටිය ශාඛා ලේකම්වරයා මෙන්ම ප්‍රදේශයේ හර්තාල් කැඳවුම්කරු විශ්‍රාමික කීර්තිමත් ගුරුවරයෙකු වූ වී. ද. සී මාදුවගේ මහතාය.


රන්දොඹේ පැරණි සමූපකාර කඩයට පාරිභෝගික ද්‍රව්‍ය ගැනීම සඳහා ප්‍රදේශයේ කාන්තාවන් 10 දින ගොස් ඇත. අද සිට හාල් මිල සත 72 බව සඳහන් දැන්වීමක් කඩයේ ගසා තිබිණි. දැන්වීම කියැවූ කාන්තාවන්ගෙන් පුවත කටින් කට පැතිර යාම නිසා විශාල කාන්තා පිරිසක් කෑ ගසමින් කඩයට එකතු වූහ. ඔවුන් පැමිණ ඇත්තේ හිස් දෑතින් නොව පොල් ලෙලි තැලීමට ගන්නා ශක්තිමත් ලී පොලුත් රැගෙනය.


කාන්තාවෝ ආණ්ඩුවේ පතුරු හරිමින් රොස් පරොස් වචන කියමින් පාර අවහිර කර උද්ඝෝෂණය කළහ. එම ස්ථානයට පොලීසිය පැමිණීමෙන් කාන්තාවන් වඩාත් ඇවිස්සුණි. පොලීසිය බැටන් පොලු උළුක් කරමින් කළ තර්ජනයට බිය නොවූ කාන්තාවෝ තමන් අතේ තිබූ පොල් ලෙලි තැලීමට ගන්නා පොලු ඔවුන් වෙත එල්ල කළහ.

සටන ඇවිළිණි. (මාධ්‍ය වාර්තාවක් ඇසුරිණි.)

 

11 දින කොළඹ නගර ශාලා පිටියේ දී පැවති හර්තාල් රැස්වීම ලංකාදීපය වාර්තා කර තිබුණේ “නගර ශාලාව මත කළු කොඩි ළෙලදෙයි” සිරස් තලය යටතේය.


අගෝස්තු 11 දින පැවැත් වූ පාර්ලිමේන්තු සභාවාරය 12 දින ලංකාදීප පුවත් පත වාර්තා කර තිබුණේ මෙලෙසිනි.
මුදල් ඇමති ජේ. ආර්. ජයවර්ධන මහතා මැද කොළඹ මන්ත්‍රී පීටර් කෙනමන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් “හදිසි තත්ත්වයකට ඕනෑ තරම් කඳුළු ගෑස් තිබේ” යැයි පවසා ඇත.


අගමැති ඩඞ්ලි සේනානායක මහතා - මා මනුෂ්‍ය ජීවිත අගය කරන නිසා මහජනයා ආරක්ෂා කර ගැනීමට මෙබඳු උපක්‍රම යොදා තිබේ. යුද හමුදාව හා පොලීසිය නීතිය හා සාමය ආරක්ෂා කිරීමට නීති ගරුකව ක්‍රියා කරනු ඇති. නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ආණ්ඩුව ජනතාවට බැඳී සිටියි.


දෙහිඕවිට මන්ත්‍රී එඞ්මන්ඞ් සමරක්කොඩි මහතා - හෙට හර්තාල් යෝජනාකර තිබේ. මෙය යෝජනා කළ දින පටන් ආණ්ඩුව කළ වැඩ මහජනතාවගේ නොසන්සුන්තාවකට හේතුවී ඇත. වෙඩි තබා මරන්නට නියෝග කළ බව දැන ගැනීමට තිබේ. විශේෂ පොලිස් හමුදාවකට යැයි කියා ගම්බද කොල්ලන් විශාල ගණනක් ගෙන්වා ඔවුන්ට ආයුධ දී ඇත. මේ ආයුධ කෙසේ පාවිච්චි කරන්නේදැයි නොදන්නා හෙයින් මෙබඳු දේ නොකරන ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිමි.


ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා - සුළු කලබලයක් පවා ඇති වුවහොත් වෙඩි තබන ලෙසට ආණ්ඩුව නියෝග කර ඇති බව පෙනේ. මේ තත්ත්වය අනුව මනා ඉවසීමකින් හා පරිස්සමෙන් කටයුතු කිරීම ආණ්ඩුවේ යුතුකමයි. කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන මහතා - 1915 යුද නීතිය ගැන මතක් කර දෙමින් හාල් ඉල්ලන අයට තුවක්කු එල්ල කරමින් මේ අවස්ථාවේදිත් අගමැතිතුමා 1915 ක්‍රමයම අනුගමනය කරනවා.


වවුනියාව මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතා හාල් සත 43 ගණනේ විකුණන්න ඉතිරි මුදල තේ ආදි ද්‍රව්‍යවල තීරු බදු වලින් ගන්න.


අගමැති ඩඞ්ලි සේනානායක මහතා - තවදුරටත් දාමරික ක්‍රියාවන් හා විනාශයන් සිදුවීම වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ විශේෂ බලතල පාවිච්චි කරන ලෙස මාගේ මිත්‍රයින්ගේ අනුමැතිය ඇතිව වැඩබලන අග්‍රාණ්ඩුකාරතුමාට උපදෙස් දීමට ඉතා කනගාටුවෙන් මට සිදුවිය.


12 වැනි දින පැවති මහා හර්තාලය අඩු - වැඩි වශයෙන් දිවයින පුරා සංවිධානාත්මකව සිදු විය. කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශ වැල්ලවත්ත සිට මාතර දක්වා දකුණු ප්‍රදේශ, කැළණි වැලි නිම්නය, දොම්පෙ හා යක්කල ප්‍රදේශවල මෙන්ම යාපනය නගරයේද, වමේ සංවිධාන බලවත්ව සිටි ප්‍රදේශවල විධිමත්වද දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල ජනතා සහභාගිත්වය අඩුවෙන්ද, සමහර ප්‍රදේශවල විරෝධතා රැස්වීම්වලට සීමා කරමින් ද හර්තාලය පැවැත්වුණි.
නොයෙක් බාධක යොදවා, මං මාවත් අවුරුවා මාර්ග බාධක දමමින් ගමනා ගමන සේවා අත්හිටුවිය. රේල් පීලි ගැලවීම්, ගිනි තැබීම්, දුම්රිය පීලි පැන්නවීම්, බස්රථ වලට ගල් ගැසීම් මාධ්‍යය වාර්තා කළේය. හර්තාල්කරුවෝ මාර්ගවල හා මංසන්ධිවල ආහාරපාන පවා සකස් කළහ. ආප්ප, රොටි පිලිස්සූහ. හර්තාලයට පෙර වැඩට පැමිණෙන සේවකයන් පිළිබඳව ආණ්ඩුව දුන් සංඛ්‍යා ලේඛන බොරු ගණන් හිලවු ලෙසට ද, හර්තාලයට සහභාගිවෙන රජයේ සේවකයන්ට දෙන බව පැවසූ දඬුවම්වලට ඔවුන් බිය නොවු බවද දක්නට ලැබිණ.

 

මතු සම්බන්ධයි.

 

 

 

ගණේමුල්ල බුද්ධි බොල්ලත
සඳමතු ශර්මි ශ්‍රී බුද්ධික



අදහස් (0)

කොළඹ ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14538 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 46 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site