IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


චර්චිල් සහ බණ්ඩාරනායකගේ අපූරු වාග් ප්‍රහාර

ලොව බිහිවුණු අද්විතීය නායකයන්ගේ කතා කියවන විට අපට දක්නට ලැබෙන එක්තරා විශේෂත්වයක් ලෙස ඔවුනගේ බුද්ධිය, ඉක්මන් අවබෝධය මුහුවී, මුඛරි බස විදග්ධ බව, වාග් විගද්ධභාව කැපී පෙනෙන ලක්‍ෂණය මෙය ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන්නේ උෂඔ යනුවෙනි.

මෙහිලා එංගලන්තයේ අගමැතිවරයෙක් වූ සර් වින්ස්ටන් චර්චිල් සහ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අගමැතිවරයෙක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට හිමිවන්නේ අතිවිශේෂිත ස්ථානයක්ය. ඔවුනගේ, ඔදවත්, තෙදවත්, නැණවත් කතාවල අගය දෙගුණ තෙගුණ වන්නේ. එම කතාවලට ඔවුන් ඇතුළත් කරන හාස්‍ය උපදවන රසවත් වදන්ය. එමෙන්ම මෙම දෙපළම තම ප්‍රතිවාදීන්ට, ඉතාමත් අපූරුවට වාග් ප්‍රහාරවලින් සංග්‍රහ කළ අවස්ථාද එමටය. දේශපාලන වේදිකාවේදී මෙන්ම, උත්තරීතර පාර්ලිමේන්තු විවාදවලදී මොවුන් ඉතාමත් දක්‍ෂ ලෙස ඔවුන්ගේ මුඛරීකම දක්වන ලද අවස්ථා අපට හමුවේ. ඒවා කියවන්න කියවන්න රසවත්ය. 

 

සර් වින්ස්ටස් චර්චිල්


එක්සත් ජනපදයේ ධවල මන්දිරයේදී ස්නානය කිරීමෙන් අනතුරුව, තමාගේ උපන් ඇඳුමෙන් (Naked)  සර් වින්ස්ටන් චර්චිල් තම කාමරයට පැමිණෙත්ම ඇමෙරිකානු ජනපති රුස්වෙල්ට්, චර්චිල්ගේ කාමරයට ඇතුළු විය. මෙසේ ඇගේ නූල් පොටක් නොමැතිව චර්චිල් සිය නිල නිවස වූ අංක 10 ඩවුනිං වීදියේ තම නිල නිවසේදී නාන කාමරයෙන්ද එළියට පැමිණීම සාමාන්‍ය සිරිතකි. කෙසේ වූවද, මෙය  රූස්වෙල්ට්ට ඇදහිය නොහැකි අත්දැකීමක් විය.


“කනගාටුයි - වින්ස්ටන් මට සමාවෙන්න.”


ක්ෂණිකව ක්‍රියාත්මක වුණු වින්ස්ටන් චර්චිල් සිනාමුසු මුහුණින් රූස්වෙල්ට් හට පැවසුවේ,


“ඩෙලානෝ (Delano)  ඇමෙරිකා එක්සත් ජනපදයට හංගන්න දෙයක් බි්‍රතාන්‍යයට නැහැ. චර්චිල් පැවසීය.Prime Minister of great Britain hm… nothing to hide from president of USA

චර්චිල්ගේ 75 වන උපන් දිනයේ ඡායාරූපයක් ගන්නට ගිය පත්තර ඡායාරූප ශිල්පියෙක් “සර්, මා බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ සියවන උපන් දිනයදාත් ඔබතුමාගේ ඡායාරූපයක් ගන්නට ලැබේවා” කීය.

චර්චිල් ඉතා සන්සුන්ව මුවඟ සිනාවක් රඳවමින්


“මා හිතවත් මිත්‍රයාට ඒ වරම් ලැබේවායි යන්නට නම් මට කිසිම සැකයක් නැහැ. ඔබ ඉතා කාර්යශීලියි. ඔබ ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි මට පෙනෙන්නෙ” යැයි පැවසීය.


චර්චිල්ගේ 85 (අසූපහ) වන උපන් දිනයේදී ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරියක් චර්චිල් විවේචනය කරමින් කියා සිටියේ “වින්ස්ටන්ට් ඔබ මගේ ස්වාමිපුරුෂයා නම් ඔබගේ සුප් (Soup)  එකට මා වහ ටිකත් දමනවා.”


චර්චිල් නැගී සිටිමින් “ගරු කතානායකතුමනි, නැන්සි මට ලබා දෙන ඒ සුප් එක මා සතුටින් බොනවා. මෙවන් බිරිඳක් සමඟ ජීවත් වනවාට වඩා වහ ටිකක් බොන එක සැපයක්”


තමන් සතු පිගන් භාණ්ඩ සාප්පුවට රැගෙන ආ කෙනා- ඩලස් වරක් වින්ස්ටන් චර්චිල් විසින් ජෝන් ෆෝස්ටර් ඩලස් තියුණු ලෙස විවේචනය කරමින් කියා සිටියේ The only bull who bring his own china shop with him_  තමන් සතු පිගන් බඩු සාප්පුවට රැගෙන ආපු ගොනා වෘෂභයා තමයි ජෝන් පෝස්ටර් ඩලස්.” 


Dull  යන ඉංග්‍රීසි වචනයේ එක්තරා අරුතක් ලෙස “හෙමින් වැටහෙන මෝඩයා යන්නයි. චර්චිල් පැවසුවේ ඔහුගේ චරිතයට සරිලන අන්දමටම ඩලස් යන නාමය යොදා ඇති බවයි.


දිනක් විරුද්ධ පක්‍ෂයේ නායක, කම්කරු පක්‍ෂයේ නායක, ක්ලෙමන්ට් ඇට්ලි (Clement Attee) වැසිකිළියට පිවිසියේ මුත්‍රා කිරීමටය. ඒ මොහොතේම වින්ස්ටන් චර්චිල්ද වැසිකිළියට පිවිසියේ කම්කරු නායකයා සිය කාර්ය ඉටු කරන ස්ථානය අසලට එම කාර්ය සඳහාය. 
ඇට්ලි තම කාර්ය ඉටුකරමින් වින්ස්ටන්ට පැවසුවේ.


“වින්ස්ටන් අද හරියට ශීතලයි.”


“ඔව්, ක්ලෙමන්ට් - යම්කිසි ලොකු දෙයක් දක්නට ඇත්නම් ඇග හීතල වෙනවා. ඔබේ පක්‍ෂය එය ජනසතු කරනවා නොවැ.” 
බණ්ඩාරනායක අගමැතිතුමා,


ශ්‍රී ලංකාවේ විශිෂ්ට නායකයෙක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා අතිවිශිෂ්ට කථිකයෙකි. ඔහුව හඳුන්වන්නේ “ආසියාවේ රිදී සීනුව” (Asias Silver Tongue Orator)  ලෙසය. උගත් වියත් බණ්ඩාරනායකයන් තමන්ටම ආවේණික ප්‍රතාපවත් ඔදවත් භාෂා ශෛලියක් අනුගමනය කරමින් වාග් ප්‍රහාර (Wit)  එල්ල කිරීමේ රුසියෙකි. මෙවන් දක්‍ෂ කථිකයෙක් ශ්‍රී ලංකාවේ මේ කපේදී බිහි වේ දැයි යන්න සැක සහිතයි.


1958 දී මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී එක්සත් ජාතික පක්‍ෂයේ රැස්වීමක්ද පැවැත්විණි. මුලසුන හෙබ වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. මෙම රැස්වීම අමතා මැද කොළඹින් පැමිණි ප්‍රේමදාස මහතා කතා කරමින් පැවසුවේ,


“නෝනාවරුනි, මහත්වරුනි, අද මෙම බෝගම්බර පිටියට රැස්වෙලා සිටින පහළොස් දහසකට අධික ජනතාව අගමැති බණ්ඩාරනායක දැක්ක නම් ඇත්තටම එතුමාගේ ඇස්වලින් කඳුළු ගංගාවක් නොවෙයි ඇද හැලෙන්නේ වතුර ගංගාවක්” යයි පැවසිය. (එදා රැස්වීමට 4000ක් පමණ සහභාගි විනි)


ඉන් සති දෙකකට පසුව බණ්ඩාරනායක මහතා බෝගම්බර පිටියේ රැස්වීමක් පවත්වන ලදී. එතුමා තම කතාව ඇරඹූ අන්දම අදත් මට මතකය.


“උන්නැහේට වතුරයන්නේ උඩින් නෙවියි යටින්”


“මිත්‍රවරුනි, මීට දින ගණනකට පෙර මැද කොළඹ පැත්තේ ප්‍රේමදාස කියල තරුණයෙක් කියලා තියෙනවා එදා බෝගම්බර පිටියට ආපු ජනතාව දක්කා නම් මගේ ඇස්වලින් වතුර වැක් කෙරෙන්න තිබුණා කියලා. මං අද ඒ තරුණයාට කියනවා අද බෝගම්බර පිටියට පැමිණ සිටින විසිදහසකට (20,000) අධික මහ ජන ගංගාව ප්‍රේමදාස තරුණයා දැක්ක නම් උන්නැහෙට ‘වතුර යන්නේ උඩින් නෙවෙයි- යටින් කියලා.


අත්පොළසන් හඬ ජන ඝෝෂාව මිනිත්තු ගණනක්ම අහස් කුසට පැන නැගුණි.


කඩුගන්නාවේ මරික්කාර්


1956 අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ තරබාරු, ඇමතිවරයා වූයේ කඩුගන්නාව නියෝජනය කළ සී. ඒ. ඇස්. මරික්කාර් මහතාය. ඔහුගේ ඇරයුමක් වන කඩුගන්නාවේ උත්සවයකට සහභාගි වුණු බණ්ඩාරනායක අගමැතිතුමා වේදිකාවට නැග අසුන් ගන්නා විට ඇමති මරික්කාර් පැමිණ සිටියේ නැත. මිනිත්තු පහළොවකින් පමණ පසුව මරික්කාර් මහතා පෙරහරකින් උත්සවය පවත්වන ස්ථානයට සැපත් වූයේ අලියෙක් පිටින්ය. තවත් රැස්වීමකට යාමට තමාට සිදුවී ඇති බැවින් ප්‍රථම කතාව පවත්වන ලද්දේ අගමැති බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ය. එතුමා එදා කතාව ඇරඹුවේ මෙසේය.


අලියෙක් පිට අලියෙක්


“මිත්‍රවරුනි, මං ලෝකයේ රටවල් ගණනකට ගොස් තියෙනවා. හැබැයි මං අද දැක්කා මගේ ජීවිතේ කවදාවත් දැකලා නැති මහා පුදුම දර්ශනයක්. (මොහොතකට කතාව නවතියි) ඒ තමයි, අලියෙක් පිට උඩ අලියෙක් නැඟ ගෙන යන දර්ශනය.”


මුළු දස දෙසම සිනාහඬින් හා අත්පොළොසන් නමින් ගිඟුම් දුණි. 


පාර්ලිමේන්තුවට ආභරණයක්


බණ්ඩාරනායකයන් තරම් අතිවිශිෂ්ට පාර්ලිමේන්තු කථිකයෙක් තවත් කෙදිනකවත් ශ්‍රී ලංකාවේ බිහි වන්නේ නැත. එතුමාගේ ඉංග්‍රීසි, සිංහල කතා එතරම් රසවත්ය. අපූරුය. උගත්කම, වියත් බව, දේශපාලන පරිණත බව. එකී ගැඹුරු හඬින් නිකුත් වේ.
එමෙන්ම, ප්‍රතිවාදීන්ට ඉතා දක්‍ෂ ලෙස වාග් ප්‍රහාර එල්ල කිරීමට, බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට තිබුණේ පුදුම හැකියාවකි.


දැන් ඉර හැරිලා


ශ්‍රී ලංකා එක්තරා පෙදෙසක පහත් කුලයකින් පැවත එන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ය. බණ්ඩාරනායක මහතාට දරුණු ලෙස පහර එල්ල කරමින් පැය ගණනක් කතා කරයි. වේලාව දැන් පස්වරු 7.00ට පමණ ඇත.


බණ්ඩාරනායක මැතිතුමා නැගී සිටිමින්.


“ගරු කථානායකතුමනි, දැන් වේලාව 7.00 පසුවෙලා.”


“දැන් ඉර හැරිලා” යයි පැවසීය.


කලබලයට පත් වුණු අදාළ පහර එල්ල කරන මන්ත්‍රීතුමා “ගරු කතානායකතුමනි, බණ්ඩාරනායක මන්ත්‍රීතුමා, මගේ කුලයටයි ඒ පහර ගැහුවේ. 


මෙම පහත් කුලයේ අයට “ඉර බැස ගිය පසුව, තරමක පිස්සු ගතියක් ඇති වන බව පැවසේ.


බණ්ඩාරනායක නැගී සිටීයි. “ගරු කතානායකතුමනි, මා හොඳ ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෙක්. මා කුල - මල ජාති බේදවලට විරුද්ධයි. අප සැම දෙනා එකම අම්මාගේ දරු කැලක්. කතානායකතුමනි, මා කුල බේදය ගැන කතා කළේ නැහැ. මං කීවේ දැන් ඉර බැස ගොස් ඇති බව පමණයි. මා දැනුත් කියනවා - දැන් ඉර බැහැලා කියල”

 

 


මුළු සභාවම කොක් හඬලා සිනාසෙන්නට විය.

 

 

 

 

 

 


ප්‍රේමසර ඈපාසිංහ



අදහස් (0)

චර්චිල් සහ බණ්ඩාරනායකගේ අපූරු වාග් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

Diyatha News

රට රත් කළ ඇඟ බද්ද
2020 මාර්තු මස 28 12297 2

අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි


ජේ.ආර්.ගෙන් ඇන්.ඇම්.ට චරිත සහතිකයක්
2020 මාර්තු මස 14 6832 1

මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල


ප්‍රභාකරන්​ගේ පළමු උණ්ඩයට බිලිවූ යාපා පටුනේ පළමු පුරවැසියා
2020 මාර්තු මස 14 14539 1

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උද‌ාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි


බත් දුන් පියා නූලෙන් දිවි ගලවා ගත් හැටි
2020 මාර්තු මස 14 14939 4

ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත


ජෝන්ට ඇටවූ මර උගුල්
2020 මාර්තු මස 14 2799 0

කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය


මැතිසබය ගෙදර යැවීමේ පුරාණයෙන්
2020 මාර්තු මස 14 444 0

පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 48 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site